නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
විදසුන් උපදෙස්
‘යෙසං සමේබාධි අංගෙසු
සම්මා චිත්තං සුභාවිතං
ආදාන පටිනිස්සගෙ ග
අනුපාදාය යෙ රතා
බීණාසවා ජුතීමන්තා
තෙ ලොකෙ පරිනිබ්බුතා’
මේ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ අගටම එන ගාථාවයි. මේ ගාථාවත්, මීට කලින් තිබෙන ගාථා දෙකත්, බුදුපියාණන් වහන්සේ සැවැත්නුවරදී ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා 500 නමකට උන්වහන්සේලාගේ මාර්ග ඵලාවබෝධයට උපකාර වන අන්දමින් දේශනා කළ බව ධම්මපදට්ඨකථාවේ නිදාන කථාවේ සඳහන් වෙනවා. අපි මේ ගාථාවෙ අඩංගු වැදගත් පද විවරණය කරන කොට, ඒ තුළින් අපට මතුකරගන්න පුළුවනි, භාවනා කර්‍මස්ථානවලට අදාල කරුණු රාශියක්. මේ ගාථාවෙ අර්ථය මුලින්ම අපි ප්‍රකාශ කළොත්.
‘යෙසං සමේබාධි අංගෙසු සම්මා චිත්තං සුභාවිතං’ – ‘යම් කෙනෙකුන්ගේ සිත සම්බොජක්‍ධඞගයන්හි මැනවින් පුරුදු කරන ලද්දේද, වඩන ලද්දේද, ඒවගේම, - ‘ආදාන පටිනිස්සගේග රතා’ අල්ලා නොගෙන, ඇදගැනීම් සහ අත්හැර දැමීම් කියන දෙක පිළිබඳව ඇලුනාහුද’ – ‘අනුපාදාය’ අල්ලා නොගෙන කියන එකයි. ‘ඛීණාසවා ජූතීමන්තාතෙ ලොකෙ පරිනිබ්බුතා’ ‘ජෝතිමත්වූ ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ලොවෙහි පිරිනිවියාහුය. පිරිනිවීමට පත්වූවාහුය’ කියන එකයි, අදහස වශයෙන් ගන්න තිබෙන්නෙ.
දැන්, - ‘යෙසං සමේබාධි අංගෙසු - සම්මා චිත්තං සුභාවිතං’ – මුලින්ම සඳහන් වෙනව ඒ භාවනා මනසිකාරයේ යම්කිසි දියුණු තත්ත්වයක්. යම් කෙනෙකුන්ගේ සිත සම්බොජඣඞග පිළිබඳව මැනවින් වැඩුණු තත්ත්වයකට, දියුණුවූ තත්ත්වයකට පැමිණ පවතීද කියන එකයි. මේ සම්බොජඣඞග සඳහන් වෙන්නේ බෝධිපාක්‍ෂික ධර්‍ම අතර, සතිපට්ඨාන භාවනාවෙ එක්තරා දියුණු අවස්ථාවක් හැටියටයි.
සතර සතිපට්ඨාන, ඒවායින් ඊළඟට සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පඤ්ච ඉÁද්‍රිය, පඤ්ච බල-මේවා දියුණු කිරීමෙන් - මේවා ක්‍රමානුකූලව දියුණු කිරීමෙන්, කෙනෙකු තුළ මේ බොජඣඞග ධර්‍ම වැඩෙනව. බුදුපියාණන් වහන්සේගේ බෝධිපාක්‍ෂික ධර්‍ම දැක්වීමේදී පවා එක්තරා ක්‍රමානුකූලÀවයක් තිබෙනවා, ඒවා එකක් වඩල, කලකට පස්සෙ අනිත් එක වැඩීම වගේ දෙයක් නොවෙයි. නමුත් ඒවායේ යම්කිසි ක්‍රමානුකූලÀවයක් තිබෙනව. ඒ බොජඣඞග මේ තරම් මේ සුභාවිත තත්ත්වයට වැඩෙන අවස්ථාව වෙනකොට, අර අනිකුත් කියන දේවල් හුඟක් දුරට වැඩිල. මේ සුභාවිත තත්ත්වයට සිත වැඩෙන්නෙ බොජඣඞග තුළින්, මේ බොජඣඞග හත පිළිබඳව එක්තරා පෙලගැසීමක් ඇති තැනට පත්වීමෙන්.
සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා කියන බොජඣඞග ධර්‍ම හතෙන් මේවායින් මුලින්ම මෙතන දක්වල තියෙන්නෙ සතියයි. ඒ දක්වපු ආකාරයෙත් යම් කිසි ක්‍රමානුකූලÀවයක් තිබෙනව. සතිය පිරිසිදු වෙනකොට ධම්මවිචය වශයෙන් ඒ ඒ ධර්‍මයන් පිළිබඳව පෙනිල, ඒවායේ යථාස්වභාවය පිළිබඳ දැනීමක් ඇතිවෙනව. සිත අවදිමත්ව, කුසලාකුසල ධර්‍මයන් හඳුනා ගැනීමට – ඒවා පිළිබඳව කළ යුතුදේ කිරීමට, ප්‍රහානය භාවනාව ආදිය – ඒවාට අවශ්‍ය දැනීම ලැබෙනව, සතිය තුළින්. ඊළඟට ඒ ධම්මවිචයෙන් ලැබෙන දැනීම ආශ්‍රය කරගෙන සම්‍යක් වීQය - හොඳට වීQය - යොදන කොට, ඒ වීQය. යෙදීම ඊළඟ සම්බොජඣඞගය හැටියට ගන්න පුළුවන් - සති, ධම්මවිචය, විරිය.
ඒ වීQය යෙදීමෙදී අර ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා’ කියල කිව්ව ආකාරයට, ඒ වීQය යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන්, පී‍්‍රතියක්, මතු වෙනව - නිරාමිස පී‍්‍රතියක්. ඒ නිරාමිස පී‍්‍රතිය සන්සිඳුවා ගන්නා යෝගාවචරයා පස්සදධියක් – තැන්පත් බවක් – භුක්ති විඳිනව. ඒ තැන්පත් බව තුළින්ම – කායික සහ මානසික – ඒ සිත පිළිබඳ සුඛය ඇති වීමෙන් ඒ සුඛය සමාධිය ගෙන එනව. සමාධිය ලැබුනට පස්සේ, තවත් අමුතුවෙන් කළයුත්තක් නැති නිසා, අමුතුවෙන් ඒ සඳහා උත්සාහයක් අනවශ්‍ය නිසා, ඊළඟට කරන්නේ උපේක්‍ෂාව. උපේක්‍ෂාවේ තිබෙන්නෙ අර ලබාගත් සමාධිය ආරක්‍ෂා කරන ගුණය. ඒ වගේම උපේක්‍ෂාව අර බොජඣඞග ධර්‍මවල උපරිම තත්ත්වය හැටියට සැළකුවාම, උපේක්‍ෂාව ප්‍රඥාවට ළඟයි.
‘සමේබාජඣඞග‘ - සම්බෝධි අංග‘ කියන එකේ එතන අර්‍ථයත් – ‘සම්බෝධි’ කියල කියන්නේ අවබෝධය පිළිබඳ අදහසයි, බුද්ධත්වය පමණක් නොවෙයි අර්හත් ඵලය පවා, අවබෝධයට උපකාර වන අංග 7ක් මේ. මේ පෙල ගැස්වීම එතකොට, සම්බෝධිය සඳහායි. අවබෝධය සඳහායි. අවබෝධයට ඉතාමත්ම නැඹුරුවන, කිට්ටුවන, ධර්මයක් තමයි උපේක්‍ෂාව. උපේක්‍ෂා තත්ත්වයට ගෙනාවට පස්සේ, යථාභූත වශයෙන් යමක අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒකට උපකාරවන අංගයත් ඒ ළඟම තියෙනව - සමාධිය. එතෙක්, ඒ සමාධිය සකස්කර ගැනීමටයි අර අනිකුත් ඒ සතියෙ ඉඳලම ආරම්භ කරන අනෙක් ධර්‍මපෙළ තියෙන්නේ. ඉතින් ඒ විධියට බැලුවහම ඒ බොජඣඞග ධර්‍ම හත අතරත් ක්‍රමානුකූලÀවයක් තිබෙනව.
ඊළඟට තවත් පැත්තකින් මේ බොජඣඞග ධර්‍ම වැඩීම ගැන හිතල බලනකොට, මුල් අවධියෙදී, මුල් අවස්ථාවෙදි මේ බොජක්‍ධඞග ධර්ම පෙළ ගස්වන්න අමාරු බවක් එනවා. අර ඉÁද්‍රිය සමතාව ගැන ප්‍රකාශකරනව වගේ – ඉන්ද්‍රිය ධර්‍මයන් පිළිදඳව - දැන්, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ධර්‍මයන් ගැන යම්කිසි කෙනෙක් විග්‍රහ කරල බලනව නම්, එතනත් තිබෙන්නෙ එක්තරා සමතාවක්. ඒක අවශ්‍යවෙනව. ඒවා පුරුදු කිරීමේදී කෙනෙකුට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමබර කිරීමට, ඊළඟට වීර්යත් සමාධියත් සමබර කිරීමට. මේ දෙකට, සතිය මැදින් ඉඳගෙන ඒ අවස්ථාවේ ඒ කෘත්‍යය කරනව. දැන් මෙතන සතිය මුලින් සිටින්නෙ.
මුලින් සිටගෙනත් අර තමාට අයිති වැඩක් කරනවා. ඒ කියන්නේ අනිකුත් ධර්‍ම පෙළගැස්වීමක් කරනවා. අර සතිය මැදින් ඉඳන් අනිත් ධර්‍ම හසුරුවන්න වගේ, මෙතන සතිය මුලට සිටගෙන - පෙරමුණේ සිටගෙන – උද්ධච්චය පැත්තට හැරිල ඉන්න තුන්දෙනා, කෙලින් කරනව මේ පැත්තට වැඩියි කියල. ඊළඟට අර අනිත් පැත්තට - කොසජ්ජයට නැත්නම් කුසීතබවට නැඹුරුවෙන විදියෙ ධර්‍ම හැටියට ගන්න පුළුවන් පස්සදධි, සමාධි, උපෙක්‍ඛා - ඒවාත් පෙලගස්වනව. ඒවා පමණට වැඩිය අනිත් පැත්තට නැඹුරුවෙල ඉන්නව නම් ඒවත් කෙලින් කර ගන්නව.
ඔන්න ඔය විදියට සතිය තමාට අයිති කෘත්‍යය මෙතනත් කරනවා, - බොජඣඞග අතරත් – මුලින් සිටගෙන. ඒ විදියට පෙළගැහුණු අවස්ථාවෙ තමයි, ඔන්න බොජඣඞග සුභාවිත තත්ත්වයට - බොජඣඞග තුළින් සිත සුභාවිත තත්ත්වයට – පත්වුනා කියල කියන්න පුළුවන්. එතකොට දැන් මෙතන සතිය දිහා බලන කොට කෙළින්ම – එක එල්ලෙම – ඊළඟඨ පේන්නෙ උපෙක්‍ඛාව. අනිත් ධර්‍ම වැඩිය පේන්නෙ නැහැ. ඒවයෙ කෘත්‍යය කරල ඉවරයි. එතකොට, සතිය යොදන තැන දැන් උපෙක්‍ඛාවත් තියෙනව. සතිය යොදන කොට එතනම ඒකාග්‍රතාව සමාධියට අදාල එකාග්‍රතාව - උපේක්‍ෂාව, උපේක්‍ෂා ඒකාග්‍රතා මේ දෙකම ඇති ඉතින්, ඊළඟට – ඒ දෙක යොමුකරන කොට අර ධර්‍ම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ යොමුකිරීම තමයි භාවනා මනසිකාරය - මෙනෙහි කිරීම.
මේ විධියට මේ මෙනෙහි කිරීම. ‘මෙනෙහි කිරීම’ කියන වචනය පවා විදශ¡නාවේදී එක වචනයම යෙදුවට මොකද මේ වචනය භාවනාවේ ගැඹුරට යන්න යන්න නැවත විග්‍රහ කළයුතු තත්Àවයක් තිබෙනව. ආරම්භයෙදි මෙනෙහි කිරීම ඉතාම ඕළාරික වශයෙන් කරන්නට සිද්ධවෙනව. තමා සිටින තැනින්මයි ගමන පටන් ගන්නෙ.
ඒක නිසා මෙනෙහි කිරීමේදි දැන් - සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව පිළිබඳ උපදෙස් දීමේදී එහෙම - සාමාන්‍ය ලෝකයේ තියන මෙනෙහි කිරීමට වඩා තරමක් ගැඹුරු අන්දමින්, දකින දේ – අර ‘න නිමිත්තගගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී’ කියන ආකාරයට නිමිති අනුව්‍යඤජන නොගෙන – ඒ වැඩි විස්තර සොයන්නෙ නැතිව ‘රූපයක් රූපයක්’ ඒ වගේම අසන ශබ්දය, පිළිබඳව, ‘සද්දයක්, සද්දයක්’ කියල එතනින් දෙන උපදේශය යෝගාවචරයින්ට. නමුත් මේ මෙනෙහි කිරීම තුළත් තිබෙනව ඕළාරික අංග. ඉදිරියට යනකොටයි ඒවා වැටහෙන්නේ.
මොකද ඒකට හේතුව? මේ මෙනෙහි කිරීමේදී අර ‘රූපයක්, රූපයක්’ ‘සද්දයක්, සද්දයක්’ කියල ඒ විදියට හිතට දීමෙන් කෙරෙන්නෙ මොකක්ද? ඒකට අරමුණු තත්ත්වයක් ලැබෙනව. ඇත්තවශයෙන්ම, මෙනෙහි කිරීමට අරමුණක් අවශ්‍යයි, නමුත් විදර්ශනාවෙ ගැඹුරට යනකොට තේරෙනවා කෙනෙකුට – ‘මේ අරමුණ කියන්නෙ එල්බ ගන්න දෙයක්, ආරම්මණ’ – එල්බගන්නව. මොන විදියෙ එල්බ ගැනීමක් හෝ තිබෙනව නම් එතන අවිද්‍යාව තිබෙනව. අවිද්‍යාව දිගට ගෙනයාමට උපකාර වන දෙයක් ඒක. නමුත්, ‘අනුපුබ්බ සික්‍ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා’ කියන න්‍යායයට අනුව ක්‍රමානුකූලවයි මේ මෙනෙහි කිරීම පිළිබඳව ඒ කියන තත්ත්වයට කෙනෙක් එන්නෙ.
මුලදී අර සාමාන්‍ය ලෝකයා මෙනෙහි කිරීම කරන ආකාරය අත්හැරල, ‘ස්ත්‍රියක්, ‘පුරුෂයෙක්’ එහෙම නැත්නම් වෙන නොයෙකුත් ඒ අංගෝපාංග අනුව සිතට ඒව දීල කෙලෙස් වඩවන්නෙ නැතුව, හැකිතාක් දුරට, කෙලෙස් නොඑන ආකාරයට අර ‘රූපයක්’ ‘සද්දයක්’ ආදි වශයෙන් මෙනෙහි කරනවා. නමුත් ඈතට යන්න යන්න කෙනෙක් කල්පනාවට ගන්නව ‘මෙන්න මෙතන තිබෙනව මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව - ඒ වගේම භාෂාව්‍යවහාරය පිළිබඳව - ඇති යම්කිසි මිථ්‍යාවක්, තමා දැඩිව ගත්තු මිත්‍යාවක් දීඝ¡ සංසාරයේ. ඒකට හේතුවන අර දෙකොනක් සහ මැදක් කියන ඒ අදහස මේ මෙනෙහි කිරීම තුළ ඉතිරි වෙනව, ‘රූපයක්’ ‘සද්දයක්’ කියලා ගැනීමේදී.
ඒ කියන්නෙ අර දෙකොනක් හැටියට සිටිනව. ඇසක් තිබෙනව, ඇසයි – රූපයයි, කනයි - සද්දයයි. ඒ විදියට දෙකොනක් තිබෙනවා. දෙකොනක් ඇති තැන මැදකුත් එනව, ඉතින් මෙන්න මේ විදියට - කොටින්ම කියනව නම් මෙතන ග්‍රාහක භේදයකට ඉඩ තිබෙනව. යෝගාවචරය ඉන්නව, කවරෙක් හෝ වේවා, යෝගාවචරයගෙ හිතට යම්කිසි අරමුණක් එනව. ඒ අරමුණ හැටියට මෙනෙහි කරගන්නව, වැඩිදුර නොසෙව්වත්. මෙන්න මෙතන තිබෙන මේ බන්‍ධනයත් කඩන්න සිද්ද වෙනව ඉදිරියට යාමේදී. මොකද? දැන් සඤ්ඤාව - දැන් මේව සඤ්ඤා – රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා කියල කියන්නෙ මොකද? බුදුපියාණන් වහන්සෙ සංඥාඋපාදානස්කන්‍ධය දක්වල තියෙන්නෙ මිරිඟුවක් හැටියට.
එතකොට සඤ්ඤාව මිරිඟුවක් නම්, රූප සඤ්ඤාව කියල කියන්නෙ මොකක්ද? ඒ පෙනෙන රූපයත් මිරිඟුවක් වෙන්ට ඕන. ‘සද්දසඤ්ඤා – ඒකත් මිරිඟුවක් වගේ. ඇහැට පෙනෙන දෙයක් නූනත් මිරිඟුවක ස්වභාවය ඇති දෙයක්. මිරිඟු ස්වභාවය ඇති දෙය ඇත්ත වශයෙන්ම තිබෙනව කියල ගැනීම මෝහයට, මුළාවට හේතුවන දෙයක්. ඒක නිසා මේ මිරිඟු ස්වභාවය ගැඹුරින් වටහාගැනීමට – ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට – උපකාර වන සියුම් මනසිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව. අන්න ඒ නිසා ඊළඟට යෝගාවචරය අර ‘රූපයක්’, ‘සද්දයක්’ කියල මෙනෙහි කිරීම වෙනුවට ‘දැකීමක්,’ ‘දැකීමක්’, ‘ඇසීමක් ඇසීමක්’ දැනීමක් දැනීමක්’ ‘සිතීමක් සිතීමක්’ ආදි වශයෙන් මේ සිදුවන දේ ඉතාමත්ම කෙටියෙන් මෙනෙහි කරල – හිත ඈතට යන්න දෙන්නෙ නැහැ.
කොටින්ම කියනව නම් මෙතෙන්දි මේ උත්සාහ ගන්නේ අර සඤ්ඤාවටවත් හසු නොවී මෙනෙහි කිරීමේදී හැකිතාක් දුරට දැනීම් මාත්‍රයෙන් නවතින්න – තර්කයේ දැලට අහුවන නිසා අර දෙකොනට සහ මැදට. ඒකට ද්වයතාව කියල කියන්නත් පුළුවන්. මේ හැම එකකම තිබෙනව ග්‍රාහ්‍ය - ග්‍රාහක භේදයක්. අල්ල ගන්න කෙනෙක් ඉන්නව, අල්ල ගන්න දෙයක් තියෙනව - ඔය විදියට – දුටු කෙනෙක් ඉන්නව, දුටු දෙයක් තියෙනව කියල. එහෙම ගැනීම නිසා අර මෝහයට ඉඩ ලැබෙනව.
එතකොට, මේ සඤ්ඤාව මිරිඟුවක්. මේ මිරිඟු ස්වභාවය තේරුම් ගැනීම සඳහා, ‘මෙතන තියෙන්නෙ දැකීමක්, දැකීමක්, කොයි ආකාරයකින් නමුත් දැකීමක්, ඇසීමක්’ කියල එපමණක් හිතට දෙනව. දැකීම් මාත්‍රයෙන් නවතිනව, ඇසීම් මාත්‍රයෙන් නවතිනව, දැනීම් මාත්‍රයෙන් නවතිනව, සිතීම් මාත්‍රයෙන් නවතිනව. ඒකට – ඒ අරමුණට - වෙනෙකක් තබා ඒකට නමක්වත් දෙන්නෙ නෑ. ඔන්න ඔය විදියට ඒ නමසිකාර ක්‍රමය පැවැත්වීමේ අදහස අර ඉදිරියට යම්කිසි අවස්ථාවක ඒ යෝගාවචරයට අසමිමානය පවා ඉවත් කරන්න සිදුවෙනව.
අසමිමානය – භවය කියන එක ඇත්ත වශයෙන්ම මැනීමක්. මේ භවය මනින්න කූඤ්ඤ දෙකක් ගහගන්නව වගේ තමයි අර දෙකොනත් – ග්‍රාහ්‍යග්‍රාහක – අල්ල ගන්න කෙනෙක් ඉන්නව, අල්ල ගන්න දෙයක් තියනව. අන්න ඒ විදියට කූඤ්ඤ ගහගෙනයි, ඒ දෙකක් අතරයි භවය තිබෙන්නෙ – පැවැත්ම තිබෙන්නෙ. මේ කූඤ්ඤ උගුල්ලල දාන්න සිද්ධවෙනව. දෙකක් ඇති තැනක මැදකුත් එනව. ඔන්න ඔය විදියෙ තත්ත්වයක් තියෙනව. ඒකෙන් මිදීමටයි එතකොට උත්සාහය තිබෙන්නෙ. ඔන්න ඔය විදියට – ‘යෙසං සමේබාධි අංගෙසු - සම්මා චිත්තං සුභාවිතං.’
ඊළඟට කියවෙනවා හොඳ වටිනා පද කීපයක්. ‘ආදාන පටිනිස්සගේග - අනුපාදාය යෙ රතා. ‘ආදාන’ කියල කියන්නෙ ඇදගැනීම. ‘පටිනිස්සග්ග‘ කියල කියන්නෙ අතහැරීම. ‘ඇදගැනීම, - අතහැරීම’ කියන අර්ථ දෙන්න පුළුවන්... ‘ආදාන පටිනිස්සග්ග,’ ඊළඟට, ‘අනුපාදාය’ – ‘අල්වා නොගෙන’ ‘යෙ අනුපාදාය ආදාන පටිනිස්සගේග රතා’ කියලයි ගන්න වෙන්නේ. යම් කෙනෙක් අල්වා නොගෙන ඇදගෙන විසි කරනවා, ඇදගෙන අතහරිනව. මෙතන කියන අදහස අර අපි කලින් කියාපු දෙකොන සහ මැද කියන ඒ අදහසට ළං කරගන්න පුළුවන්. දෙකොනක් පෙන්නුම් කරනව ආදාන පටිනිස්සග්ග කියන වචන දෙකෙන්. ඇදගැනීමක් තිබෙනව, අතහැරීමක් තිබෙනව.
ඒ දෙකට මැදින් තිබෙනව ‘අල්වා ගැනීම’. මේ අල්වා ගැනීම’ කියන වචනයට නිතර යෙදෙන හුරුපුරුදු වචනය තමයි ‘උපාදානය’. ‘උපාදානය’ කියල කියන්නෙ අල්වාගැනීම, ‘උපාදාය’ කියන්නෙ ‘අල්වාගෙන’ – පූව¢ක්‍රියාව. ‘අනූපාදාය’ කියල කියන්නේ ‘අල්වා නොගෙන.’ එතකොට දැන් මෙතන තියෙනව, ආදාන’ – ‘ඇදගැනීම’, ‘උපාදාන’ – අල්වාගැනීම’ ‘පටිනිස්සග්ග‘ – අතහැරීම.’ මෙතන මැදට එන්නෙ අර උපාදානයයි. මෙතන මැද හැටියට ගන්න තියෙන්නෙ උපාදානය’ අල්වා ගැනීම.’
අර අනුපාදාය කියන එක තමයි මෙතන වැදගත්ම වචනය. අල්වා නොගැනීමෙන් තමයි ‘අදාන’ ‘පටිනිස්සග්ග‘ කියන ඒ දෙකට පමණක් ඇල්ම ඇති කරගන්න පුළුවන් වෙන්නෙ. ‘ආදානපටිනිස්සගේග අනුපාදාය යෙ රතා.’ ඒ කියන්නෙ, උපාදානය නැති තැන ඇත්තෙ ආදානය සහ පටිනිස්සග්ගය කියන දෙක විතරයි. මේක නිදසුනක් මගින් තේරුම් ගන්න ගියොත් වඩා පහසු වෙනව.
අපි උපමාවක් ගනිමු, දැන් සාමාන්‍යයෙන් අපි ළිඳක් ළඟට යන්නෙ වතුර ටිකක් අරගෙන බොන්න. එහෙම නැත්නම් මුහුණ කට හෝදගන්න. එහෙම නැත්නම් තවත් යම්කිසි භාජනයකට දමල ඒක ගේන්න. එතකොට, ළිඳෙන් වතුර අදිනව, ඇදගන්නව. ඊළඟට ඒ වතුර ඇදගත්තු භාජනය ටික වේලාවක් තබාගෙන එක්කො ඒකෙන් වතුර බොනව එහෙම නැත්නම් ඒකේ තියෙන වතුර තව භාජනයකට වත්කරගන්නව, මූණකට හෝදනව නම් හෝදනවා, එහෙම හෝදලා ඉතිරිවෙන යමක් තියෙනව නම් විසිකරනව.
ඒකයි සාමාන්‍යයෙන් මේ ළිඳෙන් ගන්න වතුරෙ ප්‍රයෝජනය. ප්‍රයෝජනයක් සඳහා ළිඳෙන් වතුර අදිනකොට ඔන්න ඔය විදියටයි කෙරෙන්නෙ. ‘ආදාන – උපාදාන’ – අර ඇදගත්තු වතුර පණිට්ටුව අල්ලාගන්නව. ඇදල, ඊළඟට අල්ල ගන්නව. ඊගාවට, පටිනිස්සග්ග‘ – මූණ කට හෝදගෙන ඉවරවෙල විසිකරනවා අර කුණු කන්දල් එක්ක. ඒ වතුර ටික අහක දානව. ඔන්න ඔය විදියට ඒ අර ප්‍රයෝජනයක් සඳහා අර්ථයක් සඳහා, ළිඳෙන් වතුර ගන්න එක්කෙනා කරන දේ.
අපි හිතමු, අපට උවමනා වුනා මේ ළිඳ ඉහින්න. ළිඳ ඉහින්න ඕන. ළිඳ ඉහින්න ගියාම අපි මොකද කරන්නේ? පණිට්ටුව ළිඳට දාල වතුර අදිනව - දමනවා. අදිනව දමනව. අල්ල ගැනීමක් නෑ. ඒක බොහොම වේගයෙන් කෙරෙන්නෙ. ඒ පණිට්ටුව අරගෙන ඒක අරෙහෙ මෙහෙ කරන්න, ඒකෙන් ප්‍රයෝජනයක් ගැනීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වෙනුවට මොකද දැන් බලාපොරොත්තුව? ළිඳ හිස් කිරීම. ළිඳේ හිස් බව දැකීම, ශූන්‍යÀවය දැකීම. ළිඳ හිස්වෙනව දැකීමයි දැන් බලාපොරොත්තුව, වතුරවලින් යම්කිසි ප්‍රයෝජනයක් ගැනීම නොවෙයි. ඒක ‘අල්ල ගන්න’ එක නොවෙයි. දැන් තියෙන්නේ ඉහින්නයි.
‘සිඤ්ව භික්‍ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති’
‘මහණ මේ නැව ඉහින්න’ කියල ධම්මපද ගාථාවක ප්‍රකාශ වෙනව. මේක හිස් කරහම සැහැල්ලු වෙනව කියලා. අන්න ඒ වගේ මෙතනත් ළිඳ ඉහින එකයි, දැන් එතකොට යෝගාවචරයට කරන්න සිද්ධවෙලා තියෙන්නෙ. ඒ ඉහීම වගේ තමයි ඔන්න අර ඇදගැනීමයි අතහැර දැමීමයි.
දැන් එතකොට මේ ළිඳ ඉහීම පිළිබඳ උපමාව අතහැරලා අපි මේකට තව ටිකක් ඈතට යන්න පුළුවන් භාවනා කර්‍මස්ථානයටම අදාළ නිදර්ශනයක් ගනිමු. ආනාපාන සතිය. ‘ආනා’ – ‘අපාන’ – හුස්ම ගැනීම - හෙළීම. ඒක කවදත් කෙරෙන දෙයක්. හුස්ම ගැනීම - හෙළීම. මේ දෙක අතර තිබෙනව නොපෙනෙන දෙයක්. නමුත් ඒක තමයි සංසාරය දිගට ගෙනියන්න. හුස්ම ගන්නෙ මොකටද? හුස්ම ගන්නෙ, මේ පැවැත්ම ගෙනයන්න. තෘෂ්ණාව, අවිද්‍යාව දිගට ගෙනයන්න. සංසාරයෙ දිගට යන්න.
මේ ශරීර කූඩුව රැක ගන්න. ‘උපාදානය’ – හුස්මක් අල්ලගන්නව. කොටින්ම කියනව නම් ‘හුස්ම අල්ලගනනව.’ එතන යටින් තණ්හාව තිබෙනව. අවිද්‍යාව තිබෙනව. ‘මමෙක්’ ඉන්නව. ‘ප්‍රාණය.’ ප්‍රාණීන්ට අවශ්‍ය මූලිකම දේ තමයි හුස්ම. මෙක මේ හුස්ම ගැනීම පමණක් නොවෙයි – ඇද ගැනීම පමණක් නෙවෙයි, මේක අල්ලගන්නව. උත්සාහ කරන්නෙ පුළුවන් නම් හුස්ම අල්ලගෙන ඒකෙන්ම අනිත් වැඩ කටයුතු කරන්න. දැන් ඔය බරක් ඔසවන පුද්ගලය, බරක් ඔසවන්න සූදානම් වෙන කොට දිග හුස්මක් ගන්නෙ මොකටද? අර ශරීරෙට ශක්තිය ලබා දෙනව, අර හුස්ම අල්ල ගැනීම. හුස්ම අල්,ගෙනයි ඊළඟට ඒ තමන්ට අයිති වැඩේ කරන්නේ. ඒ හුස්ම අල්ලගැනීම තුළයි මමත්වය – ‘මගේ ශක්තිය’, මට කරන්න පුළුවන්’ – ඔක්කොම තියෙන්නෙ.
ඒ විදියට එතකොට හුස්ම ගන්නව, හුස්ම අල්ලගන්නව, අතහරින්න සිද්ද වෙනව. අතහරින්න සිද්දවෙනව ධර්‍මතාවෙන්ම. ඒකයි ප්‍රශ්වාසය කියන්නෙ. ආශ්වාසයෙන් කෙරෙන්නේ, දකින එක්තරා ප්‍රයෝජනයකින්, බොහොම ඕනකමකින් හුස්ම ටිකක් ගැනීම, ජීවිතේ ආරක්‍ෂා කර ගන්න. පුළුවන් නම් ඒක දිගටම රඳවගන්න, ඒක ඒ තරමට හොඳයි. නමුත් බැහැ. බැරි නිසා ටික වේලාවකින් ඒකට යන්න ඉඩ අරිනව, ඒක අතහරින්න සිද්දවෙනව.
ඒක ධර්‍මතාවයි. මෙතනත් තියෙන්නෙ එතකොට ‘ආදාන පටිනිස්සග්ග‘ වගේ, බැලුවහම. මෙන්න මේ කියන දශ¡නය අනාපාන සතිය තුළින් මතුවන අවස්ථාවකුත් තිබෙනව. ආනාපාන සති භාවනාව පිළිබඳව බුදුපියාණන් වහන්සේ දැක්වූ පියවර අදහස අතරින්, අගටම එන ධම්මානුපස්සනාවට අදාළ පියවර හතර විග්‍රහ කරල බැලුවොත් මේ දශ¡නය අපට මතුකරගන්න පුළුවන්.
අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
නිරොධානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
නිරෝධානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
කියල ඔය විදියට ඒ හික්මීමෙදි කෙරෙන්නෙ මොකක්ද? මේ අනිත්‍යතාව දකිනව. මෙන්න මෙතනත් තියෙනව ක්‍රමානුකූලÀවයක්. අනිත්‍යතාව දකිමින්ම ආශ්වාස කරනව, අනිත්‍යාව දකිමින්ම ප්‍රශ්වාස කරනව, ආශ්වාසයන්ගෙත් අනිත්‍යතාව දැකගන්නව. යෝගාවචරය දන්නව දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසය තුළ තියෙන අනිත්‍ය ස්වභාවය.
අනිත්‍යතාව දැකීමේ නිදශ¡නයක් හැටියටයි මේ ආශ්වාස කරන්නෙ, මේක ශික්‍ෂණයක්. නිකම්ම හුස්මක් – ජීවත්වීමට, සංසාරයෙ දිගට යෑමට, ගන්න හුස්මක් - නෙවෙයි යෝගාවචරය ගන්නෙ. යම්කිසි පාඩමක් ඉගෙන ගන්න විදශ¡නාව දියුණු කරගන්නයි. දැන් ඒ සඳහා උපකාර කරගන්නව කර්‍මස්ථානයක් හැටියට ඒ ධර්‍මතාව වටහා ගැනීමට. එතකොට ආශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව, ප්‍රශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව. ඒ අනිත්‍යතා දශ¡නය – ඒ අනුපස්සනාව - දියුණු කරගැනීමයි මේ ශික්‍ෂණයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
එතකොට, මේ අනිත්‍යතාව කියන්නෙ මොකක්ද, මේක වචන දෙකකින් කිව්වොත් මේ අනිත්‍යතාවෙ පෙති දෙක ‘උදය-වය’. මේක ඇතුළෙ තියෙන්නෙ ඇතිවීම සහ නැතිවීම කියන එකයි. ඒ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ අවබෝධය ගැඹූරුවන තරමට අනිත්‍යතාව ප්‍රකට වෙනව. ඒකයි, අර විදියට අර සම්බොජඣඞගාදිය දියුණු කළ, අනිකුත් සතිපට්ඨානයට අදාළ දේ දියුණු කළ, යෝගාවචරය තුළ, ආනාපාන සතියම පවා ඔය තරම් දුරට දියුණු කළ තැනැත්තා තුළ, ධම්මානුපස්සනා අවස්ථාවේදි ඔය කියාපු අනිත්‍යතා දශ¡නය යම්කිසි ප්‍රමාණයකින් තිබෙනව.
ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවයි කියන එක. එතකොට මේ ඇතිවීම සහ නැතිවීම දකින යෝගාවචරයාට ඒ අනුපස්සනාව ගැඹූරට යන්න යන්න, ඉපදීම වැටහෙන්න වැටහෙන්න, ශීඝ්‍රව වැටහෙන්න වැටහෙන්න, සියලු සංස්කාරවල සමුදය පක්‍ෂයට- උදය පක්‍ෂයට – වඩා වය පක්‍ෂය වැඩියෙන් දැනෙන්න පටන් ගන්නව.
ශීඝ්‍රයෙන් කරකැවෙන යම්කිසි රෝදයක සලකුණක් දිහා බලන්න උත්සාහ කරන කොට, ඒ රෝදය වේගයෙන් කරකැවෙන කොට, අර ඒ සලකුණු කළ තැන පහතට වැටෙන එකයි වැඩිය පැහැදිලිව පෙනෙන්නෙ. අන්න ඒ වගේ, ආශ්වාසයට වඩා මේ ප්‍රශ්වාසය තුළින්ම බිඳිල යන ආකාරය - මේක බිඳ වැටෙන ආකාරය, වැඩියෙන් ප්‍රකට වෙනව - වය පක්‍ෂය. ඒ විදියට මේ කියන ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ වය පක්‍ෂය නැත්නම් වැටෙන පක්‍ෂය වැඩිය ප්‍රකට වෙන කොට, ඒ තුළින් කෙනෙකු තුළ ඇතිවෙනව විරාගයක් - නොඇල්මක්. ඇල්මක්, තණ්හාවක් ඇතිවයි මේ ආශ්වාසයක් ගන්නෙ. සමුදය පක්‍ෂයටයි නැඹුරුවුනෙ. නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම - මෙන්න මේ සංස්කාර. මේ සංස්කාරයන්ගෙන් අළුත් කරනව.
මේව අළුත්කිරීමට උපකාර වන දේ තමයි තණ්හාව - ‘තණ්හා පොනොභවිකා.’ අළුත් කිරීම් කරන්නෙ මේක පිළිබඳ රාගයෙන්, තණ්හාවෙන්. දැන් මෙතන අර බිඳවැටීම නිතර නිතර දකින කොට මේ පිළිබඳව යම්කිසි කලකිරීමක් ඇතිවෙනව - මේක කරදරයක් හැටියට. ඒ විරාගය නිසා අර සමුදය, - එහෙම නැත්නම් මේක නැවත නැවත මතුකර ගැනීමට ඇති තෘෂ්ණාව තුනීවෙනව. ඒ තුනීවෙන්න වෙන්න, නිරෝධය ප්‍රකට වෙන්න පටන් ගන්නව.
තණ්හාවෙන් වැසිල තිබුණයි කියල කියන්නෙ මොකද? නිරෝධය වෙනවත් එක්කම ඉතාම ශීඝ්‍රයෙන් නැවත සමුදයක් ඇතිකර ගැනීමට තණ්හාව රුකුල් දෙනව. මේ තණ්හාව ‘පොනොභවිකා නÁදිරාගසහගතා තත්‍රත්‍රාභිනÁදිනී’ ඒ ඇල්ම නිසාම, ඒ ඒ තැන සතුටුවන ස්වභාවය නිසාම ‘මේක බිඳුනට කමක් නෑ වෙන එකක් අල්ලන්න වෙන එකක් අල්ලන්න’ කියනව. ‘වෙන හුස්මක් අල්ලන්න, ඒක නැතිවුනාට කමක් නෑ’ කියලා ඔය විදියට, උසි ගන්වන ස්වභාවයක් තෘෂ්ණාවෙ තිබෙනව. මේ විරාගය නිසා අර උසිගැන්වීම අඩුවෙනකොට, ඔන්න වැඩිය පෙනෙන්නේ, වඩාත් ප්‍රකට වෙන්නෙ, නිරෝධය – නැතිවීම, බිඳීම. හිතත් පෙරලෙන විදිය. ඒ විදියට නිරෝධානුපස්සනාව. එතනත් ක්‍රමානුකූලත්වයක් තියෙනව.
ඒ විදියට නිරෝධය දකින පුද්ගලයා තුළ, මේ කරන මේ ප්‍රයත්න ව්‍යර්‍ථ වනහැටි, මේව නිෂ්ඵල වනැහැටි, මේ නිෂ්ඵල ස්වභාවය වැටහෙන්නට පටන්ගන්නව, තේරෙනව. මේව නිෂ්ඵල ප්‍රයත්න රාශියක් නිෂ්ඵල තැනක්. නිරඵ¢ක තැනක්. නිතරම ව්‍යර්‍ථවන තැන් සමූහයක්, උත්සාහ ප්‍රයත්න සමූහයක් හැටියට මේ ආශ්වාස ප්‍රශ්වාසය පවා වැටහෙනව. එහෙම වැටහෙන කොට, දැන් එතකොට, මේ ආශ්වාසය ගන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී’ – අතහැර දැමීමට. මේකෙන් වැඩක් ගැනීමට නෙවෙයි. මේකෙ හිස්බව තේරුම් ගැනීමට අනාත්ම බව තේරුම් ගැනීම - ශූන්‍යත්වය තේරුම් ගැනීමට. පටිනිස්සග්ගානුපස්සී.’ එතන ආනාපාන සතියෙ උග්‍රම විදශ¡නාව පෙන්නුම් කෙරෙනව.
‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමි’ අතහැර දැමීම දිහා බලා ගෙනමයි ආශ්වාස කරන්නෙත්. අල්ලා ගැනීමට නොවෙයි ප්‍රයෝජනයක් ගැනීමට නොවෙයි. ඒ වගේම, ප්‍රශ්වාස කරන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. අන්න දැන් අපි ආයිත් අර ළිඳේ උපමාව කිට්ටු කර ගනිමු. දැන් කරන්නෙ මේකයි. අර වතුර අදිනව වෙනුවට මේ හුස්ම අදිනව. හුස්ම අදින්නේ හෙළන්න. අදින්නේ හෙළන්න.
අල්ලගන්න නොවෙයි. හුස්ම අල්ලගෙන යමක් කරන්න නෙවෙයි. හුස්ම ගන්නෙ – හුස්ම අදින්නෙ - හෙළන්න. ඒ කියන්නෙ, යම්කිසි ධම¡තාවක් විතරයි දැන් පේන්නෙ. ඒක අල්ලගෙන වැඩක් කරන ‘මමෙක්’ වත්, ඒක අල්ලගෙන ජීවත්වෙන ‘මමෙක්’ වත් නොවෙයි දැන්. ඒ වෙනුවට මේ ශරීර කූඩුවෙ තියෙන යම්කිසි ධම¡තාවක්. හරියට ඔය බෝක්කුවක එක පැත්තකින් වතුර ඇතුල්වෙනව, අනිත් පැත්තෙන් පිටවෙනව. ඔය විදියෙ දෙයක්. අර බෝක්කුව ගැන ඇල්මක් නෑ. අතහැර දැමීම දකිමින්ම ආශ්වාස කරනව අතහැරදැමීම දකිමින්ම – ඒ අනුව බලමින්ම – ප්‍රශ්වාස කරනව. මේ තුළින්. එතකොට භංග, භය, ආදීනව - ඔය කියන ඔය විදශ¡නාඥාන එහෙම හුඟක් මෝරල කියෙන්නේ
මීලග කොටස දෙවන ලිපියෙන්