නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
චිත්තානු පස්සනා භාවනාව
“නාම රූප සමුදයා චිත්තස්ස සමුදයො, නාම රූප නිරොධො චිත්තස්ස අත්ථගමො.”
(සං. නි. සමුදයසුත්ත))
නාමරූප හට ගැනීමෙන් සිත හටගනී. නාම රූප නිරෝධයෙන් සිත නිරුද්ධ වේ.
කථංච භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානු පස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු සරාගංවා චිත්තං සරාගං
චිත්තන්ති පජානාති, වීතරාගංවා චිත්තං, සදොසංවා චිත්තං, වීත දොසංවා චිත්තං, සමෝහංවා චිත්තං
වීත මෝහංවා චිත්තං, සංඛිත්තංවා චිත්තං, වික්ඛිත්තංවා චිත්තංවා චිත්තං, මහග්ගතංවා චිත්තං, අමහග්ගතංවා චිත්තං
සඋත්තරංවා චිත්තං, අනුත්තරංවා චිත්තං, සමාහිතංවා චිත්තං අසමාහිතංවා චිත්තං, විමුත්තංවා චිත්තං අවිමූත්තංවා චිත්තං.”
සිත පිළිබඳ යථා ස්වභාවය දකිමින් වාසය කරන්නේ කෙසේද? රාග සහිත සිත රාගසහිත සිතක් වශයෙන් හොඳින් දැනගනී. වීතරාගී සිත (රාගයෙන් තොර) සදොස සිත (තරහසිත) සදොස රහිතසිත. සමෝහ සිත (මෝහයෙන් යුතුසිත) මෝහ රහිත සිත, හැකිලී ගිය සිත (වීරිය හීන සිත) විසිරී ගිය සිත. ධ්‍යාන සිත (ඉඳුරන්ගෙන් මිදුන සිත) දුර්වල සිත, බලවත් නොවූ සමාධි සිත, බලවත් වූ උසස් සිත එකඟ වූ සැමකක්ම මනා සිහියෙන් හඳුනාගතයුතුයි. එසේ හොඳින් දැන මෙනෙහිකරන යෝගියාට මේවා සතු බලය ක්‍රමයෙන් පහළ චිත්ත මට්ටම දක්වා අඩුකරගතහැකිවෙයි. දුරුකරගැනීමේ මගද එයමයි.
පංච නීවරණ ධර්මවලින් මිනිසාගෙන් ලෝකයත්, ලෝකයෙන් මිනිසාත්, වසාගෙන ඇතිනිසා මිනිසා අන්ධයෙක් කරයි (අන්ධ කරණා) නුවණ නැමැති ඇප විනාශකරයි (අචක්ඛු කරණා) මිනිසා දැනුමෙන් පහත හෙලයි (අඤ්ඤාන කරණා) යන බුදු වදන්වලින් මෙහි ඇති අනර්ථකාරී විනාශය හොඳින් විස්තර කරයි.
අභ්‍යන්තර බාහිර ආයතනයන්ගේ හමුවීම නිසා ඇතිවන නීවරණ ධර්ම සංසාරික සතුරු මිතුරු ආකල්ප ඇතිවීම හා පවත්වාගෙනයාම සිදුකෙරෙයි. දේවදත්ත තෙරුන්ගේ බුදුරදුන් පිළිබඳවූ සතුරු ආකල්පයද එබඳුය. අප අතරද මෙවැනි සතුරු ආකල්ප නැත්තේ නොවේ. මා පියන් දරුවන් අතර පවතින සතුරු ආකල්ප අහේතුකව හටගත් ඒවා නොවේ. බොහෝවිට සංසාරික සබඳතාවයන් මුල්වීමටත් ඉඩ ඇත.
කාම වස්තූන් පිළිබඳ කැමැත්ත (කාමච්ඡන්ද) තරහව (ව්‍යාපාද) ඇලෙන ගැටෙන ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වන අතර ඒ බව හඳුනාගැනීමට ඇති සිහිය මෙන්ම නුවණ වසාදමන්නේ මෝහයයි. අනාගාමී මාර්ගඵලාවබෝධය දක්වාම ඇලීම (කාමරාග) ගැටීම (පටිඝ) යන සංයෝජන ධර්ම පවතී. මේවා පිළිබඳ නියම තතු දැනගැනීම ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච නීවරණවලින් අඩාලකරයි.
ධ්‍යාන සමාධි සිතවැඩෙන්නට පටන්ගැනීමෙන් නීවරණ ධර්ම තාවකාලිකව යටපත්වීම, සමනයවීම, පියවරෙන් පියවර පරිසරයට හා කරත්තයට හුරුකරවන ගොනෙකු කරත්තය පිටුපසින් ගෙනයන්නාක්මෙන් පුරුදු කළයුතුයි. සමථ විදර්ශනා භාවනාවන්හි හොඳින් යෙදීමෙන් පාදයක ඇනුණු කටුවක් තැන සොයා ප්‍රමාණය දැන මහත් ඉවසීමෙන් ඉවත්කරන්නාමෙන් නීවරණ ධර්මද හඳුනාගෙනම අස්කළයුතුයි.
අත්දැකීම් මුල්කරගෙන ලබන දැනුම තමන්ගේ දැනුමක් කරගතයුතු අතර අනුන්ගේ දැනුම අල්ලාගෙන සිටීමෙන් සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය ශක්තියක් ගොඩනගාගත නොහැකිය. ඒ අනුව ධම්මානුපස්සනාවෙන් ප්‍රකට කරන්නේ බාහිර දැනුම ප්‍රමාණවත් නොවන බවත් තමා තුළින්ම දැනුම දැකියයුතු බවයි.
මේ අනුව භාවනා කිරීමෙන් පංච නීවරයන්ගෙන් මිදුන සිත (ධ්‍යානසිත) සතිපට්ඨානදේශනාවේදී හඳුන්වාදෙන්නේ – “අනුත්තරංවා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති” – නීවරණයන්ගෙන් මිදී උසස් තත්ත්වයට පත්වූ සිතක් වශයෙන් මනාකොට දැනගැනීම ආදි වශයෙනි.
ජීවිතයක් සැමදා ජීවත්කරවන මායාවෙන් දුකට, අසහනයට, සුසුමට, කඳුලට මෙන්ම සසර සංචාරයට මුල්වන හේතුන් අතර පංච නීවරණයන් ප්‍රධානවේ.
උපාදාන ස්කන්ධ පංචකය
කතමෙව භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය්‍යා පංචුපාදානක්ඛන්ධා
තිස්ස වචනීයං සෙය්‍යථීදං රුපුපාදානක්ඛන්ධා...
(ම. නි. මහා සලායතන)
මහණෙනි කෙලෙස් සම්පූර්ණයෙන් නැතිකිරීම සඳහා අවබෝධකළයුතු දේ කුමක්ද? පංච උපාදානක්ඛන්ධයයි.
සත්වයාගේ ඇතිවීම වෙනස්වෙමින් පැවතීම හා නැතිවීම සඳහා මුල්වී ඇත්තේ පංච උපාදානස්කන්ධයෝය. සසරින් මිදීම අරමුණු කරගෙන විදර්ශනා වඩා යෝගියා මේ සියල්ලම අවබෝධකරගත යුතුයි. මේ සියල්ල යනු කුමක්ද?
“ඉධ භික්ඛවෙ භික්ඛු ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො, ඉති වේදනා, ඉති සඤ්ඤා, ඉති සංඛාරා, ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමො.”
රූපය මේ ආකාරයය. රූපයේ ඇතිවීම මෙසේය. රූපය නැතිවීම මෙසේය. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මෙසේය. ඇතිවීම මෙසේය. නැතිවීම මෙසේය. යනු අනු පිළිවෙලින් දැනගත යුතුය.
මෙහි සමුදය (හටගැනීම) යනු කුමක්ද? කවරෙකු හෝ මේ රූපය මමය. මේ රූපය මගේය. මේ රූපය මගේ ආත්මයයි. වශයෙන් අදහයි. කැමැත්තෙන් පරිහරණය කරයි. ඒ පිළිබඳ ආශාව ඇතිකරගනී. මේ අනවබෝධයෙන් ඇතිකරගත් ආශාව නිසා භව පැවැත්ම සඳහා කර්ම රැස්කරයි. ඒ නිසාම උපතලබයි. උපත නිසා ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස (සුසුම්හෙලීම) ආදි දුක් සමූහයක් අයිතිකරගනී. මේ අනුව වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්ගේ හටගැනීම (සමුදය) ඇතිවෙයි.
අත්ථංගමය යනු කුමක්ද? (අභාවයට යාම) මනා සිහි නුවණින්. අවබෝධයෙන් කෙලසුන් නසන වීර්යයෙන් මේ ස්කන්ධ පහ අල්ලාගෙන (වැළඳගෙන) සිටීමේ ආදීනව, ඇතිතතු දැනීම, නිසා රූපාදි පහ මමය. මගේ ය. මාගේ ආත්මයයි යන පිළිගැනීම හා ආශාව අත්හරීද භවයක් සඳහා කර්ම රැස්නොකරයි. උපතක් සිදුනොවේ. උපතක් නැතිනිසා ජරා ව්‍යාදි මරණාදි දුක්ඛ දෝමනස්සයන්ද අභාවයට යයි. මේ අත්ථංගමයයි.
ස්කන්ධ යනු කුමක්ද?
“කිත්තාවතානු ඛො භන්තේ ඛන්ධානං ඛන්ධාදිවචනංති, යං කිඤ්චි භික්ඛු රූපං
අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තංවා බහිද්ධාවා ඕලාරිකංවා සුඛුමංවා
හීනංවා පණීතංවා යං දූරෙ සන්තිකෙවා අයං වුච්චති රූපක්ඛන්ධො.”
(සං, නි. පුණ්ණමා සුත්ත)
සම්බුදුරජාණන් වහන්ස පංච උපාදානස්ඛන්ධයන්ට – “ස්කන්ධ” යයි කියන්නේ කුමක් නිසාද? මහණෙනි අතීතවූද අනාගතවූද වර්තමානවූද තමාගේයයි පිළිගන්නාවූ තමාගෙන් බාහිරයයි පිළිගන්නාවූ හෝ ගොරෝසු, සියුම්, ලාමක, උසස්, ස්වභාවයෙන් පවතින්නාවූ දුරින් හෝ ළගින් පවතින යම්කිසි රූපයක් ඇද්ද එය රූපස්කන්ධයයි හඳුන්වයි.
මේ සම්බුද්ධ දේශනාවට අනුව ස්කන්ධ යනු සමූහයක් යන අදහස ප්‍රකට කරන්නක් නොවේ. නිරවුල් අර්ථය වන්නේ කාලය (අතීත අනාගත වර්තමාන) හා අභ්‍යන්තර බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත, දුර ළඟ, යන ඉඩකඩ අතර පැවැත්මකි. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම සඳහා ආධාර උපකාර වන්නේ කුමක්ද? රූපස්කන්ධය සඳහා සතර මහා භූතයන් උපකාරවෙයි’ වේදනා, සඤ්ඤා, සංඛාර සඳහා පහස (ස්පර්ශය) ආධාරවේ. විඤ්ඤාණය සඳහා ආධාර වන්නේ නාම රූප දෙකය.
පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ඉගැන්වීම තුළින් අප සම්බුදුරදුන් අනාවරණය කරන්නේ අනන්ත සසරේ සැරිසරන සත්වයාගේ ජීවිතය ගැනය.
නොදැනීම (අවිද්‍යාව) විසින් එහි යථාස්වභාවය ඇදහිය නොහැකි ආකාරයෙන් වැසී පවතී. සද්ධර්ම දේශනාවට අනුව යමෙකුට උපාදානස්කන්ධයන්ගේ නියම තත්ත්වය අවබෝධවීනම් සංසාර ප්‍රශ්නය ඉතිරිනැතිව විසඳාගැනීමට පුලුවන.
උපාදානස්කන්ධයන්ගේ සාමූහික එකතුවෙන් සත්වයෙකු උපත ලබන්නේ කෙසේද?
(1) පොළොව - විඤ්ඤාණයේ පැවැත්මට උපකාරවන රූප වේදනා, සඤ්ඤා, සංඛාර.
(2) ජලය – රූපාදීන් පිළිබඳව පවත්නා ආශාව, නන්දි රාගය.
(3) බීජය – ආහාර සතර සහිත විඤ්ඤාණය, ආහාරනම්, කබලිංකාරාහාර, ඵස්සාහාර, මනොසංචෙතනා ආහාර, විඤ්ඤාණාහාර.
උපාදාන පංචකය පිළිබඳ රාගය (ආශාව) ප්‍රහීනවීමත් සමඟ විඤ්ඤානයේ රඳාපැවැත්ම සඳහා වූ බලය ශක්තිය සිඳීයයි. මේ අනුව රූපාදීන්ගේ බලය නොමැති නිසා විඤ්ඤාණය උපතින් භවයෙන් මිදෙයි. මේ මිදීම විමුක්තියයි. නිවීමයි, නිවනය. මේ නිවීම සැනසුම නිසා කැළඹීමක් කම්පාවක් නොමැතිව පිරිනිවීම සිදුවෙයි.
“ඛීණා ජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං ඉත්ථත්ථායාති.” (සං. නි. බීජ සුත්ත) ඉපදීම නැතිවිය. පිරිසිදු ජීවිතයේ ඵල ලබනලදී. ආර්යමාර්ගය වඩා නිමාකරන ලදී. විමුක්තිය (නිවන) සඳහා කළයුතු අන් කිසිවක් නැත.
ආහාර සතර
(1) කබලිංකාරාහාර
කැබලිකොට සපා අඹරාගන්නා සාමාන්‍ය ආහාර පාන වර්ග මෙයින් ගැනේ. මෙසේ උදරයට යන ආහාරයට කොටසක් පණුවන් ආහාරකොටගනී.කොටසක් උද්රාග්ගියෙන් දැවෙයි. කොටසක් මළ මූත්‍ර බවට පත්වෙයි. කොටසක් රස ඕජාව (රස ධාතුව) වශයෙන් රුධිරයට එක්වී ශරීරය පවත්වාගැනීමට උපකාරවෙයි. අඹ වැනි පැළ වෙන බීජයකට ශක්තිය ඇත්තේ කුඩා පැළයක් ඇති කිරීමට පමණකි. එය මල් ඵල දරන ගසක් බවට පත්වන්නේ පඨවි, ආපෝ ආදී රස ආහාරයන්ගෙනි.
එමෙන්ම කර්මයට හැකියාව ඇත්තේ භවයක උපත ඇතිකරවීමට පමණකි. උපන් සත්වයා ජීවත්කරවීම ආහාරයෙන්ම සිදුකෙරෙයි.
(2) ඵස්සාහාර.
සත්වයා සසර ඉපිදෙමින් මැරෙමින් ඇවිදින්නේ තණ්හාව නිසාය. තණ්හාවට මුල්වන්නේ වේදනාවයි. වේදනාව ඇතිකරන්නේ ඵස්ස (ස්පර්ශයයි) යයි. මේ අනුව සංසාර චක්‍රය පවත්වන්නේ තණ්හාවයි. මේ සඳහා මුල්වන ඵස්සය සංසාරයේම පැවැත්මට උපකාරවන ආහාරයයි.
(3) මනො සවේතනාහාර
සත්වයාගේ මරණයෙන් පසුව ස්කන්ධ පරම්පරාව නොසිඳෙන අයුරු උපතක් සඳහා මුල්වන්නේ කුසල් අකුසල්ය. කුසලාකුසල චේතනා නොමැතිනම් නැවත උපතක්ද නැත. ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් නැතිනම් නාම රූප හේතුඵල ධර්ම පරම්පරාවක් හටනොගනී. මේ සියල්ලටම චේතනාව මුල්වන නිසා එයද ආහාරයකි.
(4) විඤ්ඤාණාහාරය
සංසාර චක්‍රයේ සියලුම කොටස් ඇතිවන්නේ විඤ්ඤාණය හේතුකරගෙනය. අවිජ්ජා, සංඛාරා, නාම රූප, ඵස්ස, වේදනා, තණ්හා ඇතිවීමටත් පැවතීමටත් විඤ්ඤාණය මුල්වන නිසා එයද ආහාරයකි.
උපාදානස්කන්ධ පහ
(1) රූප උපාදානස්කන්ධය
ආධ්‍යාත්මික බාහිර ආයතනයන් මුල්කරගත් රූපය නිර්මාණය වී ඇත්තේ සතර මහා ධාතුන්ගෙනි. මේ ධාතුන්ගේ ස්වභාවය ඇතිවීම, වෙනස්වෙමින් පැවතීම හා නැතිවීමයි. සාමාන්‍යයෙන් කෙලෙස් වැඩි අය රූපය දකින්නේ අල්ලාගන්නේ (උපාදාන කරගන්නේ) රූපය තමාය. රූපයෙන් තමා නිර්මාණය වී ඇත. රූපය ඇත්තේ තමා තුළය. ආදීවූ අනවබෝධයෙනි. මෙයින් මිදීම සඳහා උත්සාහ කළයුතුය. රූපයේ අනිත්‍යය (වෙනස්වීම) ඕනෑම අයෙකුට තමා තුළින්ම දැකීම අපහසු නොවේ. කුඩා පෙන බුබුලු රාශියක් එකට එකතුවී ඇති බිඳෙන සුලු වෙනස්වන සුලු පෙනපිඩකට රූපය සමාන කළ හැකිය. (ඵෙන පිණ්ඩුපමා රූපා)
(2) වේදනා උපාදානස්කන්ධය.
වේදනා නොහොත් විඳීම් සැප, දුක, මැදහත් වශයෙන් ආකාර තුනකි. සෑම විඳීමකම අවසානය එය එපාවීමකි. අනවබෝධයෙන් ඇලීම නිසා නැවත, නැවත, සැප සෙවීම සාමාන්‍ය ස්වභාවයයි. විඳීම ඇතිවන්නේ හේතුවන ඵලයක් වශයෙනි. ඵස්ස පච්චයා වේදනා, ඵස්සය යනු ඇස, රූපය හා සිත එකතුවීමකි. (තින්නං සංගති ඵස්සො) වේදනාව මමය, මගේය, මගේ ආත්ම යයි, නොදැන අල්ලාගැනීමෙන් වැලකීම මැනවි. වේදනාව වහා නැසෙන දිය බුබුලකට සමාන කෙරේ (වේදනා බුබ්බුලුපමා)
(3) සඤ්ඤා උපාදාන ස්කන්ධය
ජීව, අජීව සියලුම වස්තූන් දැන හඳුනාගැනීම සඤ්ඤා නමි. රූප සද්දාදි බාහිර ආයතනයන්ද මෙයට අයත්වේ. මෙහිදීද මුල්වන්නේ ඵස්සයයි. රූප සද්ද හඳුනාගැනීමේදී ඇස, රූපය, සිත – කණ, සද්දය, සිත, ආදී වශයෙන් එකතුවී හඳුනාගෙන ඇලෙයි. ඇලීමත් සමඟ එය ගැටගසාගනී. ගැට ඇතිතාක් තණ්හාව (ආශාව) වැඩෙමින් පවතී. විඤ්ඤාණයේ පැවැත්මට උපකාරවෙයි. සඤඤා උපාදානස්කන්ධය මිරිඟුවකට සමානකොට ඇත්තේ දැකීමක් මිස සත්‍යවශයෙන් පවතින දෙයක් නොවන නිසාය (මරීචිකුපමා සඤ්ඤා)
(4) සංඛාර උපාදානස්කන්ධය
සංඛාර යනු සසර පැවැත්ම සඳහා කර්ම සකස් කිරීමයි. සිතක් සමඟ ඇතිවන චෛතසිකද (සිතුවිලිද) මේ නමින් ගතහැකිය. ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ, සිතක ඇතිවෙයි. අකුසල් මුල්නිසා දුක් විපාක දී නැසීයයි. කුසල් මුල්ද සැප විපාක දී නැසීයයි. මේවා තුළ කිසිදු හරයක් අරටුවක් නැති නිසා කෙසෙල් කඳකට සමාන කොට දක්වයි. (සංඛාර කදලුපමා)
(5) විඤ්ඤාණ උපාදානස්කන්ධය
සත්ව ජීවිතයක පැවැත්ම හා නැවැත්ම සඳහා මූලික බල ශක්තිය වන්නේ විඤ්ඤාණයයි. නාම රූප නිසා ඇතිවෙයි (නාමරූප පච්චයා විඤ්ඤාණං - විඤ්ඤාණ පච්චයා නාම රූපං) තෙල් හා වැටිය ඇතිතාක් දැල්වෙන පහන් සිලක් මෙන් නාම රූප ඇතිතාක් විඤ්ඤාණය පවතී. විඤ්ඤාණය ඇතිවන්නේත් පවතින්නේත් සළායතනතුළය. ඒවා චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ වශයෙන් හැඳින්වෙයි.
සිත (විඤ්ඤාණය) තරම් විසිතුරු දෙයක්වත් බලවත් දෙයක්වත් මේ ලෝකයේ වෙනත් නැත. නරක සිත පුද්ගලයා විපතට හෙලයි. එය බලවත්ම සතුරෙකුටවත් කළ නොහැකිය. කෙනෙකු තිරිසනෙකුද පේ‍්‍රතයෙකුද කිරීමට ලොව ඛ්සිම අයෙකුට නොකළහැකි වුවත් සිතට කළහැකිය.
චිත්තෙන නීයති ලොකෙ
චිත්තෙන පරිකස්සති
ත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු
(සං. නි. දෙවතා)
ලොව සිත විසින් මෙහෙයවනු ලබයි. සිත විසින් අදිනු ලබයි. ලෝකය සිතට වසඟවෙයි.
සිහිය හා නුවණ දියුණු කිරීමෙහිලා වෙහෙසගන්නා වූ යෝගියෙකු රූපාදි ස්කන්ධ පංචකය මමය, මාගේය, මාගේ ආත්මයයි ගැනීම හා සිතීමේ, නන්දිරාගය (ආශාව) ක්‍රමයෙන් අඩුකරගත යුතුය. රූපයේ ස්වභාවය හා එහි ඇතිවන පෙරලීම් තමා තුළින් හෝ බාහිර රූප තුළින් දැණෙනවිට, දකිනවිට රූප තණ්හාව අඩුවීම ආරම්භවේ. එම තණ්හාව නැමති ජලය (නන්දිරාගය) සිඳෙයි. රූප වේදනාදි පොළොව වියලෙයි. ආහාර සහිත විඤ්ඤාණය නැමති බීජය පැළනොවෙයි. (හටනොගනී) “ඉති රූපස්ස අත්ථංගමො” යනුවෙන් ප්‍රකටවන්නේ එයයි.
සසරින් මිදීමේ මේ රහස මනාව දැන හඳුනාගතයුතු වෙයි. මේ සඳහා උපාදාන ස්කන්ධ පංචකය තමා තුළින්ම දැකගැනීමේ හොඳ සිහිය (සම්මාසති, සතර සතිපට්ඨානය) නිතර පවත්වාගැනීම අත්‍යාවශ්‍යවේ.
සංඛිත්තෙන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා - (ධම්මචක්ක සුත්ත)
රූපාදි ස්කන්ධ පහ උපාදාන (අල්ලාගැනීම) කරගැනීම දුකකි.
සළායතන භාවනාව
චක්ඛුඤ්ච පජානාති, රූපෙච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති. සඤ්ඤෝජනං. තඤ්ච පජානාති, යථාව අනුප්පන්නස්ස සඤ්ඤෝජනස්ස උප්පාදොහොති, තඤ්ච පජානාති, යථාච උප්පන්නස්ස සඤ්ඤෝජනස්ස පහානං හොති. තඤ්ච පජානාති, යථාච පහීනස්ස සඤ්ඤෝජනස්ස ආයතිං අනුප්පාදො හොති. තඤ්ච පජානාති.
ඇසද රූපයද මනාව දැනගනී. ඇසත් රූපයත් යන දෙකනිසා ඇලීම මුල්කරගත් බැඳීමද (සංයෝජනය) මනාකොට දැනගනී. යම් අයුරකින් හටනොගත්තාවූ බැඳීමක් ඇතිවේද ඒ බැඳීමද හඳුනාගනී. ඇතිවූ බැඳීම අවබෝධය නිසා නැතිවේද එයද දැනගනී. නැතිවූ බැඳීම ඉදිරියට කිසිකලෙක නැවත ඇති නොවේද එයද දැනගනී.
ආයතන යනු සත්වයාගේ සසර පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම දේ නිපදවන සකස්කරන ස්ථානයෝය. ඒ සැම අධ්‍යාත්මික, බාහිර වශයෙන් බෙදා දැක්විය හැකිද වේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා සිත ඇතුළත ආයතනයක් වන අතර ඒවා පුරාණ කර්ම වශයෙන්ද හැඳීන්වේ. මේ ඇතුළත (ආධ්‍යාත්මික) ආයතන සමඟ ජීවිතයක් පුරා එකතුවී සිටින්නේ බාහිර ආයතනයි. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යනු ඒවායි. යම් පුද්ගලයෙකු නොදැනීම ඬසා මම, මගේ මගේ ආත්මයයි ආයතන පිළිගන්නේද, වැළඳගන්නේද එය දුක පිළිගැනීමත්, වැළඳගැනීමත් වශයෙන් සම්බුදුරදුන් දේශනාකරති.
එම බන්ධනය (සංයෝජනය) ඇතිකරන්නේ විඤ්ඤාණය (සිත) මැදිහත්වීමෙනි. මේ බැඳීම දුරුකරගැනීමෙන් (ජන්දරාගය දුරුකරගැනීමෙන්) දුක් දුරුකරගත හැකිය. ඇස තුළ කිසියම් රූපයක සෙවනැල්ලක් වැටුනවිට ඇසත් රූපයත් අතරට විඤ්ඤාණය පැමිණ ඇස හා රූපය එකට බැඳ (ගැටගසා) දමයි. ඒ බන්ධනය ජන්දරාගය (සංයෝජනය) සසර පුරා සත්වයා ගමන් කරවයි.
යො උභන්තෙ විඳිත්වාන – මජ්ෙක්‍ධ මන්තාන ලිප්පති
තං බ්‍රමි මහා පුරිසොති - සොධ සිබ්බනි මච්චගා
(අ. නි. පරායන සුත්ත)
යම් අයෙකු දෙකොන (ඇසයි රූපයයි) හඳුනාගෙන නුවණින් මැද නො ඇලෙයිද, ඔහුට මම මහා පුරුෂයා යයි කියමි. ඔහු ලෝක මැහුම්කාරියගෙන් (තණ්හාවෙන්) මිදෙයි.
මෙහිදී දෙකොන වශයෙන් හඳුන්වා ඇත්තේ ආධ්‍යාත්මික බාහිර ආයතනයි. එනම් ඇස, රූපය, කණ, සද්දය, නාසය, ගඳසුවඳ, දිව රස කය පහස, සිත ධම්ම, (සිතුවිලි) යනුවෙනි.
මේවා හොඳීන් හඳුනාගෙන “මැද විඤ්ඤාණය” මුල්කරගත් ඡන්දරාගය, සංයෝජනය, ඇලීම, සිදුනොවන අයුරු ආයතන පරිහරණය කිරීමෙන් තණ්හාව දුරුකළ යුතුවේ. මේ කාර්යය සාමාන්‍ය ජීවිතයේදී මනා සිහි නුවණ ඇත්තෙකුට හොඳින් කළහැකිය. කළයුතුය. ආයතන පරිහරණයෙන් තොර ජීවිතයක් නැති නිසා මේ පිළිබඳ සතිය තහවුරු කළ යුතුයි.
තණ්හක්ඛායාධී මුත්තස්ස
අසම්මෝහඤ්ච චෙතසො
දිස්වා ආයතනුප්පාදං
සම්මා චිත්තං විමුච්චති.
(සෝණ ථෙරගාථා)
ආයතනයන්ගේ උපත දැකීමෙන් භාවනානුයෝගියාගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙයි. මෙය නොදැකීමෙන් සංයෝජන බන්ධන ඇතිවෙයි.
ඇස මගේ රූපය මගේ, චක්ඛු විඤ්ඤාණය මගේ යයි අනවබෝධයෙන් ගැනීම නිසා ආයතන උපදී. ඇස වෙනස්වේ. රූපය වෙනස්වේ. චක්ඛු විඤ්ඤාණය වෙනස්වේයයි ගැනීමට සුදුසු අයුරු සිහිය සතිය නුවණ දියුණුවේනම් ආයතන ඉපදීම (ආයතන මුල්කරගෙන ඇතිවන ආශාව, බැඳීම) නවතී. (නිරෝධවේ)
ආයතන භාවනාවේ මුල් පියවරේදී ඇස, ඇස වශයෙන්ම මනාව හඳුනාගනී. රූපයක් ගැන මොනම හැඳින්වීමක්වත් ඇසට නැත. ඇස හරවන සෑම දිසාවකම ඇති රූපවල සෙවනැලි ඇසට අසුවේ. ඇසේ රූප සෙවනැලි විග්‍රහ කරන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණයට එම හැකියාව ඇත්තේ බොහෝ කාලයක් රූප සෙවනැලි ගබඩාකරගෙන ඇති නිසාය. මේ ගබඩාකරුගේ විග්‍රහය තුළින් රූපයක් හඳුනාගෙන අවශ්‍ය ප්‍රයෝජනය ඵලය ලබනවා හැර එය ආශාවෙන් (ජන්දරාගයෙන්) අල්ලාගැනීම සම්පූර්ණයෙන්ම අත්හළයුතුයි අනවබෝධයෙන් රූප තණ්හාවක් ඇතිකරගැනීම සසර පැවත්ම සඳහා ස්ථානයක්, භූමියක්, භවයක් සකස් කරගැනීමක්ම වේ.
අසත් රූපයත් පිළිබඳව කෙරුන මේ විග්‍රහය ඉතිරි ආයතන සියල්ලටම සාධාරණය. දෙවැනි පියවරේදී අවබෝධයේ අඩුකම නිසා ඇසත් රූපයත් අතරවූ බැඳීම හඳුනාගනී. තෙවැනි පියවරේදී ඇතිවූ ආශාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව හඳුනාගනී.
අවසාන පියවරේදී ප්‍රහීනවූ බන්ධනය (ආශාව) නැවත ඇති නොවන බවද දැනගනී. මේ අවස්ථාව වනවිට සති සමාධි මැනවින් තහවුරුවී තිබිය යුතුයි. මේ අවස්ථාව සියලුම බන්ධනයන්ගෙන් සම්පූර්ණයෙන් මිදුනාම නොවේ. සිහිය නුවණ සමාධිය ස්ථිරව පිහිටුවාගැනීම සඳහා මහත් වීර්යයෙන් සතිපට්ඨානය දියුණු කරන යෝගියාගේ ජන්දරාගයෙන් මිදීම ඇරඹුනා පමණි. බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලාටද ආයතන ඇතත් ඒවා මුල්කරගෙන ඇතිවන සංයෝජන, බන්ධන කිසිවක් නොපවතී.
ආයතන ඇතිවී ඇත්තේ නාම රූප මුල්කරගෙනය (නාම රූප පච්චයා සළායතනං) සංසාරික ජීවිතය එයින් පෝෂණයවෙයි. පවතින ජීවිතයකට ආයතන අවශ්‍යවේ. යහපත් ලෙස පවත්වාගෙන යන නිර්වාණාගාමී සුපටිපන්න ජීවිතයකට ආයතන සම්පත්තියක් වන්නේ, ආයතන උප්පත්තිය මනා ලෙස දැනගැනීමෙනි (දිස්වා ආයතනුප්පාදං) ආයතන දොළස ඔවුනොවුන් එකතුවී ඇතිකරගන්නා බන්ධන ඇති නොවන ආකාරයට ඔවුන් පරිහරණය කළයුතු වෙයි.
එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම සඳහා ඇතුළත් මෙන්ම බාහිර ආයතන හඳුනාගැනීමෙන් පමණක් නැවතීමට ඉන් එහා නොයාමට ආයතන සංවරය අවබෝධයෙන්ම පවත්වාගත යුතුයි.
කලු ගොනෙකු හා සුදු ගොනෙකු එකට ඈඳා බැඳ ඇතිවිට බොහෝදෙනා දකින්නේ කලු ගොනාගේ සුදු ගොනා බැඳ ඇති බවකි. නමුත් සත්‍යවශයෙන් සිදුවී ඇත්තේ එක රැහැණක ගොනුන් බැඳ තිබීමයි. මෙහිදී දැනගතයුත්තේ දැකියයුත්තේ ඔවුන් දෙදෙනා බැඳී ඇති රැහැණයි. මේ ආකාරයෙන් ඇසත්, රූපයත්, කණත් සද්දයත්, නැහැයත්, ගඳ සුවඳත් ආදී වශයෙන් බැඳී ඇති රැහැණ, ඡන්දරාගය, බන්ධනය දැකගතයුතුයි. ඒ අනුව සංයෝජනයක් (බන්ධනයක්) පහලවන්නේ ආයතන හේතුකරගෙන බව දැන හඳුනාගත යුතුයි.
මාර්ග ඵල ලාභී බන්ධන මුත්ත ජීවිතයක් උදාකරගැනීමෙහිලා සංයෝජන බන්ධන ක්‍රමයයෙන් අඩුකරගැනීමෙහි ඇප – කැප වීමෙන් උත්සාහ කිරීම මැනවි. මේ සඳහා ආයතනවල ස්වභාවයත්, වෙනස්වෙමින් පවතින ආකාරයත් අවබෝධයෙන් දැකිය යුතු අතර සිහියෙන් හා නුවණින් ආයතන පරිහරණය කළ යුතුවෙයි.
සත්ත බොජ්ක්‍ධංග ධර්ම“ඉධ භික්ඛවෙ භික්ඛු සන්තංවා අජ්ඣත්තං සති සම්බොජ්ඣංගං අත්ථි මෙ අජ්ඣත්තං සති සම්බොජ්ඣාංගොති පජානාති. අසන්තංවා අජ්ඣත්තං සති සම්බොජ්ජධ¼ඩ්ගං. නත්ථි මෙ අජ්ඣත්තංසති සම්බොජ්ඣංගොති පජානාති. යථාච අනුප්සති සම්බොජ්ඣංගස්ස භාවනාය පාරීපූරීහොති තඤ්ච පජානාති. යථාව උප්පන්නස්ස සති සම්බොජ්ක්‍ධංගස්ස භාවනාය පාරීපූරීහොති තඤ්ච පජානාතී.”
මහණෙනි මෙහිලා භික්ෂුව හොඳින් පිහිටි සිහිය තමා තුළ ඇතැයි දැනගනී. එම හොඳ සිහිය තමා තුළ නැතැයි දැනගනී. නැවත එම සිහිය හටගන්නේද එයද හොඳින් දැනගනී. එසේ පිහිටි සිහිය සමථ විපස්සනා වැඩීමෙන් සම්පූර්ණත්වයට පත්වූ බවද මනාව දැනගනී.
බොජ්ඣංග යනු සතර සත්‍යාවබෝධය සඳහා සම්පූර්ණ කළයුතු අංගයෝ සතකි. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධී, සමාධි, උපෙක්ෂා යනු ඒ සතයි. දැන හඳුනාගතයුතු සත්‍ය ඤාණයත් සසර දුකින් මිදීමත් සම්පූර්ණ වන්නේ සත්ත බොජ්ඣංග ධර්ම වැඩීමෙනි.
සති සම්බොජ්ඣංගය :- කායික මානසික කටයුතු පිළිබඳවූ මනා සිහිය (කාය, චිත්ත අනුපස්සනා)
ධම්ම විචය :- සතර සතිපට්ඨානය සිහි නුවණින් විමසීමේ ශක්තිය.
විරිය සම්බොජ්ඣංගය :- සතර සතිපට්ඨානය මුල්කරගෙන කුසල් දහම් සඳහා උත්සාහය දියුණු කිරීම.
පීති සම්බොජ්ඣංගය :- කුසල් දහම් වැඩීමෙන් ඇතිවන සතුට, මෙයින් උදාසීන බව අඩුවේ.
පස්සද්ධි :- සතුට මුල්කරගෙන ඇතිවන කායික මානසික සංසිඳීම.
සමාධි සම්බොජ්ක්‍ධංගය :- අනුපස්සනා සතරතුළ ඇතිවන සන්සුංබව
උපෙක්ඛා :- ජීවිත වෙනස්වීම්වලදී කම්පා නොවීම. මුල්අංග හයම මැදහත්ව පවත්වා ගැනීම.
භාවනාවේ මූලික පරමාර්ථය සිහිය, සති, සමාධි දියුණු කරගැනීමයි. සතිය මුල්කරගත් බෝධිඅංඟ දැන් තමා තුළ හොඳින් ඇති බවත්, නැති බවත්, නැවත ඇතිවෙමින් පවතින බවත්, ඇතිවූ බෝධි අංඟය දියුණුවී සම්පූර්ණත්වයට පත්වූ බවත් හොඳින් දැනගනී.
මෙයින් ප්‍රකටවන්නේ සිහියේ නුවණේ අවස්ථා (මට්ටම්) සතරකි. සිතක, සති සමාධි වැඩෙන ආකාරයත් පිරිහෙන ආකාරයත්, නැවත සුරක්ෂිත වන ආකාරයත් වශයෙන් සිතෙහි පෙරලෙනසුලු ස්වභාවය (අනිත්‍යය) යෝගියා හොඳීන් ඉගෙනගනී. කාය, වේදනා, චිත්ත, ධම්ම යන අනුපස්සනා වඩන, වැඩෙන ප්‍රමාණයට බොජ්ඣංග ධර්මයන්ගේ වැඩීම සිදුවේ. මේ අංග සත පමණක් වෙන්වශයෙන් ගෙන දියුණු කිරීමට නොහැකි වන අතර සතිපට්ඨාන සතර සමඟ සියල්ලම එකවිට දියුණුවට පත්වේ.
බොජ්ඣංග ධර්ම වඩන යෝගියාගේ අනු පිළිවෙළ බවක් දැක්විය හැකිය. පළමු අවස්ථාව ඉඳුරන් සංවර කරගැනීමයි. ආයතන භාවනාවේදී ඇසත් රූපයත් අතර ඇලීමක් මෙන්ම ගැටීමක් ඇති නොවන අයුරු ඉඳුරන් පරිහරණය පිළිබඳ අභ්‍යාසයත්, හුරුවක් මෙන්ම සිහියක් ඇති කරගැනීම.
දෙවැනි අවස්ථාවේදී ඉඳුරන්ගේ සංවරය මුල්කරගෙන සිත කය හා වචනය සංවර කළයුතු වෙයි. (සුචරිතවත් කළයුතුවෙයි) නව කර්ම උපදවන දොරටු තුන කරම ඵල විශ්වාසයෙන් යුතුව පරිහරණය කිරීමට මෙන්ම දුකක්, වේදනාවක්, නොසන්සුන්වීමක් සිදු නොවන අයුරු හොඳ මානසික පසුබිමක් නිතර පවත්වා ගතයුතුයි.
තෙවැනි පියවරේදී සුචරිතවත්වූ තුන් දොර පදනම් කරගෙන සතර සතිපට්ඨානය වැඩීම පටන්ගැනේ. මෙහිදී වීර්යය, (කෙලෙස් තැවීමේ) නුවණ, සිහිය ගොණුවීම, සමාධිගතවීම, නිසා ඇලීම – ගැටීම දුරුවෙමින් තහවුරු වන සතිය (සතිපට්ඨානය) බෝධි අංග සත දියුණුවට පත්වීමේ කායික මෙන්ම මානසික පරිසරය යහපත් ලෙස උදාවෙයි.
මේ අනුව ඉන්ද්‍රිය සංවරය, තුන්දොර සුචරිතවත්වීම, සතර සතිපට්ඨානය වැඩීම හා සත්ත බොජ්ඣංග ප්‍රගුණ කිරීම චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා අනුපිළිවෙළින්ම සම්පූර්ණ කළ යුතු වේ.
“ඉමෙඛො කස්සප සත්ත බොජ්ඣංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති.” (චතුභාණවාරපාළිය, කස්සප බොජ්ක්‍ධංග සුත්ත) කාශ්‍යපය මේ බොජ්ඣංග සිත මා විසින් හොඳහැටි කියන ලද. හොඳට පුරුදු කරන ලදහ. නැවත නැවත පුරුදු කරන ලදහ. ඒ සම්බෝධි අංග සත උසස් දැනීම පිණිස සත්‍යාවබෝධය පිණිස නිවන් පිණිස පවත්නාහ.
චතුරාර්ය සත්‍යය“කථංච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, චතුසු අරියසච්චෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛ නිරෝධොති යථාභූතං පජානාති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථාභූතං පජානාති.” සතර සත්‍ය ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ ඇති සැටිය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද?
(1) මෙය වනාහි සත්‍යයක් වශයෙන් පවත්නා දුකයයි නියමාකාරයෙන් දැනගනී.
(2) මෙය වනාහි එම දුකට මුල්වූ කාරණයයි දැනගනී.
(3) මෙය වනාහි එම දුක නිරුද්ධකර (නැතිකිරීම) දැමීමයයි දැනගනී.
(4) දුක නැතිකිරීම සඳහා අනුගමනය කළයුතු වැඩපිළිවෙළ මේ යයි දැනගනී.
සතර සතිපට්ඨානය වැඩීමේ ප්‍රධාන පරමාර්ථය සතර සත්‍යාවබෝධයයි. සසර දුකින් මිදීම සඳහා දැන හඳුනාගෙන සංවර්ධනය කළයුත්තේ සතිපට්ඨාන සතරයි. එම නිසා විමුක්තියේ එකම මග මෙය වශයෙන් නම්කොට ඇත.
“සත්තානං ෂසුද්ධියා” සත්වයන්ට පිරිසිදුවීම පිණිස, සෝ සුසුම් හැඬීම් වැලපීම් වලක්වාගැනීම පිණිස (සොක පරිද්දවානං සමතික්කමාය) කායික මානසික දුකින් මිදීම පිණිස (දුක්ඛදොමනස්සානං අත්ථංගමාය) චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස (ඤායස්ස අධිගමාය) සිත තණ්හාවෙන් සදහටම මුදාගැනීම සඳහා (නිබ්බානා සච්ජිකිරියාය) එකම නොවරදින ගමන් මග සිත මනාව පිහිටුවාගැනීම (ඒකායනො අයං භික්ඛවෙ මග්ගො)
සෑම සම්බුද්ධ දේශනාවක්ම අවසන් කරන්නේ අසන්නා සත්‍යාවබෝධයට නිවන් මගට යොමු කරවීමෙනි. ඒ අනුව මහා සතිපට්ඨාන දේශනාවද චතුරාර්ය සත්‍ය දේශනාවෙන් අවසන්වෙයි.
* ලෝකයේ පවතින සැබෑම සත්‍යමය දෙයත්, කිසිලෙසකින් වෙනස් නොවන දේත්, වෙනස්කළ නොහැකි එමකම දේත්, චතුරාර්ය සත්‍ය දේශනාවයි.
* බුද්ධ උප්පාද කාලයක හැර වෙනත් කිසිදු කාලයක හඳුනාගැනීමට නොහැකි එකම සත්‍යයත් සතර සත්‍යයම පමණි.
* සැබෑම මිතුරන් විසින් සැබෑම මිතුරන්ට කළයුතු උතුම්ම සංග්‍රහය සතර සත්‍යාවබෝධයට යොමු කිරීමයි.
* සම්බුදුවරයෙකු ලෝකයේ පහලවන්නේම ලෝකයාට චතුරාර්ය සත්‍යය මනාව පහදාදීම සඳහාමය.
දුක්ඛ ආර්ය සත්‍යය“කතමංච භික්ඛවෙ දුක්ඛං අරිය සච්ඡං” මහණෙනි ලෝකයේ සත්‍යයක් වශයෙන් පවත්නා දුක්ඛිත සත්ත්වය යනු කුමක්ද?
ඉපදීමට සිදුවීම (ජාති) දිරීමට පත්වීම (ජරා) රෝගයන්ට පත්වීම (ව්‍යාධි) මරණයට පත්වීම (මරණංපි දුක්ඛං) සිත දුකින් වෙලාගැනීම (සෝක) නම්, ගොත්, සබඳතා කියමින් හඬා වැලපීම, (පරිදේව) කායිකව ඇතිවන මහත් පීඩාව (දුක්ඛ) සිතේ හටගන්නා දුක්ඛ සංතාප (දොමනස්ස) ඇතිවූ දුක ගැන සිතමින් සුසුම් හෙලීම (උපායාස) අපි‍්‍රය අරමුණු හා පුද්ගලයන් ඇසුර (අප්පියෙහි සම්පයොගො) පි‍්‍රය අරමුණුවලින් හා පුද්ගලයන්ගෙන් වෙන්වීම (පියෙහි විප්පයෝගො) කැමතිදේ නොලැබීම (යම්පි ඉච්චං න ලභති) කෙටියෙන් පංච උපාදාන ස්කන්ධයෙන්ම දුකකි (පංච උපාදානක්ඛන්ධා දුක්ඛා)
මේ දුක් ලැයිස්තුව විග්‍රහකිරීම යනු උපතත් මරණයත් අතර ගතවෙන සත්ව ජීවිතයක් විග්‍රහ කිරීමකි. මේ සත්ව ලෝකය දුක පදනම් කරගත් එකක් වශයෙන් සම්බුදුරදුන් දක්වා ඇත්තේද එම නිසාය. (දුක්ඛෙ ලොකො පතිටඨිතො)
මිනිසෙකු දුක් නමින් හඳුන්වන මේ සියලුම ජීවිත අත්දැකීම් ජීවිතයක් තුළ අඩු වැඩි වශයෙන් ලබන නමුත් සිහි හා නුවණ තරමක් හෝ නොමැති නිසා, ලෝකයාගේ අඩු පාඩු නිසා තමා දුක් විඳින අවාසනාවන්ත අයෙකු බවට පත්වී ඇතැයි චෝදනා කරයි.
තමාගේ ඇතැම් අඩු පාඩුකම් නිසා, ලෝකයා දුක් විඳින අවස්ථාවන්ද නැත්තේ නොවේ. එය ලෝකයේ ස්වභාවය දැන ගැනීමට ද හොඳම අවස්ථාවකි.
පිළිකුල් නින්දා සහගත (දූ) හරයක් නැති හිස් දේ (බ) දුක් වශයෙන් වචනාර්ථයෙන් විග්‍රහවී ඇතත් මේ සැම දෙයක්ම (සෑම දුකක්ම) ලෞකික ලෝකෝත්තර ජීවිත පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යය. ලෝකය (ජීවිතය) දෙස දියුණු කරගත් නුවණින් සිහියෙන් විමසා බැලීම සිදුකළ යුතු ආකාරය සතිපට්ඨාන දේශනයෙන් මනාව පැහැදිලි කරයි.
මෙහිවූ හිස් බවත්, පිළිකුල්සහගත බවත් මුල්කරගෙන අවදියෙන් ක්‍රියාත්මක වනවිට ජීවිතයක සරු නිසරු භාවයත්, එහි ඇතිසැටියත්, දැන හඳුනාගැනීමෙන් යහපත්වූ සැනසුමෙන් හා නිදහසින් පිරුණ බන්ධන මුක්ත (නොබැඳී) ජීවිතයක් උදාකරගත හැකි වෙයි.
ලෝකයේ ඇති අතිශයින්ම ප්‍රායෝගික දුක්ඛ දෝමනස්සය වන්නේ අපේක්ෂා බහුලත්වයයි. අපේක්ෂා, බලාපොරොත්තු, ආශා, තණ්හා, සතුටුවියහැකි ආකාරයට විසඳී, විසඳාගෙන ඇත්තේ ලෝකෝත්තර පක්ෂයෙන් බුදු පසේබුදු මහ රහතන්වහන්සේලා පමණි.
එයද මානසික පක්ෂයෙන් පමණකි. උන්වහන්සේලාටද සිදුවූ, මුහුණදුන් සිව්පස ප්‍රශ්න, සතුරන්ගේ අනේකවිධ බලපෑම්, දිරීම, රෝග, මරණ කොතෙකුත් වූ බව චරිත කථාවන්ගෙන් ප්‍රකටවෙයි.
අෂ්ටලෝක ධර්ම විෂයෙහි කම්පා නොවන සිතක් උදාකරගෙන තිබුන නිසා උන්වහන්සේලා අනිකුත් ලෝකයා මෙන් වෙනස් නොවීම මෙහිලා විශේෂයකි.
සාමාන්‍ය ලෝකයාට පමණක් නොව විශේෂ ධර්මාවබෝධයක් ලබා ඇතැයි සිතන බොහෝදෙනාට වුවද බලාපොරොත්තු කඩවීමක්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමක්, ලෙඩවීමක් ඇතිවූවිට ධර්මය, බුද්ධ දේශනාව අමතකවී ලෝකයාට දෙස් දෙවොල් (චෝදනා) තබන අවස්ථා සමස්ත සමාජයේ නිතර දක්නට (ඇසීමට) ලැබේ. මේ ලෝක ස්වභාවයයි.
තමා තුළින් ධර්මය දෙස බලන්නට හෝ ධර්මය තුළින් තමා දෙස බලන්නට බුද්ධ ශ්‍රාවකයා නිතර පුරුදුවීම මේ අනුව වඩාත් වැදගත් වේ.
ලෝකයේ බොහෝදෙනා උත්සාහ කරන්නේ පහසුකම් වැඩිකර අපහසුකම් අඩුකරගැනීමටය. ඒ සඳහා ළංකරගන්නා, අයිතිකරගන්නා බොහෝ දේ අතර තමන් සිරකරුවෙකු, මුරකරුවෙකු වීම වලක්වාගත නොහැකිව අෙඳීනා නගමින් දුක්වන අවස්ථා එමටය.
එනිසාම එදිනෙදා තමා වටා රැස්වන, රැස්කරන අවශ්‍යයයි සිතන සැම දෙයකම ඇති වෙනස්වීම හා හිස් බව විමසා බැලීම සඳහා සිහිය නුවණ රැකැගැනීමට වෙහෙසීම පරෙස්සම් වීම දුක පිලිකුල් කරන අයෙකුගේ මූලික ලක්ෂණය වීම මැනවි.
“ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති.” මෙහි හරයක් නැත. එබැවින් මෙය හිස්ය. අපිරිසිදු දේ රැස්වීම පි‍්‍රය මනාපය අඩුවීම නිසා මෙය පිළිකුල්ය. මේ කුමන විඳීමක් වුවත් අවසානය ඇතිවීමකි. වෙහෙසකි. තරසයකි. ආදී වශයෙන් නියම සත්‍ය තත්ත්වය තමා තුළින්ම දැන හඳුනා ගැනීම, දැකීම සත්‍යවශයෙන්ම දුක ඇතැයි අවබෝධ ඤාණය ලැබීමයි. ඒ අනුව ඇතිවූ හඳුනාගත් දුක මුල්කරගෙන සුසුම් හෙළීම ජීවිතයට උරුමකරගත් පිරියක් නොවන්නේ නම් මැනවි යන සංකල්පනාව ඇතිවේ.
සමුදය ආර්ය සත්‍යය“කතමංච භික්ඛවෙ දුක්ඛ සමුදයං අරියසච්චං, යායං තණ්හා පොණොභවිකා නනන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දනී සෙය්‍යථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා”
මහණෙනි දුක සකස්වීමට මුල්වන කාරණය, සත්‍ය වශයෙන් කුමක්ද ? නැවත නැවත භවයේ පැවැත්ම සදන්නාවූ ආශ්වාදයෙන් ඇලුනාවූ ඒ ඒ භවයන්හි මහත් සතුටින් පිළිගන්නාවූ යම් ආකාරයක තණ්හාවක් වේද එය කවරේද ? පංච කාම වස්තූන් කෙරෙහි ඇතිවන්නාවූ කාම තණ්හාවය. භවයේ පැවතීම සඳහා බැඳීගිය භව තණ්හාවය, භවයක පැවත්මකින් තොරව සිටීමට ඇති ආශාව විභව තණ්හාවය.
දුක්ඛ ආර්ය සත්‍යයේ එකම හේතුව (දුක් ඇතිවීමට හේතුව) තණ්හාවයි. ආශාවයි. මේ තණ්හාව ඇතිවන්නේ හටගන්නේ කොහිද ? (තත්ථ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති) මේ තණ්හාව පවතින්නේ කොහි ද ? (කත්ථ තණ්හා නිවීසමානා නිවීසති) මේ තණ්හාව හටගන්නේත් පවතින්නේත් මේ ලෝකයේ ප්‍රිය මිහිර ස්වරූපයෙන් පවත්නා දේ තුළයි. (ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති) ලෝකයේ පවත්නා පි‍්‍රය මිහිරි දේ කුමක් ද?
*අභ්‍යන්තර බාහිර ආයතන දොළසයි. (ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත / රූප, සද්ද, ගන්ධ, රස, පහස, ධම්ම)
*ඇස ආදිය මුල්වී රූපාදි බාහිර ආයතන දැනගැනීම (චක්ඛු විඤ්ඤාණය)
ඉදිරියට කියවන්න (ක්ලික් කරන්න)