නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
සතිපට්ඨාන දේශනා
*ඇසත් රූපයත් සිතත් එකතුවීම (චක්ඛු සම්පස්සො)
*ඇස රූපය සිත එක්වීමෙන් ඇතිවන වේදනාව (වින්දනය) (චක්ඛු සම්පස්සජා වෙදනා)
*රූපාදි බාහිර ආයතන හඳුනාගැනීම (රූප සඤ්ඤා)
*හඳුනාගත් රූපාදි ආයතනවලට අනුව චේතනා ඇතිවීම (රූප සඤ්චෙතනා)
*හඳුනාගත් රූපාදීන් කෙරෙහි ආශාව ඇතිවීම (රූප තණ්හා)
*හඳුනාගත් රූපාදීන් ගැන කල්පනාකරමින් සිටීම (රූප විතක්කො)
*හඳුනාගත් රූප ගැන නැවත නැවත සිතමින් සිටීම (රූප විචාරො)
සසර පැවැත්ම සඳහා සියලුම දේ නිපදවන අභ්‍යන්තර බාහිර ආයතනවලින් වෙන්කළහැකි ජීවිතයක් නැත. ඒ ආයතන ඇසුරුකරගෙන කිසිදු ඉඩක් අතරක් නැතිව උපදින , පවතින මේ තණ්හා ආශා ඒකාන්තයෙන්ම ජීවිතයක් පුරා ශෝකය (දුකින් සිත වෙලාගැනීම) මෙන්ම භය ඇතිකරයි. (තණ්හාය ජායති සෝකො තණ්හාය ජායති භයං)
සත්‍යවශයෙන් ඇතිදුක දැන හඳුනාගතයුතු (පරිඤ්ඤෙය්‍ය) ධර්මයක් වශයෙන්ද දුක ඇතිකරන තණ්හා ආශාවන් දුරුකළයුතු (පහාතබ්බ) ධර්මයක් වශයෙන්ද ධම්මචක්ක දේශනාවේ සම්බුදුරදුන් දක්වති. යමක් ජීවිතයක් තුළින් නිසි අයුරු බැහැර කළ හැක්කේ ඒවාහි ඇති නියම සත්‍යතත්වය ජීවිතය තුළින්ම දැනගැනීමෙනි. මේ සඳහා සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගියා ආයතන මුල්කරගෙන වැඩෙන, ඇතිවන, තණ්හාව හොඳින් දැක විභසා ක්‍රමයෙන් පියවරෙන් පියවර අඩුකරගැනීමට, නැවත ඇතිනොවන අයුරු සිත සුරැකීමට සතර සම්‍යක් ප්‍රධන් වීර්ය වැඩියයුතුවේ.
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය.
“කතමංච භික්ඛවෙ දුක්ඛ නිරෝධං ආරියසච්චං, යො තස්සායෙච තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො සා ඛො පනෙසා භික්ඛවෙ තණ්හා, කත්ථ පහීයමානාපහීයති, තත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. යං ලොකෙපියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති. එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. තංච ලොකෙ පියරූපං සාතරූපං”
මහණෙනි උතුම් සත්‍යයක්වන දුක සදහටම නැතිකරදැමීම යනු කුමක්ද? ඒ තණ්හාව ආශාව ඉතිරි නැතිව නැතිකර දැමීමක් වේද, අත්හැරදැමීමක් වේද, ජරුකර දැමීමක් වේද, මිදීමක් වේද, ඇලීම හැරදැමීක්වේද, මහණෙනි ඒ තණ්හාව ප්‍රහීනවන්නේ නිරුද්ධවන්නේ කොහිදීද, ලෝකයේ ප්‍රිය මිහිරිදේ කෙරෙහි හටගත්තා වූ ඒ තණ්හාව ප්‍රිය මිහිරි දේ තුළම ප්‍රහීනවෙයි නිරුද්ධවෙයි (නැතිවෙයි) ලෝකයේ ප්‍රිය මිහිරිදේ මොනවාද ?
ලෝකයේ පවත්නා ප්‍රිය මිහිරි දේ නම් අභ්‍යන්තර හා බාහිර ආයතන සමූහයයි. ඒ අනුව ආයතන දොළසක් තුළ හටගත්, පවතින තණ්හාව ඒවාතුළදීම ප්‍රහීනවෙයි. නිරුද්ධවෙයි. අභාවයට යයි.
නිරෝධය යනු ඇතිදෙයක්, ඇතිබව හොදින් දැන නැති කිරීමයි. නිරෝධයේ ස්වභාවය දක්වන සම්බුදුරදුන් ඉතිරියක් නැතිව නැති කිරීම
අත්හැර දැමීම
නැවත ඇතිනොවන අයුරු දුරුකිරීම
තණ්හාවෙන් මිදීම (මුත්ති)
ඇලීමෙන් වැලකීම
ආදීවශයෙන් විශේෂ අවධානයකට යොමුකරවති. නිරෝධය තිබියයුතු පූර්ණ විශේෂතා රැසක් යෝගියා මෙයින් හඳුනාගනී.
ලෝකයේ ප්‍රිය මිහිරිදේතුළ හටගන්නේ වැඩෙමින් පවතින්නේ සත්වයාට එතරම් ප්‍රිය මිහිරි දේ නොවේ. ලෝකයාගේ ස්වභාවය වූ අන්ධභාවය (නොපෙණෙනසුලු බව) (අනුධභූතො යං ලොකො) මෙයින් වඩාත් ප්‍රකටවේ. ආයතන පරිහරණය කරමින් ගතකරන මුලු දවස පුරාම සියලු දුක්ඛ දෝමනස්සයන්ට මුල්වන තණ්හාව සෑම ආකරයකින්ම අඩුකරගැනීම, ආශාවන් තහවුරු නොවන අයුරු සිහි නුවණින් කටයුතු සංවිධානයකරගැනීම අත්‍යාවශ්‍ය වේ.
බුද්ධානුසාසනාවට අනුව ඇස - රූපාදි ආයතන නිතර ආශාවෙන් ඇද – බැඳ ගැනීමෙන් තොරව ප්‍රයෝජනයට ගැනීමට පමණක් පුරුදුකරගැනීම තණ්හාවෙන් මිදීමේ එකම මගයි. මේ සඳහා විසිතුරු පෙනුමෙන් අප ඉදිරියට එන බාධක, මාර බාධක වශයෙන් හඳුනාගැනීම වඩාත් උචිතය.
යමක් එකවර පිසදැමීමක් නිරෝධයක් නොවේ. දුකට අකමැතිනම් රිදෙන සිත ඉවසාඉන්නට අපහසුනම් රෝග නිධානය සොයා එයට පිළියම්කරන වෛද්‍යවරයෙකුමෙන් මහත් ඉවසීමෙන් මෙන්ම සිහිනුවණින් තමා අකමැතිදේ කරන්නා හොඳින් හඳුනාගෙන තමා පිළිගැනීමට අකමැති මිතුරෙකු ඇසුරෙන් ගණුදෙනුවලින් මෙන්ම හමුවීමෙන් ඈත්කරන්නාක්මෙන් තණ්හා ආශාවන් හට නොගන්නාඅයුරු, ඒකරාශී නොවන අයුරු තමාගේ ජීවන රටාව, ජීවිත පැවැත්ම හොඳින් සංවිධානයකරගැනීමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ එකම මග, සත්පුරුෂ මාර්ගය එයයි.
තණ්හා ආශා පදනම්කරගෙන පවතින ජීවිතයේ විපරිනාමය (වෙනස්වීම) බොහෝදෙනා හඳුනා ගන්නේ ජරා - ව්‍යාධීන්ට ගොදුරුව කයින් මෙන්ම සිතින් දුබලවනවිටය. ලෝකයේ කිසිදු අයෙකු දැනගෙන දුක් රැස්කරන්නේ නැත. සැපයයි, හොඳයයි තණ්හාවෙන් මුලාවී දුක්විඳින්නන්, සැප විඳියයි. අනවබෝධයෙන්, සැපයයි ව්‍යාජයෙන් තමා අවට ගොඩගසාගත් සිලිසිලි බෑගයේ සිට මහා මන්දිර දක්වා කරදර ගැටලු වේදනා භය ඇතිකරගන්නේම රැස්කරන බොහෝදේ පිළිබඳ මිළ හැර, වටිනාකම නොදන්නා බැවිනි.
ආශා තණ්හා සාමාන්‍ය ලෞකික ජීවිතයක ප්‍රධාන අංගෝපාංගය, කොපමණ රසවත්වුවත්, විටමින් බහුල වූවත්, සොයාගැනීම අතිශයින් දුෂ්කරවූවත්, ආහාරයක් ගැනීමේ වේලාවක් මෙන්ම ප්‍රමාණයක් ඇත. එය නොසලකා දිරවාගැනීමට නොහැකි ප්‍රමාණයක්, ආහාර ගතහොත් ඔහු ඒකාන්ත වශයෙන්ම රෝගියෙක් වනු ඇත. එමෙන්ම පුද්ගලයෙකු තමාට ඉසිලීමට තරම් නොවන අයුරු ආශා තණ්හා හිමිකර ගතහොත් දුක්ඛ නිරෝධයක් සඳහා ලැබෙන අවකාශ මදය.
දැන නොදැන හෝ පරපුරෙන් එක්රැස්වූ දෙයක් හෝ, සම්පූර්ණයෙන්ම අත්හැර, විනාශ කිරීමක් මෙයින් අදහස් නොකරයි. ධාර්මිකව වස්තු සම්පත් සපයාගැනීම බුදුසමයෙන් අනුමතය. මෙහි වරද වස්තු සම්පත් නොව ඒවා පිළිබඳව අනවබෝධයෙන් ඇතිකරගන්නා අසීමිත ආශාවයි තණ්හාවයි.
ඒ අනුව ලෝකයේ සැනසුම සතුට දුරින්ම දුරුකරන දුක් දොම්නස් ක්‍රමයෙන් අඩුකරගැනීමට නම් රූපාදීන්ගේ ඇලීම මුල්කරගත් කාම තණ්හා, භවයේ පැවැත්මට ආහාකරන භවතණ්හා, භවයෙන් තොරව පැවතීමේ ආශාව නම් වූ විභවතණ්හා යන තණ්හාවන් සඳහා වැට කඩුලු තරකරගතයුතුය.
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය.
කතමංච භික්ඛවෙ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරියසච්චං අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං සම්මා දිට්ඨි. සම්මා සංකප්පො, සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි.
මහණෙනි දුක නැතිකිරීම පිණිස ක්‍රියාත්මක කළයුතු පරම සත්‍යයක් වශයෙන් සැලකෙන වැඩ පිළිවෙළ කුමක්ද ? එයනම් අංග අටකින් යුක්ත උතුම් වැඩපිළිවෙළයි.
1.යහපත් අවබෝධඥාණය. 2. යහපත් කල්පනා කිරීම. 3. යහපත් වචනය. 4. යහපත් වැඩකටයුතු. 5. යහපත්ලෙස ජීවත්වීම. 6. යහපත් උත්සාහය. 7 . යහපත් සිහිය. 8. යහපත් සිතේ එකඟබව.
ලෝකයේ සැමදා පවතින පරමසත්‍යයක් වශයෙන් ලෝකයා විසින් හඳුනාගතයුතු දුක්ඛ සංකල්පය ඇතිවීමේ හේතුව (දුක්ඛ සමුදය) නැතිකළයුතු බව (දුක්ඛ නිරෝධය) නැතිකිරීමේ ක්‍රියාමාර්ගය යන ඇත්ත හතර මහත් ඇපකැප කිරීම්තුළින් බාහිර කිසිම අයෙකුගේ මග පෙන්වීමක් නොමැතිව දැනගතයුතුය. සියලු ආකාරයෙන් දැනගතයුතු සියලුම දේ අවබෝධ කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා වසර හතලිස් පහක් (වසර 45ක් ) එම ලෝක සත්‍යයන් ලෝකයාට අනාවරණය කිරීම් වශයෙන් කොටස්කොට බෙදා (විභජ්ජවාදී දේශනාව) දේශනාකළ ශ්‍රේෂ්ඨතම සැලැස්ම චතුරාර්ය සත්‍ය දේශනාවයි.
ලෝකයේ නියමසත්‍යයන් දැන - හඳුනාගෙන ජීවිතයක් තුළින් සියලුම දුක් කරදර පිසදැමීමේ එකම ක්‍රියාමාර්ගය ආර්ය අෂ්ටාංගික ධර්ම මාර්ගයයි.
ලෝකයා සැප කැමැත්තෝය. කැමති දේ සෙවීම හා සොයාගත් දේ රැකගැනීම මෙන්ම සංවර්ධනය කරගැනීමට වෙහෙසීම ලෝකස්වභාවයයි. එම කල්පනා හා වෑයම්කිරීම් තුළ ඇති ඇතැම් අඩුපාඩුකම් නිවැරදිව මහත් කරුණාවෙන් තම ජීවිතය පුරා පෙන්වා වදාළ සම්බුදුරදුන් මෙලොව වෙනස්වන සතුට සහනය සඳහා බුද්ධ සේවාවේ ප්‍රධානම අංගය වන සතර සත්‍යයන් වෙත ශ්‍රාවකයන් යොමුකළහ.
හොඳ සිහිකල්පනාවෙන් අසන්න (සුනාථ) ඇසූ දේ, අසන දේ හැකිපමණින් ජීවිතය තුළ රඳවාගන්න (ධාරෙථ) දැන හඳුනාගත් යහපත් දේ ජීවිතයතුළ වැඩෙන්නට මෝරන්නට ඉඩඅවකාශ සලසන්න (චරාථ ධම්මෙ) ආදී වශයෙන් ශ්‍රාවකයන් ඇමතූ උන්වහන්සේ මේ සත්‍යවශයෙන් පවත්නා දුකය. ලෝකයේ පදනම මේය. මේ අහිමිරි දුක ඇතිකරන්නේ පවතින්නේ ලෝකයා මිහිරිය. ප්‍රියය යයි නම් කොට ප්‍රයෝජනයට ගන්නා අභ්‍යන්තර බාහිර ආයතනයන් තුළයයිද දුක්ඛ දෝමනස්සයන් අකමැති සියලු දෙනාම අභිතවාදී දුක්ඛවාදී ආයතනයන්ගේ ග්‍රහණයෙන් මිදියයුතුය.
ඒ බන්ධන, සංයෝජනවලින් මිදී සැනසුම සහනය සඳහා මේ ලෝකයේ සත්‍යවශයෙන් ඇත්තේ එකම ගමන් මගයි. ඒ ගමන්මගනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙහි එන සැනසුමේ පියවර අටනම්.
1.ජීවිතය පිළිබඳ යහපත් අවබෝධඥානය (සම්මා දිට්ඨි)
2.ජීවිතය පිළිබඳ යහපත් කල්පනාව (සම්මා සංකප්ප)
3.ජීවිතය පිළිබඳ යහපත් වචන කථාකිරීම (සම්මා වාචා)
4.ජීවිතය පිළිබඳ යහපත් වැඩ කටයුතුවල යෙදීම. (සම්මා කම්මන්ත)
5.යහපත් ජීවිතයක් පවත්වාගෙන යාම (සම්මා ආජීව)
6.යහපත් ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා කරන උත්සාහය (සම්මා වායාම)
7.යහපත් ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා සිහියෙන් යුක්තවීම (සම්මා සති)
8. යහපත් සිතෙහි එකඟබව ඇතිකරගැනීම (සම්මා සමාධි)
සම්මා දිට්ඨි
සත්‍යවශයෙන් පවත්නා දුක දුකට මූලික හේතුව, හේතුව නැතිකිරීම, ඒ සඳහා අනුගමනය කළයුතු වැඩ පිළිවෙළ, මේ සතර සත්‍යයන් පිළිබඳ මනා අවබෝධය සම්මා දිට්ඨි වශයෙන් දැක්විය හැකිය. මේ සතරට වඩා ලෝකයේ දැනගතයුතු දැකිය යුතු වෙනත් යමක් නොමැත. ජීවිතයක සම්පූර්ණත්වය, සහනය, මිදීම යන සියල්ලෙන්ම එය සම්පූර්ණයය.
යහපත් දැකීමක් ඇත්තා තිදොරින් සිදුවන සියලුම අකුසලින් මිදෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තමාතුළින්ම දකී. පටිච්ච සමුප්පාද ධර්මයද අවබෝධකරගනී. මේ සියලු දේ මුල්කරගෙන ලෝක ස්වභාවය ගැන තම ජීවිතය ගැන නිවැරදි අවබෝධයක් ක්ෂාක් ක්ෂාත් කරගනී. මේ පළමු අංඟය ප්‍රඥාව තහවුරුකරන්නේ අනිකුත් අංඟ සතේම ජීවය හොදින් ලබාගැනීමෙනි.
සම්මා සංකප්ප
ජීවිතාබෝධය සදහා යහපත්ලෙස පවත්වාගතයුතු කල්පනාව යනු කුමක්ද ?
1.දුකින් නිදහස්වීම මුල්කරගත් කල්පනාව (නෙක්ඛම්ම සංකප්ප)
2.තරහවෙන් තොර (මෛත්‍රි, කරුණා)මුදු මොලොක්සිත (අව්‍යාපාද සංකප්ප)
3.හිංසා චේතනාවෙන් තොර සත්ව දයාවෙන්යුතු කල්පනාව (අවිහිංසා සංකප්ප)
සියලු ලෝකයා පිරිසිදුකරන්නේත්, අපිරිසිදු කරන්නේත් සිත මුල්වීමෙනි (මනො පුබ්බංගමා ධම්මා, මනො සෙට්ඨාමනො මයා, මනසා චෙ පසන්නෙන, මනසා චෙ පදුට්ඨෙන) නිවැරදි අවබෝධයක් ඇතිවූවිට කල්පනාද නිවැරදිවේ. වැරදි කල්පනාවන්ගෙන්ද මිදේ. ඒ වැරදි කල්පනා අතර ප්‍රධානවන්නේ කාමාරාග (පංචකාම වස්තුන පිළිබඳ අධික කැමැත්ත) ව්‍යාපාද (මොහොතක් පාසා අඩු වැඩිවෙමින් පවත්නා තරහව) විහිංසා (උපතේ පටන් වැඩිදෙනෙකුට ඇති සැමට රිදවීමේ ආශාව) යන වැරදි, මිථ්‍යාකල්පනාවන්ය.
ලෝක මට්ටමේ සිට පුද්ගල මට්ටම දක්වා සමස්ත සමාජයේ සියලුම ආකාරයෙන් ඇතිවී පවත්නා අර්බුධ, ගැටීම්, ප්‍රශ්නවලට මූලිකම හේතුව මිථ්‍යා, වැරදි කල්පනාවන්ගෙන් නොමිදීමය. දෙලොව ජීවිතය සඳහාම, එකසේ අවශ්‍ය සිතේ සාමය (මානසික සාමය) උදාකරලීමේ අපරිමිත මහා කරුණාවෙන් දේශනාකළ යහපත් මෙන්ම නොකිලිටි ජීවිතාවබෝධයට මුල්වූ සම්මා සංකප්පය සියලු දෙනාගේ සිත්වල පහළවේවා.
සම්මා වාචා
ජීවිතාවබෝධය සඳහා යපත්ලෙස පවත්වාගතයුතු වචනය කුමක්ද ?
1.ලෝකයා බොරුවෙන් රවටන කථාවෙන් වෙන්වීම (මුසාවාදා)
2.ලෝකයා අතර ගැටීම් හැප්පීම් ඇතිකරවන වචන කථාවෙන් වෙන්වීම (පිසුනාවාචා)
3.ලෝකයාගේ සිත් රිදවීමට බිඳවීමට හේතුවන වචන කීමෙන් වැලකීම (පරුසාවාචා)
4.ලෝකයාටත් තමන්ටත් එලරහිත හිස්වචන කථා නොකිරීම (සම්පප්පලාපා වාචා)
මිනිසා මහත් අමාරුවෙන් ලබාගතයුතු දුර්ලභ ලැබීම් සතකි. මිනිසත්බව, බුද්ධෝත්පාදකාලයක එය ලැබීම. විකලනොවූ ඉදුරන් ලැබීම, සද්ධර්මය අසන්නට ලැබීම. පැවිදිබව ලැබීම, කල්‍යාණමිත්‍රයන් ලැබීම, කළගුණසැලකීම, ආදියයි ඒ. මේවාගෙන් වැඩි ප්‍රමාණයක් බොහෝදෙනා ලබා ඇතත් එයින් ප්‍රයෝජන ගන්නෝ විරලයහ. ඒ අතර මිනිසා ලබා ඇති එම හැකියාවන් අතර විශේෂ තැනක් ගන්නේ අදහස් ප්‍රකාශකිරීමේ ශක්තියයි.
මේ වචන ශක්තිය ලෝකයාගේ සතුට සැනසුම මෙන්ම අභිවෘද්ධිය සඳහා උපරිම මට්ටමින් යොදාගත් උසස්තම මිනිසා සම්බුදුරදුන්ය. ඒ ශ්‍රීමත් බුද්ධ වචනය කිසිදු අයෙකුට මේ දක්වා පිළිකෙව්කළ නොහැකිවූයේ බෝධිසත්ව ජීවිතය පුරා කිසිදු ආත්ම භාවයකදී බොරු කීමෙන්, බොරු කිරීමෙන් වැලකුන නිසාය.
හොඳ යහපත් සත්‍ය වචනයක ඇති උත්තම භාවය මෙයින් හොඳහැටි පැහැදිලිය. සාමාන්‍ය ජනසමාජයේ ස්වභාවය තමන් කියන දේ ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීමයි. වචන එක්විටක මිහිරිවන අතර තවත් විටෙක මහත් විනාසයක් ඇතිකරන වසක් - විසක් වීමටද පුලුවන. එමනිසා අසන්නාගේ සදාචාරාත්මක අයිතීන් විනාශ නොවන අයුරු සහනයක් මෙන්ම මානසික සුවයක් සඳහාම සුදසු යහපත් ප්‍රිය වචන භාවිතයෙන් තමාත් සමාජයක් සන්සුන්විය යුතුයි.
වචනයෙන් අසන්නාට රිදවීමක් කරන්නා සෑමවිටකම තමාටද රිදවීමක්කරගනී. තමාගෙන් පිටතට ගින්නදෙන ගිනිකූර පළමුව ඒ ගින්නෙන්ම පිලිස්සෙන්නාක් වැනිය. මිතුරුකම මෙන්ම සුහදත්වය සුරැකෙන්නේ ප්‍රිය, සත්‍ය වචන නිසාමය. පුද්ගල සම්බන්ධතාවය මෙන්ම සමාජ සම්බන්ධතාවය පැවතීමේ ප්‍රධාන සාධකය සීලයයි. එහිදී මුල්වන්නේ වැරදි වචනයෙන් වෙන්වීමයි’ අනවබෝධයෙන් සිල් සමාදම්වන බොහෝදෙනාගේ වචනයේ සංවරය (වැරදි වචන කීමෙන් වැලකීම) ඉතාමත් විරලය. බොරුව, කේලම, පරුෂවචන, හිස්වචන යන මේවාගෙන් වෙන්ව කළහැකි කථාවක් ඇතැම් අයට නැත.
සම්මා කම්මන්ත.
ජීවිතාබෝධය සඳහා යහපත්ලෙස කටයුතු කිරීම යනු කුමක්ද ?
1.සතුන් මැරීමෙන් හා ඒ සඳහා අනුබලදීමෙන් වැලකීම.
2.තමා අයත්නැති දෙයක් බලයෙන් හෝ රහසින් ගැනීමෙන් වැලකීම
3.සැමියා හා බිරිඳ ඔවුනොවුන් ඉක්මවායාමෙන් හා වෙනත් කායික අපචාරවලින් වැලකීම.
නොකළයුතු යමකින් වැලකීමෙන් පමණක් කායික සුචරිතය, යහපත් කයක් ඇත්තෙකුවීම සිදු නොවේ. වැලකීම, වලක්වාගැනීම හා වැලකීමේ අනුසස්කීම යන අංග තුනෙන්ම ( ත්‍රිකෝටි පාරිසුද්ධිය ) සමානව ක්‍රියාත්මක විය යුතුයි. මෙය වැලකීමේ සීලයයි ( චාරිත්‍ර සීලය ) මේ සැමට අමතරව අනිවාර්යෙන්ම කළයුතු කොටසක් පවතී. සත්ව කරුණාව, හැකි පමණින් ජීවිත අගය කිරීම, ජීවිතය සුරැකීම, සත්ව හිංසාවෙන් වැලකීම, තමන්ගේ දේපොල පමණක්ම නොව අනුන්ගේ දේපොල හා ජීවිත සුරැකෙන අයුරු ක්‍රියාකිරීම, සොරකම් අනුමත නොකිරීම, කාම අපරාධ සිදුනොවන අයුරු කටයුතු කිරීම, කායික අපචාරවලට පෙළඹෙන අය ඒවායෙන් මුදාගැනීම හා කිසිසේත් අනුමත නොකිරීම යන සියලුම දේ අවංකව සිදුකිරීම චාරිත්‍ර සීලයයි. ඒ අනුව වැලකීමෙන් නොකර සිටීමෙන් පමණක් සම්මාකම්මන්ත ආර්ය අංගය සම්පූර්ණ නොවේ.
තමාටත් බාහිර ජනසමාජයටත් මෙලොවටත් පරලොවටත් යහපත සුබසෙත සැලසෙන අයුරු තමන්ගේ කය, කායික පැවැත්ම සංවරකර ගැනීම මෙයින් අදහස් කෙරේ. රටක පවුල් සම්බන්ධතාවය දුර්වලවීම, දෙදරායාම,සමාජ සාමය හොඳින් පවත්වාගත යුතු මාපිය දූදරු සබඳකම් පිරිහීමට මූලික හේතුව වන්නේ කාමයේ වරදවා හැසිරීමයි.
බොහෝ සමාජවල කාම අපරාධ, බාල අපචාර ජීවනෝපායන් බවට පත්ව ඇති නිසා “ ඒඩ්ස් “ වැනි මරාන්තික රෝග භීතියක් ලෝකය පුරා පැවැතෙමින් පවතී. සත්ව හිංසාව, අනුන්ගේ අයිතියට ගරු නොකිරීම, කාම අපරාධ සාමකාමී අහිංසක ජන සමාජය තුළ භිතියක් මෙන්ම අනාරක්ෂාවක් තහවුරුකරනු පෙනේ. මිනිසාගේ කායික මානසික සුවිශේෂී ශක්තිය තමාගේත් සමාජයේත් බිය තැති ගැන්ම පලවාහරින සතුට ශාන්තිය තහවුරු කෙරෙන ජීව ශක්තියක් උදාකරනු යනු සම්මා කම්මන්තයයි.සම්මා ආජීව,
යහපත් ලෙස ජීවිතය ගතකිරීම යනු කුමක්ද?
බුද්ධ වචනය තුළින් ජීවිතය අවබෝධකර ගැනීමට කැමති අය වැරදි ලෙස ජීවිත ගතකිරීමට අතහැර තමන්ටත් ලෝකයාටත් සෙතක් යහපතක් සැලසෙන අයුරු දිවිගෙවීමට උත්සාකිරීම මැනවි. ජීවිතයක් යනු එක් අයෙකුට පමණක් සීමාවන, සීමා කළ හැකි දෙයක් නම් නොවේ. ජීව. - අජීව ලෝකයටම අයත් වූවකි. මේ පොදු බව, විශ්වව්‍යාපී බව සෑම ජීවියෙකුම දැනසිටිය යුතුය. සීලය සදාචාරය යන ලෝකය ධර්මයන් නොසිෙඳන අයුරු ජීවිතයක් පවත්වා ගැනීම බුදුදහමේ මග පෙන්වීමයි.
ජීවිතයක මූලික අවශ්‍යතාවය ආහාරයයි * සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා ) ආහාරය මුල්කරගත් ජීවන උපායක්‍රම තෝරා ගැනීමේදී මිනිසා සීලය ( වචනයේ හා කයේ සංවාරය ) ආචාරශීලී බව සුරැකෙන අයුරු ඉවසීමෙන් හා විමසීමෙන් ක්‍රියාකළ යුතුයි. මේ සඳහා නොකළ යුතු අවැඩ පහක් අ. නි. පංචක නිපාතයේ දැක්වෙයි.
(1) අවි ආයුධ වෙළඳාම ( සත්ථ වණිජ්ජා )
(2) සතුන් ( මිනිසුන් ) වෙළඳාම ( සත්ත වනිජ්ජා )
(3) මස් මාංශ වෙළඳාම ( මංස වණිජ්ජා )
(4) මත් ද්‍රව්‍ය වෙළඳාම ( මජ්ජ වණිජ්ජා)
කිසියම් සමාජයක ආර්ථික දියුණුව යනු මිලෙන් මුදලෙන් සරුවීමයි සලකන බොහෝ දෙනා ඉහත සඳහන් වැලකියයුතු අවැඩ කළ යුතුම සාර්ථක ජීවනෝපායයන් ලෙස වර්ණනාකරමින් ආධාර උපදෙස් දෙමින් සුදුසු දේ වශයෙන් සාධාරණීකරණය කරනු පෙනේ. එදිනෙදා අතමිට සරුවීම පිළිබඳව පමණක් අවධානය යොමු කරන ආර්ථික උපදේශකයන් දිර්ඝකාලීනව සමස්ත සත්ව ප්‍රජාව තුළම සිදුවන විනාශකාරී අර්බුධකාරී තත්ත්වය නොතකා හැරීමට තරම් සැහැසි වී සිටිති.
දියුණුයයි කියාගන්නා ඇතැම් බලවත් රටවන් එම දියුණුවේ සෞභාග්‍යයේ එකම රහස සීලය, සදාචාරය හා සංස්කෘතිය නොතකා හැරීමයි. ලෝකයා හමුවේ විවිධ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු පෙනේ. මේ මිථ්‍යා ආජිවය පිළිබඳ කල්පනාවන්ගේ ග්‍රහණයට ලංකාවද ගොදුරු වෙමින් පවතී.
මේ අවැඩ පහෙන් අවිආයුධ නිෂ්පාදනය හා බෙදාහැරීම පමණක් ගැන විමසා බැලීමෙන් වුවද ඒ හා ඇති දීර්ඝ කාලීන විනාශය හොඳින් දැන ගත හැකිය.
අද ලෝකයපුරා සෑම රටකම දෙපිළක්, තුන්පිළක් වී ඔවුනොවුන් මරාගන්නේ ආබාධිත තත්ත්වයට පත්වන්නේ දේපොල විනාශ කරන්නේ “ අවි ගත්තෝ අවියෙන්ම නසී “ යන සිංහල කියමන සනාථ කරමිනි.
සකල ලෝකයම රෝගී අකර්මන්‍ය තත්ත්වයට පත්කරමින් මහත් ලෝක විනාශයක් උදාකර ඇත්තේ වස විෂ වෙළඳාමෙනි. ගොවිතැන් වැඩවලට හා කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය භූමියත් ශ්‍රම ශක්තියත් මේ නිසා අඩපණ වී ඇත. විටෙක වසවිෂ යුද්ධායුධ වශයෙන් යොදාගත් අවස්ථාද නැත්තේ නොවේ.
ලෝකය පුරා කිසිදු සීමාවක් නැතිව පැතිරෙන මත්ද්‍රව්‍ය වෙළෙඳාම නිසා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවත්ම මිනිසාගේ කායික ශක්තියත් බුද්ධිමය ඬ;රීගී භාවයත් විනාශවීම නිසා ප්‍රජාසංවර්ධනය අඩාලවෙමින් පවතී. මෙවැනි විනාශකාරි ප්‍රවනතාවයන් නඟා සිටුවීම මානව සංවර්ධන සඳහා කිසිසේත් අදාළ නොවේ. ඒ අනුව සම්මා ආජීවයෙන් උදාවන තමා අනුන් යන සැමගේ යහපත සඳහා සකස් වෙන ජීවිතය “ සබ්බලෝකහිතානුකම්පී” ආශිර්වාදාත්මක ජීවිත පැවැත්මක් වන ඇත.
මේ සියලුම ක්‍රියාකාරකම් සත්ව හිංසාකාරී නිසා අහිතකරය. කොපමණ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට හැකිවුවත් වැරදි මගින් ජීවත්වීම බුදුදහමට එකඟ නොවේ. සීලයෙන් හා සදාචාරයෙන් තොරව වසර සියයක් ජීවත්වනවාට වඩා සිල්වත්ව ගුණගරුකව එක් දිනක් ජීවත්වීම වඩා වැදගත් බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.
යොච වස්ස සතං ජීවෙ
දුස්සීලො අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්නස්ස Àධායිනො
(ධ.ප.110 ගාථාව)
සම්මා වායාම
ජීවිතාවබෝධ සඳහා යහපත් ලෙස කළයුතු උත්සාහය යනු කුමක්ද?
තමා තුළ ඇති වූ ලාමක අකුසල ධර්මයන් හට නොගැනීම සඳහා.
තමා තුළ ඇති වූ ලාමක අකුසල ධර්මයන් දුරුකිරීම සඳහා
තමා තුළ හට නොගත් කුසල ධර්මයන් ඇති කරගැනීම සඳහාය.
තමාතුළ හටගෙන ඇති කුසල ධර්මයන් වැඩිදියුණු කර ගැනීම සඳහා.
කැමැත්ත ඇතිකරගනී ( ඡන්ද ජනෙති) වෑයම් කළයුතුයිත * වායමති ) වීර්යය ආරම්භ කළයුතු ( විරියං ආරභති සිත දැඩිකරගත යුª ( චිත්තං පග්ගණ්හාති ) බලවත් ලෙස උත්සාහ කළයුතු ( පදහති )
මේ අනුව යහපත් උත්සාහය යනු යහපත් කටයුතු සම්බන්ධයෙන් අර්ථවත්ව, ඵල ලැබෙන අයුරු උත්සාහවත් වීමය. ජීවිතයක සාර්ථකත්වය සඳහා උත්සාහය, වීර්යය, නොසැලී ඉදිරිපත්වීම, බාධක දුක්කරදර පිටුදැකීම ( විරියෙන දුක්ඛං අව්චේති ) යන පෞරුෂ ශක්තීන් සංවර්ධන කරගැනීම අවශ්‍ය වේ. කුසීත භාවයෙන් තොර ක්‍රියාශීලිත්වයද ඇප කැපවීමද මෙයට අයත්වේ.
මේ යහපත් උත්සාහය ආකාර දෙකකින් කළයුතුයි. සියලුම අකුසලයන් දුරුකිරීම හා සියලුම කුසලයන් සංවර්ධනය කිරීමයි. ඒ අපේ එදිනෙදා ජීවිතයේ කරනු ලබන සෑම කටයුත්තකදීම මේ උත්සාහය මුල්කර ගැනීමෙන් අකුසල කල්පනා දුරුකොට කුසල කල්පනා හොඳින් තහවුරුකර ගතයුතුය. මේ උත්සාහය සතර සම්ම්‍යග් ප්‍රධන්වීර්යය වශයෙන් හඳුන්වනු ලබයි.
සම්මා සති
ජීවිතාවබෝධය සඳහා බලවත්ව යොමු කළ යහපත් සිහිය යනු කුමක්ද?
සතරමහා ධාතුන් මුල්කොට ඇති වූ සිරුර පිළිබඳව යථාස්වභාවය දකිමින්.
ස්පර්ශය මුල්කොට ඇති වූ විදීම් ( වින්දන, වේදනා ( පිළිබඳ යථාස්වභාවය දකිමින්.
නාම රූප ( සංඛාර ) මුල්කොට ඇති වූ සිත පිළිබඳව යථාස්වභාවය දකිමින්.
මනස මුල් කොට ඇති වූ ධර්මයන් ( සිතුවිලි ) පිළිබඳව යථාස්වභාවය දකිමින්.
කෙලෙස් තවන විර්යයෙන් (ආතාපි ) කෙලෙස් දුරුකරන නුවණින් ( සම්පජානො) යුතුව ලෝකයේ ( ජීවිතයක් පුරා ඇති ) ඇලීම් ( ලෝභය ) ගැටීම් ( තරහව ) ඉවත් කිරීමෙහි යෙදෙමින් හොඳ සිහියෙන් ( සතිමා ) වාසය කිරීමයි.
සිහිය ජීවිතයක සාර්ථකත්වය සඳහා මුල්වෙයි. පැවැත්ම යහපත්කර ගැනීමට නම් සැමවිටකම සෑම සිදුකිරීමක් සඳහාම සතිමන්ත භාවය අනිවාර්ය විය යුතුයි. දුක් දුරුකර ගැනීමේ එකම මග වශයෙන් බුදුදහම දක්වන්නේ සිහිය ( අප්පමාද විහාරී බව ) වැඩිදියුණු කරගත යුතු බවයි. සතර සතිපට්ඨානයෙහි යෙදීම මෙයින් අදහස් කරයි.
අවදිබවෙන් යුතු සංසුන් සිතක් ඇත්තෙකුට සිත මැනවින් හසුරුවා ගැනීමටත් අවශ්‍යම දේ සඳහා යොදා ගැනීමටත් හැකියාව ලැබේ. ආර්ය මාර්ගයේ නොපැකිලව ගමන් කරන සත්පුරුෂයෙකුට එකින් පිළිවෙතින් පිරිසිදුකරගත් මනස ( සචිත්ත පරියොදපනං) ඉතා වැදගත් වේ. සම්මාසතිය යනු එය හැර අන් යමක් නොවේ.
සම්මා සමාධි
ජීවිත පැවැත්ම අවබෝධකර ගැනීම පිණිස හොඳීන් පවත්වාගත යුතු සිතේ එකඟ බව යනු කුමක්ද?
රූප සද්දාදි පංච කාමයන්ගෙන් හා අකුසල සිතුවිලිවලින් වෙන්ව සතර සතිපට්ඨානයන් මෙනෙහි කිරීමෙන් යහපත් විවේකයෙන් ( නීවරණවලින් වෙන්වීම ) කායික මානසික සැපයෙන් යුතුව පළමුවෙනි ධ්‍යානයට ( බලවත් සමාධියට ) පැමිණ වාසය කරයි.
සතර සතිපට්ඨානය නැවත නැවත මෙනෙහි කිරීමෙන් තොරව චිත්ත සමාධියෙන් ලබාගත් සුවයෙන් හා සැපයෙන් දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. පී‍්‍රතිය හා ඇල්ම දුරුකොට මැදහත් බවෙන් යුතුව වාසය කරයි. සිහියෙන් හා නුවණින් කායික සැපයට පත්වෙයි. මැදහත් බවින් හා සිහියෙන් යුතු යමක් දහම් අවබෝධයලත් උතුමෝ සැයයි ප්‍රකාශ කෙරේද, අනතුරුව ඇතිකර ගතයුතු බලවත් සමාධියෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
සැපයෙහි ඇලීමත්, දුකෙහි ගැටීමත් දුරුකොට මානසිකව ඇතිවන සැප , දුකද නැතිකොට සැප දුක් නැති මැදහත් බැවින් යුතු සිත පිරිසිදු කිරීමෙන් හා බලවත් වූ සිහියෙන් සිව්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සිත පිරිසිදු කරන අංඟ අටකින්යුතු මේ ජීවිත සැලැස්ම දුක් නැති කරගැනීම සඳහා සෑම මනුෂ්‍යයෙකු විසින්ම අනුගමනය කළයුතුයි.
සම්මා සතියේම ප්‍රතිඵලයක් වශයෙන් සම්මා සමාධිය හැඳීන්විය හැකිය. විසිරී නොසන්සුන්ව අනේක අරමුණු ඔස්සේ සැරිසරන සිත එක අරමුණක රඳවා ගැනීමට හොඳ සිහිය නුවණ අවශ්‍යය.
ඒ මුල්කරගෙන කයේ මෙන්ම මනසේ සහනයක් මෙන්ම ශක්තියක්ද ඇති වේ. මේ චිත්ත සමාධිය ලෝකය විනිවිද දැකීමට මෙන්ම ලෝකයේ ඇති තතු හඳුනා ගැනිමේ ප්‍රඥා සම්පත්තියද ලබාදෙයි.
සමාධිය තුළින් ලබන සිතේ එකඟ බව විදසුන් නුවණ දියුණුකර ගැනීම සඳහා ආධාර කරගැනීම බුදුදහමින් අනිවාර්ය වේ. එය දුක් කෙලවර කරගැනීමට අනුගමනය කළයුතු එකම මගයි.