තිසරණය
පින්වතුනි,
මේ ලෝකයේ යම් කෙනෙකුට සරණයාමට තිබෙන උතුම්ම දේ තමයි තිසරණය. කල්ප ගණනක් පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේ නමක් උතුම් බුද්ධත්වයට පත්වීමත්, උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත්, උන්වහන්සේව අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් බිහිවීමත් සමඟම මේ ලෝකයට ඒ උතුම් තිසරණය පහළ වෙනව. ඊට පස්සෙ අපිට අවස්ථාව ලැබෙනව ඒ උතුම් තිසරණය සරණ යන්න.
ශ්‍රී ලංකාවාසී බොදු ජනතාවට මේ ඓතිහාසික, අති උදාර අවස්ථාව ලැබුණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. එදා මිහින්තලාවෙන් පැතිරී ගිය තිසරණ සරණ මුළු ලක් දෙරණ පුරා විහිදී ගොස් අකනිටා බඹලොව දක්වාම පැතිරී ගිය උදාර මොහොත උදා වුනේ අද වගේ උතුම් පසළොස්වක දිනයක. ලංකාධිරාජයා වන දේවානම්පියතිස්ස රජතුමා උතුම් තිසරණයට පත් වුනේ සතලිස් දහසක පිරිවර සමඟයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් චූල හත්ථි පදෝපම සූත්‍රය ඉගෙනගෙන, අපි දන්නවා රටක රාජ්‍ය නායකයා තිසරණයට පත් වුණා කියන්නෙ ලෙහෙසි පහසු කාරණාවක් නොවෙයි. ඒක අති බරපතල කාරණවක්. මේ ලෝකයේ මෙතෙක් පහළ වූ උත්තරීතරම අධිරාජයා තමයි ධර්මාශෝක මහාධිරාජයා. එතුමා ඒ තරම් උත්තරීතර කෙනෙක් වුනේ ඇයි? ඒ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. ඒ ශ්‍රී සද්ධර්මය සරණ ගිය නිසා. ඒ ආර්ය මහා සංඝරත්නය සරණ ගිය නිසා. මුලින් දිග් විජය ප්‍රතිපත්තිය ඒ කියන්නෙ යුද්ධ කොට රටවල් අල්ලා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ චණ්ඩාශෝක නමින් ප්‍රසිද්ධ වූ මෙතුමා පසුව ධර්මාශෝක බවට පත් වුනේ උතුම් තිසරණයේ පහස ලද නිසයි. මේ උතුම් තුන් සරණයට එතුමාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් වුණා. ඉන් පසුව එතුමාගේ සංකල්පනය මුළුමනින්ම වෙනස් වුණා. එය මුළු මහත් ලෝකයාගේම යහපත පිණිස ඉවහල් වුණා. එතුමාට පින් සිදුවීමට තමයි ඒ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ රටට ලැබුණෙ. ඒ නිසා තමයි අපට උතුම් තුන් සරණය ලැබුණෙ අපිට උතුම් තුන් සරණය සරණ යන්න ලැබුණෙ. ඒ නිසා මේ උතුම් තුන් සරණය දෙවි මිනිස් සහිත මුළු මහත් ලෝකයාටම සසර දුක් නිමාකොට ඒ අමා නිවනට යොමු වීමට උපකාරී වන මූලිකම සිද්ධාන්තය.
පින්වතුනි, ඒ ධර්මාශෝක අධිරාජ්‍යයාගේම ගිහි කළ පුත්‍ර වූ මහින්ද මහරහරතන් වහන්සේවම ලක්දිව බුදුදහම ස්ථාපිත කිරීමට තෝරාගැනීම අපගේම භාග්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ යම් කෙනෙක් යමෙකුට ආදරය කරනවානම්, කරුණාව දක්වනවානම් ඒ තැනැත්තා තමන් ආදරය, කරුණාව දක්වන කෙනාව උතුම් තිසරණය තුළ ස්ථාපිත කළ යුතු බව. ඉතින් ඔය පින්වතුන් තමා ගැන කල්පනා කරල බලන්න ඕන තමන් ඒ උතුම් තිසරණය තුළ පිහිටලා ඉන්නවද කියල. ඒ උතුම් තුන් සරණයට පත්වුණු කෙනාගෙ ලක්‍ෂණය තමයි එයාගෙ ප්‍රධානම ඉලක්කය වෙන්නෙ මේ භයානක සසර කතරින් එතෙර වීම. ඒ වගේම අනික් කිසිම සරණක් මුල් තැන්හිලා සලකන්නෙ නෑ. කේන්දර, ශාස්තර, සුබ නැකත්, සුබ නිමිති වගේ දේවල් වලට මුල් තැනක් දෙන්නෙ නෑ. ඒ කාරණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමඟ පරස්පර වුණොත් එතෙන්දි ඒ ශ්‍රාවකයා ප්‍රමුඛස්ථානය දෙන්නෙ ඒ උතුම් තිසරණයටමයි. ඒ උතුම් බුද්ධ වචනයමයි ගරු කරන්නෙ.
තුන් සරණයට පත්වුණු කෙනා ඒ තථාගතයන් වහන්සේගෙ ධර්මය පිළිගන්නේ හදවතින්මයි. එයාට ඒ ශ්‍රී සද්ධර්මය ගැන කිසිම සැකයක් නෑ. ඒ අයයි ශ්‍රාවකයා පිළිගන්නව උන්වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනා සියල්ලම, ඒ අයුරින් පිළිතුර ගෙන තව දෙයක් ප්‍රතික්‍ෂේප කරන්නෙ නෑ. ලෞකික සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා. ඒ කියන්නේ දන් දීමෙන් පින්සිදු වෙනව කියල. පුද පූජා පැවැත්වීමෙන් පින් සිදු වෙනව කියල. ඇප උපස්ථාන කිරීමෙන් පින් සිදු වෙනව කියල. එලොව ඉඳල එන අයට මෙලොවක් තියෙනව කියල. මෙලොව ඉඳල යන අයට පරලොවක් තියනව කියල. අම්මා, තාත්තා කියන්නෙ විශේෂ අය කියල. ඕපපාතිකව, ඒ කියන්නෙ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, පෙරේත ලෝකවල සත්තු ඉබේ පහළ වෙනව කියල. මෙලොවත් පරලොවත් විශිෂ්ට නුවණින් දැනගෙන ධර්මය කියල දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නව කියල ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගන්නව. ඒ කියන්නෙ, මේ තමයි දුක (දුක්ඛෙ ඤාණං) මේ තමයි දුකේ හට ගැනීම (දුක්ඛ සමුදයේ ඤාණං) මේ තමයි දුකේ නිරෝධය (දුක්ඛ නිරෝධේ ඤාණං) මේ තමයි දුක නිරුද්ධ වන මාර්ගය (දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ච) ඒ විදියට තිසරණයම පත්වුණු ආර්ය ශ්‍රාවකයා නිවන් මඟට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කරනවා.
බොහෝ දෙනෙක් කල්පනා කරනව “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, කියන වචන ප්‍රකාශ කීමෙන් පමණක් තිසරණයට පත් වෙනව කියල. එහෙම බැලුවොත් මේ රටේ ඉන්න කෝටි සංඛ්‍යාත පිරිසක් තිසරණයට පත් වෙලා. ඒත් ඒක එහෙම සිදුවෙලා නැති බව පේන්නෙ සමහර බෞද්ධ යැයි කියා ගන්නා පිරිසම තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළි නොගැනීම නිසා විශේෂයෙන්ම කැපවීමෙන් කටයුතු කරන විහාරස්ථානවලට සම්බන්ධ සමහර දායක පිරිස්, සමහර විට දායක සභාවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තනතුරු දරන අය පවා බුදුරජාණන් වහන්සේව පිළි නොගැනීම උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිනොගැනීම කනගාටුවට කරුණක්. අද දවස තමයි උතුම්ම දවස අපට ඒ තත්ත්වයෙන් මිදිල අවබෝධයෙන් උතුම් තිසරණයට පත්වීමට තිබෙන දවස.
එදා ඇතෙකුගේ පියවර සටහන උපයෝගී කරගෙන මජ්ඣිම නිකායේ පළවැනි කොටසේ තිබෙන චූල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාධීශ්වර දේවානම්පියතිස්ස මහ රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිවර උතුම් තිසරණයට පත් කළා. ඒ සූත්‍රයට අනුව ආර්ය ශ්‍රාවකයන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ල ඒ තථාගතයන් වහන්සේට ඒ ශ්‍රී සද්ධර්මය ඒ ආර්ය මහා සංඝරත්නය වෙනස් නොවන ආකාරයෙන්ම සරණයාම පිළිබඳව ඉතිං අප සියලු දෙනාත් අද මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසෙ අධිෂ්ඨාන කර ගන්න ඕන අවබෝධයෙන්ම තිසරණයට පත් වෙන්න. ඔබ සියලු දෙනාටම අවබෝධයෙන් තිසරණයට පත්වී සංසාර දුකින් අතමිදීමේ වාසනාව උදාවේවා! යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ යන උතුම් තිසරණය සරණ ගියොත් ඒ ශ්‍රාවකයාට ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධය කර ගන්න පුළුවන්. ඔබට ඒ අමා නිවන සාක්සාත් කර ගැනීමේ වාසනාව උදාවේවා!