නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
බුදු රජාණන්වහන්සේ සහ යේසුස් වහන්සේ
‘‘මා කියන සත්‍යය පුරාතන ධර්ම ග‍්‍රන්ථවල තිබුණු නිසාවෙන් විශ්වාස නොකරන්න. එය ඔබේ ජාතික විශ්වාසයක් නිසාවෙන් විශ්වාස නොකරන්න. ඔබ කුඩා කල පටන් හුරු පුරුදු කළ නිසා යැයි විශ්වාස නොකරන්න. සත්‍යාසත්‍ය බව විමසා විශ්ලේෂණය කොට එය ඔබට හා අන් අයටත් යහපත් වේ යැයි වැටහුණොත් පමණක් සත්‍යයක් ලෙස පිළිගන්න. අන් අයටත් ඒ සත්‍යයේ මග පෙන්වන්න.
( බුදුරජාණන් වහන්සේගේ දේශණයකි)
ළ`ගදි නැවත ඉපදීම ගැන කතාවක් කරගෙන යද්දි බුදුන් කිව්වා කියල අපිට උගන්නපු දේවල ඇත්තටම ඇත්තද කියල ප‍්‍රශ්නයක් මැද්දට ආවා. බුදුන් කියපු දේකට විරුද්දව කතා කරල වස් වදී කියල බයේ ගොඩක් අය කටවල් වහන් හිටිය. ඒත් මේ ‘බය’ කරන බුදුන් ඉතිහාසයක් තිස්සෙ දේශපාලනිකව ගොඩනගපු බුදු කෙනෙක් කියල හිතන්න හිතීමක් වෙන ගොඩක් දේවල් ගැන විචක්ෂණයක් තියෙන අයටවත් තිබුණෙ නෑ. බුදුන් දිහා ඓතිහාසික, සමාජ දේශපාලන තත්ත්ව හැටියෙන් විශ්ලේෂී කියවීමකට යන්න බැරි හිරවිල්ලක් ගොඩක් ඔලූ ඇතුලෙ තිබුණ. සිංහල බෞද්ධ මනස ආපස්සට හැරිලා ප‍්‍රශ්න කරන්නවත් බය මේ බුදුන් කවුද?
මං බුදුන්ව ප‍්‍රශ්න කළා.
අපි (ලංකාවෙ*බුදුන් කියල කියන්නෙ සිද්ධාර්ථ ගෞතමට (ශාක්‍යමුනි*. ඒත් සිද්ධාර්ථ ගෞතම බුදු වෙන්න කලින් මේ බුද්ධ කියන සංකල්පය ඉන්දියාවෙ තිබුණ. බුදුවරුන් වගේම බුදුවරියන් ඉන්දියාවෙ පහල වෙලා හිටිය. අපේ ථේරවාදෙ අමාරුවෙන් පිළිගන්න හැටියට වුණත් ඊට කලින් මේ දහම දේශනා කරපු අටවිසි බුදුවරුන් ඉඳල තියෙනව. එතකොට සිද්ධාර්ථ ගෞතම අතින් සිද්ධ වෙන්නෙ මේ පැවතුණු දහම අලූත් කියවීමකින් ඉදිරිපත් කරන එක. ඒ කියවීම අශෝක අධිරාජයාගෙ බලහත්කාරය නිසා අපේ රටේ සුවිශේෂ විදිහට වැජඹෙන්න ගත්තට ඉන්දියාවෙ මේ සත්‍ය ගවේෂී කතිකාව ඇතුලෙ මේ කියවීම තවත් එකක් විතරයි. අපේ බුදුන්ට වර්ෂ දහස් ගාණකට කලින් පැවත එන බුදුවරුන් 24ක් ගැන ජෛන ආගමේ කියවෙනව.
බුද්ධ කියන වචනය ඊජිප්තුවෙ ‘අහස් දෙවියන්’ ට කියපු ‘පුත්තා’ කියන වචනෙන් හැදුණයි කියලයි පිළිගන්නෙ. පයිතගෝරස් කියන එක හැදෙන්නෙත් මේ විදිහටමයි. ‘පයිත’ කියන එක ‘පුත්තා’ නැත්තං බුද්ධ කියන එකෙන් ඇවිත් ‘ගෝරස්’ කියන එක ගුරු කියන තේරුමට සම්බන්ධ වෙනව. මේ ඊජිප්තියානු දෙවියන්ව තමයි මුල්ම බුදුන් විදිහට සලකන්නෙ.
බුදදහම එක එක නිකායන්, වෙනස් වෙනස් කතිකාවන් විදිහට ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනව. අපේ හාමුදුරුවරු මහ ඉහලින් කියන විදිහට බටහිර වියතුන් බුද්ධාගම දාර්ශනික භාවිතාවක් හැටියෙන් පිළිගන්නෙ අනික් ආගම් වලට වඩා විමර්ශනයට නිදහසක් සහ ප‍්‍රායෝගිකත්වයක් බුද්ධාගම ඇතුලෙ තියෙන නිසා. ඒත් ඒක ලංකාවෙ අපේ බුද්ධාගම ඇතුලෙ ඇත්තක්ද කියන ප‍්‍රශ්නෙ මතුවෙන්නෙ බුදුන්ගෙ වචනයකට පවා අහේතුක බයකින් පෙළෙන සිංහල බෞද්ධ ජනතාව නිතර මුණගැහෙන හින්ද. අපේ යාලූවෙක් මට කියපු විදිහට මේ කතා උන්ගෙ ගෙවල් පැත්තෙ කිව්වා නම් ඇටකටු කුඩු කර ගන්න වෙනවලූ.
සමස්තයක් හැටියට බුදුදහම එහෙම නිදහසක් තිබුණත් බුද්ධ චරිතෙ ඇතුලෙන් මතුවෙන ඇතැම් ප‍්‍රතිවිරෝධයන් ගැන සංවාද ඇතිවෙලා තියෙනවා. උදා විදිහට බුදුදහමෙ අගතීන් සහිත ජාතිවාදී සහ ලිංගවාදී ලක්ෂණ මතු කරන තැන් ගැන සාකච්ඡුා වෙනව. අනිත් බටහිර ආගම් වගේම බුදුදහමත් පීතෘ මූලික තැනක හිරවෙලා. බුදුවරියන් ශාස්තෘන් විදිහට ගන්න ඇතැම් බෞද්ධ කොටස් ලෝකෙ තිබුණත් කාන්තාවන්ට බුද්ධාගම ඇතුලෙ තියෙන ඉඩකඩ සීමිත බව ඇත්තක්.
අපේ බෞද්ධයන්ට අනුව (අන්ධාගමිකයෝ* කවදාවත් බුදුන් කී දෙයක් වැරදිලා නෑ. මේ විශ්වාස කරන බුදුන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මනුස්ස තත්වෙන් එලියට ගිය කෙනෙක්. අපිට බෑ බුදුන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සමීපව දකින්න. ඒත් බුදුන්ටත් වරදින තැන් තියෙනව. වරක් කොසොල් රජතුමා ශාක්‍යයන් හා සටනකට යද්දි බුදුන් කියනව ශාක්‍යයන්ගෙ අපරිහාණීය ධර්ම නිසා ඔවුන් කිසිදාක පරද්දන්න බෑ කියල. කොසොල් කියන්නෙත් බුදුන්ගෙ ශ‍්‍රාවකයෙක්. ශාක්‍ය කියන්නෙ බුදුන්ගෙ වංශය. ඒත් කොසොල් රජු ශාක්‍යයන් හා සටන් කරලා ඒ සියලූ ගැහැණු පිරිමි මරා දාලා රාජ්‍ය අල්ලගන්නව (ගනනාථ ඔබේසේකර*. ඒ වගේම මමත්වය නැති කරපු, අවබෝධයට පත් කෙනෙකුට නොගැලපෙන තැන් බුද්ධ චරිතෙ ඇතුලෙ ගොඩක් මුණගැහෙනව. ඒත් අපේ ලාංකේය බෞද්ධයා මේ සියලූ ප‍්‍රතිවිරෝධතා ගාණකට නැතුව එකට පිළිගන්නව. උදා විදිහට බුදුන් ප‍්‍රාතිහාර්ය පෑමෙන් අන් මතධාරීන් බයට පත් කරලා තමන්ගේ මතය දේශනා කරපු අවස්ථා තියෙනව. ඒත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මේ විදිහට ක‍්‍රියා කරන එක බුද්ධත්වයට නොපෑහෙන තත්වයක් (ලංකාවේ අපි පිළිගන්න විදිහට මහියංගණයට ඇවිල්ලත් බුදුන් ඒ අහිංසක යක්ෂ ගෝත‍්‍රිකයන්ව බියපත් කරනව*.
අපි විශ්වාස කරන බුදුදහම ඇතුලෙ මුණගැඅහෙන තවත් සීමාවක් තමයි බුදුන් ලිංගිකත්වයට දක්වන අසීමිත භීතිය. බුදුන් බ‍්‍රහ්මචාරී වෙන අතරෙම අනෙක් අය ඇතැම් විට රැුවටීමෙන් පවා මේ බ‍්‍රහ්මචාරී තැනට ගේනවා. නන්ද කුමාරයා කසාද බඳින්න යන දවසෙ දිව්‍යාංගනාවන් දෙනවා කියල පොරොන්දු වෙලා සසුන්ගත කිරීම ගැන කතාව අපි ඉගෙන ගන්නෙ පොඩි කාලෙ. බුද්ධ චරිතෙ බොහෝ තැන් වල සටහන් වෙලා තියෙන්නෙ ලිංගික විරෝධී හෝ අලිංගික වගේ තැනකින්. මේක සීමාවක් විදිහට දකිනවට වඩා අපේ බෞද්ධයෝ ඒක ‘මාර’ විදිහටයි ගන්නෙ.
බුද්ධ කියන තත්වය සිද්ධාර්ථ ගෞතමගෙන් එලියට අරන් හැමකෙනෙකුටම ගමන් කළ හැකි තත්වයක් විදිහට දකින්න අපේ බෞද්ධයො කැමති නෑ. ඒක සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම්පුරා ඇවිත් බුදුවරයෙකුටම අවබෝධ වන තත්වයක් හැටියටයි අපේ පන්සල් වල බණේ කියන්නෙ. ඒත් සම්මා දිට්ඨියෙන් බැලූවොත් බුද්ධ කියන තත්වය කිසිම ජාතියකට හෝ වර්ගයකට හෝ කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. කිසිම ආගමික හෝ වතාවත් විධියකට බුද්ධ තත්වය අයිති වෙන්නෙ නෑ. බුද්ධ කියන්නෙ නිදහස් වූ පැවැත්මක්. සමස්තය හෝ ලෝකය කියන තැන සම්බන්ධය අවසන් කළ පූර්ණ සවිඥාණකත්වයට පත්වුණ කෙනෙක්. මේ නිසාම බුද්ධ කියන තැන ආත්මයක් හෝ මමත්වයක් නෑ. ඒ වගේම එතනදි දකින හොඳ කියන්නෙ අපේ ව්‍යවහාරික පොදු ‘හොඳ’ හෝ කුසල වෙන්න විදිහකුත් නෑ.
අපි බුදුන් දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ ඒ කාලෙ තිබුණු අනෙක් දර්ශන සහ සම්ප‍්‍රදායන් එක්ක සංසන්දනාත්මක බැලීමක් නැතුව. කොටින්ම ලංකාවෙ අපේ උත්සාහය බුදුන්ව ලංකාවෙ බුදුවුණු තත්වෙට අරන් එන්න. අපේ හාමුදුරුවරුන්වත් කවදාවත් බුද්ධ චරිතෙ මේ අතිශෝක්තියෙන් මුදවන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ මේ විදිහට බුදුන් දේවත්වයට පත්කිරීම ශාසනික පැවැත්මට ගොඩක් වාසි හින්ද. බුද්ධත්වය හොයාගෙන අභිනිෂ්ක‍්‍රමණය කිරීම හෝ ශ‍්‍රමණ සම්ප‍්‍රදායක් ඇති කිරීම කියන කාරණා අතින් සිද්ධාර්ථ ගෞතම විශේෂ වෙන්නෙ නෑ. ඒ වෙද්දි මේ විදිහට සත්‍යය සොයාගෙන ආපු ගොඩක් අය මේ සම්ප‍්‍රදායන් වල හිටිය. ඒ වගේම බ‍්‍රාහ්මණ ඇදහිලි වලට විරුද්ධ වීම අතිනුත් සිද්ධාර්ථ ගෞතම ලොකු වෙනසක් කරන්නෙ නෑ. ඒ වෙද්දි ජනප‍්‍රිය වෙමින් තිබුණු හැම දර්ශනයක්ම පාහේ සාම්ප‍්‍රදායික බ‍්‍රාහ්මණ ඇදහිලි වලට විරුද්ධ වුණා. ඒ වගේම කටවහරින් කාලාන්තරයක් තිස්සෙ පැවතගෙන ඒමත් එක්ක බුදුදහම (අපේ බුද්ධිමත් අයට අනුව නම් බෞද්ධ දර්ශනය* ඇත්තටම සිද්ධාර්ථ ගෞතමගේම දර්ශනයද කියන එක පැටළිලි සහගත වෙනව. බොහොමයක් ඒ සමකාලීන දර්ශන වල කොටස් එකතුවක් තමයි අපි බුද්ධාගම කියල මාතලේදී ලියන්නෙ. උදා විදිහට ජෛන සහ බෞද්ධ සංකල්පයන් ගොඩක් එක හා සමානයි. ඒ වගේම පුනර්භවය වගේ සංකල්ප ඒ සමකාලීන ගොඩක් දර්ශන වලට පොදුයි. ඒත් ඒ කාලෙ තිබුණු අන්තගාමී සම්ප‍්‍රදායන්ට විරුද්ධව ගොඩනැගුණු අලූත් ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් විදිහට නම් බුදුදහම පැහැදිලිව දකින්න පුළුවන්කමක් තියෙනව.
බුදුදහම කියල අපි එකට තනි දර්ශනයක් විදිහට ගන්න දේ බුදුවරුන් කියල ඒ කාලෙ ඉන්දියාවෙ ප‍්‍රචලිත වුණු ගොඩක් අයගෙ දර්ශන වල කොටස් හැටියෙන් තේරුම් ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගෞතම කියන නම පවා සිද්ධාර්ථ ගෞතමට සීමා වුණු එකක් නෙමෙයි. ගෞතම කියන නමත් එක්ක හු`ගක් මිත්‍යාමතික ගොඩනැංවීම් ඉන්දියාවෙ තිබුණ. මේ විදිහට එක තනි දර්ශනවාදයක් විදිහට බුද්ධ දර්ශනය ගන්න බැරි වෙන හේතු තැන් තැන් වලදි බෞද්ධ දර්ශනය ඇතුලෙම මුණ ගැහෙනවා.
උදා විදිහට දෙවියන් ප‍්‍රතික්‍ෂේප කරන බුදුන්ම නැවත දෙවියන් හා කරන සංවාද සූත‍්‍ර පිටකයේ එනව. උග‍්‍ර බෞද්ධාගමිකයෙක් විදිහට අපේ අය කියන අශෝක අධීරාජයා පවා තමන්ව හඳුන්වා ගන්නෙ ‘දෙවියන්ට ප‍්‍රියවූ’ කියලා. ඒක බුදුන් වදාල ධර්මයට වඩා හින්දු දර්ශනයට ළ`ග තැනක්. බුදුන් වදාල ධර්මය කියල අපි පිලිගන්න ගොඩක් කාරණා බුදුන්ට හු`ගක් කලින් පැවතුණු ‘සාංඛ්‍ය’ කියන දර්ශනයට අයිති කොටස් කියල හෙලිවෙලා තියෙනව. ඒත් මේ කිසිදෙයක් ගැන සංවාද අපේ රටේ සිද්ද වෙන්නෙ නෑ. ක‍්‍රිස්තියානි පල්ලිය වගේම අපේ ථේරවාදය විමර්ශනය සහ නිදහස් කියවීම වාරණය කරනව. (පිටි¥වේ සිරිධම්මට එරෙහිව අනෙක් හාමුදුරුවරුන්ගෙ විරෝධයේ ඇති අධිපතිවාදී, බලහත්කාරී බව එලිකරන්නෙත් මේ ඇත්තමයි*
එතකොට බුදු දහමට සුවිශේෂී වුණු කාරණා මොනවද? කර්ම කියන එකත් බුදුන් විසින් පාවිච්චි කරපු ඊට කලින් ඉඳන්ම පැවතුණු සංකල්පයක්. සියලූ පූජාවන්ට වඩා ‘පැහැදිලි සිත’ ප‍්‍රධාන වෙනවා කියන කාරණය වුණත් බුදුන්ට කලින් ජෛනයන් විසින් දේශනා කරනව. වේද ග‍්‍රන්ථ වලට වෙනස් විමුක්තියක් දේශනා කිරීමත් ගොඩක් ශාස්තෘන්ට පොදුවුණු කාරණයක්. විමුක්තිය ලැබෙන්නේ පිරිසිදු මාංශයෙන් නොව කරන ක‍්‍රියාවන්ගෙන් සහ සිතන සිතිවිලි වලින් කියන දේත් සිද්ධාර්ථ ගෞතමට කලින් බුදුවරු කරන දේශනාවක්. අත්හැර දැමීමෙන් සහ හික්මවීමෙන් විමුක්තිය ලැබීමේ උත්සාහය වුණත් අපේ බුදුන්ට සීමා වුණු දෙයක් නෙමෙයි. පහල කුලවල අයට විමුක්ති මාර්ගයට එළඹෙන්න ලැබුණු අවස්ථාව වුණත් බුද්ධ ශාසනයේ වගේම අනෙක් ගොඩක් ආධ්‍යාත්මික මාර්ගවල විවෘත වෙලා තිබුණ. කාන්තාවන්ට මහණ වෙන්න දීපු එකත් බුදුන්ට කලින් ජෛනයන් ඇති කරපු නිදහසක්. බුදු වෙලා අවුරුදු 25ට පස්සෙ භික්ෂුනී ශාසනයට අවසර ලබා දුන්නත් ඊට පස්සෙ ඒ නිදහස පුළුල් කරන්න ශාසනය ඇතුලෙ ගත්ත උත්සාහයක් සඳහන් වෙලා නැහැ.
මේ හින්දම අපි කියන ශාක්‍යමුනි චරිතය ගැන දැන් විසංවාදයන් මතුවෙන්න අරන්. වේද සහ සාම්ප‍්‍රදායික ඇදහිලි රටාවන්ට එරෙහිව ගොඩනැගුණු විවිධ ආධ්‍යාත්මික ප‍්‍රවේශයන් මේ එක් බුද්ධ කියන චරිතයක් වටා පෙලගස්සලා කියන එකයි ගොඩක් විශ්ලේෂකයො දකින විදිහ. මේ නිසාම බුද්ධ කියන්නෙ චරිතෙකට වඩා සංකල්පයක් කියන තැනින් හිතන්න විචාරයක් සහිත බටහිර ආධ්‍යාත්මික ගවේෂකයන් පෙළඹිලා තියෙනව.
බුද්ධ කියන සංකල්පය ඇත්තටම බ‍්‍රාහ්මණ දර්ශනයේම අඩංගු වෙලා තිබුණ. බුදුන් බුද්ධත්වය සොයා යන අවධියේදිත් ‘මම බුද්ධ’ කියන අය මුණගැහෙනව. මේ විදිහට විවිධ දාර්ශනික කොටස් එකතුවෙන් නව චරිතයන් නිර්මාණය වීම කියන කාරණය ඇතුලෙන් බුදුන් විතරක් නෙමෙයි ජේසුන් සහ අනෙකුත් ආගමික ශාස්තෘවරුන්ගෙ ඉතිහාසයත් ප‍්‍රශ්න කරන්න පටන් අරගෙන. ඒ එක්කම මානව විද්‍යාඥයන්ගෙ පර්යේෂණ නිසා මේ හැම ශාස්තෘ කෙනෙකුටම පොදු වූ ගොඩනැංවීම් හඳුනාගන්නත් පුළුවන් වෙලා තියෙනව. උදාහරණයක් විදිහට මව කන්‍යාවක් වීම බුදුන්ට වගේම ජේසුන්ටත් පොදු කාරණයක්. ජේසුන් බිහිකරන මරියා ට වඩා වෙනස්ව සිද්ධාර්ථ බිහි කරන ‘මායා’ කාලයක් තිස්සෙ රකින ශීලයක් නිසා කන්‍යා දරු උපතක් ගැන අදහස ගේනව. ඒ ශීලය රකින නිසා මායා සුද්දෝධන සමග සංසර්ගයකින් නෙමෙයි සිද්ධාර්ථ පිළිසිඳ ගන්නෙ. ඒ වගේම මේ ශාස්තෘවරුන් ගේ මව්වරුන්ට ‘ම’ (මරියා, මායා* ශබ්දයෙන් යුත් නම් පාවිච්චි වෙන එකත් පොදු කාරණයක්.
ටිකක් හොඳට බැලූවොත් බුද්ධ චරිතෙ සහ ජේසු ක‍්‍රිස්තුගේ චරිතෙ අතර ගොඩක් සමානකම් මුණගැහෙනව. මේ කාලයක් තිස්සෙ ජන ව්‍යවහාරෙ ඇතුලෙ මේ චරිත ගොඩනැංවීම් සිද්ද වෙන්නෙ එකම සාමූහික සිතීමේ රටාවකින් හින්ද.
බුදුන්ගේ සහ ජේසුන්ගේ සමාන ලක්ෂණ
1. ලිංගික එක්වීමකින් තොරව උත්පත්තිය
2. ජේසුන්ගේ ජෝන් බැප්ටිස්ට් අත්හැර එන මුල්ම ශිෂ්‍යයෝ පස්දෙනා වගේම බුදුන්ටත් පස්වග මහණුන් මුල්ම සිසුන් විදිහට මුණගැහෙනව
3. බුදුන්ටත් පසුව ජේසුන්ට පරිදිම ප‍්‍රධාන සිසුන් 12 දෙනෙක් ඉන්නව.
4. බුදුන් ඊට පෙරාතුව විසූ බුදුවරු දෙනමක් සමග සංවාද කරන අතර ජේසුන්ද ඊට පෙර සිටි මෝසෙස් සහ එලීජා සමග සංවාද කරන අවස්ථා එනව.
5. බුදුන් බුදු වෙද්දී මාරයා එන්නා සේම ජේසුන් භාවනා කරද්දී සාතන් එනව.
6. ජේසුන් වගේම ඇතැම් තැන්වලදී බුදුන් ජලය මත පාවෙන විදිහට නිර්මාණය කරල තියෙනව (ලංකාවෙ නෙමෙයි*
7. සියල්ලන්ට පේ‍්‍රම කරන්න සහ සියල්ලන්ට මෛත‍්‍රී කරන්න වගේ අදහස් හු`ගක් ළ`ගයි.
මේ විදිහට තවත් ගොඩක් සමානතා ලැයිස්තුවක් ඉන්ටර්නෙට් එකේ තියෙනව. මේ කාරණා එක්ක අපිට පැහැදිලි වෙන්න උවමනා කාරණය වෙන්නෙ ‘බුද්ධ‘ කියන්නෙ ආධ්‍යාත්මික සම්ප‍්‍රදායක් මිස තනි පුද්ගල චරිතයක් නෙමෙයි කියන එක. ඒ වගේම මේ ආධ්‍යාත්මික දර්ශන මානව විද්‍යාත්මකව විශ්ලේෂණය කරද්දි මේ සංකල්ප ලෝකෙ හැම තැනකම මේ විදිහට ගොඩනැගෙන බවත් පැහැදිලි වෙනව. බුද්ධ කියල ලංකාවෙ අපිට කියන දේශපාලනීකරණය වුණු බලහත්කාරී අදහසක් ඇතුලෙ අවිචාරයෙන් ජීවත් නොවී මේ සංකල්ප සහ ගොඩනැංවීම් සමාජ දේශපාලන සහ ඓතිහාසික සංදර්භයන් ඇතුලෙ ආයිමත් කියවන්න උවමනායි. උදාහරණයක් විදිහට ගණනාථ ඔබේසේකර කියන විදිහට පුනර්භවය කියන සංකල්පය ඇබොර්ජීන්වරුන්ටත් පොදුයි. ඒ අය හිතන්නෙ ලිංගික ඇසුරක් නැතිව ආත්මයක් කුස තුලට රිංගා ගැනීමෙන් ඒ හැම කෙනෙකුගේම උත්පත්තිය වෙනවා කියන එක. එතකොට පියා සමග ලිංගික ඇසුර නොතකා හැරීම මනෝ විශ්ලේෂණයේ ඊඩිපස් සංකීර්ණය ඒ සමාජ අවිඥාණය මත ක‍්‍රියා කිරීමක් විදිහට ගණනාථ විස්තර කරනව. (මේක අනෙක් කන්‍යා/අලිංගික උත්පත්ති වලටත් පොදුයි*
මේ දේවල් කියාගෙන යනකොට බුද්ධාගම ඇසුරෙන් ගොඩනැගුණු සිංහල බෞද්ධ අනන්‍යතාවලට රිදෙන්න පුළුවන්. ඒත් ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට බුද්ධ කියන සම්ප‍්‍රදාය මේ කාරණා වලට වඩා පුළුල් තැනක තව තවත් වර්ධනය වෙනව. ඒත් ඒ ලාංකේය ථේරවාදය නම් නෙවෙයි.
මට සෙන් ආචාර්යවරයෙක් වුණු ලින්ජිගේ කතාවක් මතක් වෙනව.
ඔබට යන මගදී බුදුන් මුණ ගැසුණොත්, ‘වහාම බුදුන් මරා දමන්න’, ලින්ජි කියනව. මේ කතාව ඇතුලෙ ආධ්‍යාත්මික පුහුණුවක් හැටියට බුදුදහම ගැන ලොකු කතාවක් තියෙනව. ලින්ජි මේ කියන ගමන/මාවත භාවනාව හෝ වෙනයම් ආධ්‍යාත්මික පුහුණුවක් වෙන්න පුළුවන්. මේ පුහුණුවේදි ඔබට බුදුන් මුණගැහෙනවා කියන්නෙ නැවත සංකල්පයක්. ඒ සංකල්පය ඔබ විසින් හෝ සමාජය විසින් ඔබේ මනසෙ නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් සියලූ සංකල්පයන් විනිවිද යන්නට ඔබ කරන පුහුණුව ඇතුලෙදි මේ සංකල්පය බාධාවක් විතරයි. ඒ නිසා බුදුන් පිළිබඳ සංකල්පය වුණත් වහාම මරා දමන්න කියල ලින්ජි කියනව.
බුද්ධ සම්ප‍්‍රදාය දේශපාලනීයකරණය කරනවා වෙනුවට ඒ ඇත්ත ආධ්‍යාත්මික මාර්ගය යෝජනා කරනවා නම් අපේ සිංහල බෞද්ධ බුදුන් නැවත විසංයෝජනය කරන්නම වෙනව. බුද්ධ චරිතෙ වටා ගොඩනැගුණු බලකේන්ද්‍රයන් නැවත ප‍්‍රශ්න කරන්න වෙනව. බුද්ධ කියන්නෙ චරිතයක් වෙනුවට සම්ප‍්‍රදායක් නැත්නම් ‘ආධ්‍යාත්මික තත්වයක්’ කියන තැනින් ආයිමත් අපිට අපිව කියවා ගන්න වෙනව.
එතකොට බුදුදහම කියල අපිට පන්සල් වල උගන්නන ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නව.
www.truthbeknown.com