නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
‘
සිඤ්ව භික්‍ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති’
මහණ මේ නැව ඉහින්න’ කියල ධම්මපද ගාථාවක ප්‍රකාශ වෙනව. මේක හිස් කරහම සැහැල්ලු වෙනව කියලා. අන්න ඒ වගේ මෙතනත් ළිඳ ඉහින එකයි, දැන් එතකොට යෝගාවචරයට කරන්න සිද්ධවෙලා තියෙන්නෙ. ඒ ඉහීම වගේ තමයි ඔන්න අර ඇදගැනීමයි අතහැර දැමීමයි.
දැන් එතකොට මේ ළිඳ ඉහීම පිළිබඳ උපමාව අතහැරලා අපි මේකට තව ටිකක් ඈතට යන්න පුළුවන් භාවනා කර්‍මස්ථානයටම අදාළ නිදර්ශනයක් ගනිමු. ආනාපාන සතිය. ‘ආනා’ – ‘අපාන’ – හුස්ම ගැනීම - හෙළීම. ඒක කවදත් කෙරෙන දෙයක්. හුස්ම ගැනීම - හෙළීම. මේ දෙක අතර තිබෙනව නොපෙනෙන දෙයක්.
නමුත් ඒක තමයි සංසාරය දිගට ගෙනියන්න. හුස්ම ගන්නෙ මොකටද? හුස්ම ගන්නෙ, මේ පැවැත්ම ගෙනයන්න. තෘෂ්ණාව, අවිද්‍යාව දිගට ගෙනයන්න. සංසාරයෙ දිගට යන්න. මේ ශරීර කූඩුව රැක ගන්න. ‘උපාදානය’ – හුස්මක් අල්ලගන්නව. කොටින්ම කියනව නම් ‘හුස්ම අල්ලගනනව.’ එතන යටින් තණ්හාව තිබෙනව. අවිද්‍යාව තිබෙනව. ‘මමෙක්’ ඉන්නව. ‘ප්‍රාණය.’ ප්‍රාණීන්ට අවශ්‍ය මූලිකම දේ තමයි හුස්ම.
මෙක මේ හුස්ම ගැනීම පමණක් නොවෙයි – ඇද ගැනීම පමණක් නෙවෙයි, මේක අල්ලගන්නව. උත්සාහ කරන්නෙ පුළුවන් නම් හුස්ම අල්ලගෙන ඒකෙන්ම අනිත් වැඩ කටයුතු කරන්න. දැන් ඔය බරක් ඔසවන පුද්ගලය, බරක් ඔසවන්න සූදානම් වෙන කොට දිග හුස්මක් ගන්නෙ මොකටද? අර ශරීරෙට ශක්තිය ලබා දෙනව, අර හුස්ම අල්ල ගැනීම. හුස්ම අල්,ගෙනයි ඊළඟට ඒ තමන්ට අයිති වැඩේ කරන්නේ. ඒ හුස්ම අල්ලගැනීම තුළයි මමත්වය – ‘මගේ ශක්තිය’, මට කරන්න පුළුවන්’ – ඔක්කොම තියෙන්නෙ.
ඒ විදියට එතකොට හුස්ම ගන්නව, හුස්ම අල්ලගන්නව, අතහරින්න සිද්ද වෙනව. අතහරින්න සිද්දවෙනව ධර්‍මතාවෙන්ම. ඒකයි ප්‍රශ්වාසය කියන්නෙ. ආශ්වාසයෙන් කෙරෙන්නේ, දකින එක්තරා ප්‍රයෝජනයකින්, බොහොම ඕනකමකින් හුස්ම ටිකක් ගැනීම, ජීවිතේ ආරක්‍ෂා කර ගන්න. පුළුවන් නම් ඒක දිගටම රඳවගන්න, ඒක ඒ තරමට හොඳයි. නමුත් බැහැ. බැරි නිසා ටික වේලාවකින් ඒකට යන්න ඉඩ අරිනව, ඒක අතහරින්න සිද්දවෙනව. ඒක ධර්‍මතාවයි. මෙතනත් තියෙන්නෙ එතකොට ‘ආදාන පටිනිස්සග්ග‘ වගේ, බැලුවහම.
මෙන්න මේ කියන දශ¡නය අනාපාන සතිය තුළින් මතුවන අවස්ථාවකුත් තිබෙනව. ආනාපාන සති භාවනාව පිළිබඳව බුදුපියාණන් වහන්සේ දැක්වූ පියවර අදහස අතරින්, අගටම එන ධම්මානුපස්සනාවට අදාළ පියවර හතර විග්‍රහ කරල බැලුවොත් මේ දශ¡නය අපට මතුකරගන්න පුළුවන්.
අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
නිරොධානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
නිරෝධානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
කියල ඔය විදියට ඒ හික්මීමෙදි කෙරෙන්නෙ මොකක්ද? මේ අනිත්‍යතාව දකිනව. මෙන්න මෙතනත් තියෙනව ක්‍රමානුකූලÀවයක්. අනිත්‍යතාව දකිමින්ම ආශ්වාස කරනව, අනිත්‍යාව දකිමින්ම ප්‍රශ්වාස කරනව, ආශ්වාසයන්ගෙත් අනිත්‍යතාව දැකගන්නව. යෝගාවචරය දන්නව දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසය තුළ තියෙන අනිත්‍ය ස්වභාවය. අනිත්‍යතාව දැකීමේ නිදශ¡නයක් හැටියටයි මේ ආශ්වාස කරන්නෙ, මේක ශික්‍ෂණයක්. නිකම්ම හුස්මක් – ජීවත්වීමට, සංසාරයෙ දිගට යෑමට, ගන්න හුස්මක් - නෙවෙයි යෝගාවචරය ගන්නෙ.
යම්කිසි පාඩමක් ඉගෙන ගන්න විදශ¡නාව දියුණු කරගන්නයි. දැන් ඒ සඳහා උපකාර කරගන්නව කර්‍මස්ථානයක් හැටියට ඒ ධර්‍මතාව වටහා ගැනීමට. එතකොට ආශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව, ප්‍රශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව. ඒ අනිත්‍යතා දශ¡නය – ඒ අනුපස්සනාව - දියුණු කරගැනීමයි මේ ශික්‍ෂණයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
එතකොට, මේ අනිත්‍යතාව කියන්නෙ මොකක්ද, මේක වචන දෙකකින් කිව්වොත් මේ අනිත්‍යතාවෙ පෙති දෙක ‘උදය-වය’. මේක ඇතුළෙ තියෙන්නෙ ඇතිවීම සහ නැතිවීම කියන එකයි. ඒ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ අවබෝධය ගැඹූරුවන තරමට අනිත්‍යතාව ප්‍රකට වෙනව. ඒකයි, අර විදියට අර සම්බොජඣඞගාදිය දියුණු කළ, අනිකුත් සතිපට්ඨානයට අදාළ දේ දියුණු කළ, යෝගාවචරය තුළ, ආනාපාන සතියම පවා ඔය තරම් දුරට දියුණු කළ තැනැත්තා තුළ, ධම්මානුපස්සනා අවස්ථාවේදි ඔය කියාපු අනිත්‍යතා දශ¡නය යම්කිසි ප්‍රමාණයකින් තිබෙනව.
ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවයි කියන එක. එතකොට මේ ඇතිවීම සහ නැතිවීම දකින යෝගාවචරයාට ඒ අනුපස්සනාව ගැඹූරට යන්න යන්න, ඉපදීම වැටහෙන්න වැටහෙන්න, ශීඝ්‍රව වැටහෙන්න වැටහෙන්න, සියලු සංස්කාරවල සමුදය පක්‍ෂයට- උදය පක්‍ෂයට – වඩා වය පක්‍ෂය වැඩියෙන් දැනෙන්න පටන් ගන්නව.
ශීඝ්‍රයෙන් කරකැවෙන යම්කිසි රෝදයක සලකුණක් දිහා බලන්න උත්සාහ කරන කොට, ඒ රෝදය වේගයෙන් කරකැවෙන කොට, අර ඒ සලකුණු කළ තැන පහතට වැටෙන එකයි වැඩිය පැහැදිලිව පෙනෙන්නෙ.
අන්න ඒ වගේ, ආශ්වාසයට වඩා මේ ප්‍රශ්වාසය තුළින්ම බිඳිල යන ආකාරය - මේක බිඳ වැටෙන ආකාරය, වැඩියෙන් ප්‍රකට වෙනව - වය පක්‍ෂය. ඒ විදියට මේ කියන ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ වය පක්‍ෂය නැත්නම් වැටෙන පක්‍ෂය වැඩිය ප්‍රකට වෙන කොට, ඒ තුළින් කෙනෙකු තුළ ඇතිවෙනව විරාගයක් - නොඇල්මක්. ඇල්මක්, තණ්හාවක් ඇතිවයි මේ ආශ්වාසයක් ගන්නෙ. සමුදය පක්‍ෂයටයි නැඹුරුවුනෙ. නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම - මෙන්න මේ සංස්කාර. මේ සංස්කාරයන්ගෙන් අළුත් කරනව.
මේව අළුත්කිරීමට උපකාර වන දේ තමයි තණ්හාව - ‘තණ්හා පොනොභවිකා.’ අළුත් කිරීම් කරන්නෙ මේක පිළිබඳ රාගයෙන්, තණ්හාවෙන්. දැන් මෙතන අර බිඳවැටීම නිතර නිතර දකින කොට මේ පිළිබඳව යම්කිසි කලකිරීමක් ඇතිවෙනව - මේක කරදරයක් හැටියට. ඒ විරාගය නිසා අර සමුදය, - එහෙම නැත්නම් මේක නැවත නැවත මතුකර ගැනීමට ඇති තෘෂ්ණාව තුනීවෙනව. ඒ තුනීවෙන්න වෙන්න, නිරෝධය ප්‍රකට වෙන්න පටන් ගන්නව.
තණ්හාවෙන් වැසිල තිබුණයි කියල කියන්නෙ මොකද? නිරෝධය වෙනවත් එක්කම ඉතාම ශීඝ්‍රයෙන් නැවත සමුදයක් ඇතිකර ගැනීමට තණ්හාව රුකුල් දෙනව. මේ තණ්හාව ‘පොනොභවිකා නÁදිරාගසහගතා තත්‍රත්‍රාභිනÁදිනී’ ඒ ඇල්ම නිසාම, ඒ ඒ තැන සතුටුවන ස්වභාවය නිසාම ‘මේක බිඳුනට කමක් නෑ වෙන එකක් අල්ලන්න වෙන එකක් අල්ලන්න’ කියනව. ‘වෙන හුස්මක් අල්ලන්න, ඒක නැතිවුනාට කමක් නෑ’ කියලා ඔය විදියට, උසි ගන්වන ස්වභාවයක් තෘෂ්ණාවෙ තිබෙනව.
මේ විරාගය නිසා අර උසිගැන්වීම අඩුවෙනකොට, ඔන්න වැඩිය පෙනෙන්නේ, වඩාත් ප්‍රකට වෙන්නෙ, නිරෝධය – නැතිවීම, බිඳීම. හිතත් පෙරලෙන විදිය. ඒ විදියට නිරෝධානුපස්සනාව. එතනත් ක්‍රමානුකූලත්වයක් තියෙනව.
ඒ විදියට නිරෝධය දකින පුද්ගලයා තුළ, මේ කරන මේ ප්‍රයත්න ව්‍යර්‍ථ වනහැටි, මේව නිෂ්ඵල වනැහැටි, මේ නිෂ්ඵල ස්වභාවය වැටහෙන්නට පටන්ගන්නව, තේරෙනව. මේව නිෂ්ඵල ප්‍රයත්න රාශියක් නිෂ්ඵල තැනක්. නිරඵ¢ක තැනක්. නිතරම ව්‍යර්‍ථවන තැන් සමූහයක්, උත්සාහ ප්‍රයත්න සමූහයක් හැටියට මේ ආශ්වාස ප්‍රශ්වාසය පවා වැටහෙනව. එහෙම වැටහෙන කොට, දැන් එතකොට, මේ ආශ්වාසය ගන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී’ – අතහැර දැමීමට. මේකෙන් වැඩක් ගැනීමට නෙවෙයි.
මේකෙ හිස්බව තේරුම් ගැනීමට අනාත්ම බව තේරුම් ගැනීම - ශූන්‍යත්වය තේරුම් ගැනීමට. පටිනිස්සග්ගානුපස්සී.’ එතන ආනාපාන සතියෙ උග්‍රම විදශ¡නාව පෙන්නුම් කෙරෙනව. ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමි’ අතහැර දැමීම දිහා බලා ගෙනමයි ආශ්වාස කරන්නෙත්. අල්ලා ගැනීමට නොවෙයි ප්‍රයෝජනයක් ගැනීමට නොවෙයි. ඒ වගේම, ප්‍රශ්වාස කරන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. අන්න දැන් අපි ආයිත් අර ළිඳේ උපමාව කිට්ටු කර ගනිමු. දැන් කරන්නෙ මේකයි. අර වතුර අදිනව වෙනුවට මේ හුස්ම අදිනව.
හුස්ම අදින්නේ හෙළන්න. අදින්නේ හෙළන්න. අල්ලගන්න නොවෙයි. හුස්ම අල්ලගෙන යමක් කරන්න නෙවෙයි. හුස්ම ගන්නෙ – හුස්ම අදින්නෙ - හෙළන්න. ඒ කියන්නෙ, යම්කිසි ධම¡තාවක් විතරයි දැන් පේන්නෙ. ඒක අල්ලගෙන වැඩක් කරන ‘මමෙක්’ වත්, ඒක අල්ලගෙන ජීවත්වෙන ‘මමෙක්’ වත් නොවෙයි දැන්. ඒ වෙනුවට මේ ශරීර කූඩුවෙ තියෙන යම්කිසි ධම¡තාවක්. හරියට ඔය බෝක්කුවක එක පැත්තකින් වතුර ඇතුල්වෙනව, අනිත් පැත්තෙන් පිටවෙනව.
ඔය විදියෙ දෙයක්. අර බෝක්කුව ගැන ඇල්මක් නෑ. අතහැර දැමීම දකිමින්ම ආශ්වාස කරනව අතහැරදැමීම දකිමින්ම – ඒ අනුව බලමින්ම – ප්‍රශ්වාස කරනව. මේ තුළින්. එතකොට භංග, භය, ආදීනව - ඔය කියන ඔය විදශ¡නාඥාන එහෙම හුඟක් මෝරල, මේවයෙ තියන මේ තත්ත්වය දැකල, අතහැර දැමීමයි – අතහැරීමෙන්ම මේ විමුක්තිය බලාපොරොත්තුවන තත්වයයි දැන්තිබෙන්නෙ.
ආශ්වාස ප්‍රශ්වාසය තුළින්, හුස්ම ඇදගැනීම හෙළීම කියන ඒ ධර්මතාවේ ඇති ඒ සත්‍යය දැකීමෙන් අර තමා තුළ තිබෙන ත්‍රිලක්ෂණය - අනිත්‍ය දුඞඛ, අනාත්ම ලක්ෂණ - ඒවා ගැඹුරින් වටහා ගැනීමට යෝගාවචරය දැන් බලාපොරොත්තු වෙනව. ඒවගේම දැන් අර උපාදාන කියල කිව්ව අල්ලා ගැනීම නැතිවෙන කොට, දැන් මෙතන තියෙන්නෙ - අර කොන් දෙක විතරයි.
අල්ලා ගැනීම තිබෙන තුරු මේ වටරවුමේ කරකැවිල්ලෙන් තමයි අර කොන් දෙකටත් තැනක් ලැබෙන්නෙ. කොන් දෙක ඇත්ත වශයෙන් ම තිබෙන දේවල් හැටියට පේන්නෙ, දැන් මෙතන ඇදීම - හෙළීම, මේක වක්‍රයක් වගේ යනව. හුස්ම ඇදීමත් හෙළිමත්, ඇදගන්න කෙනෙක් නෑ. ඒ තුළින් කෙරෙන්නෙ අනාත්ම දර්ශනය පිළිගැනීමක්. ඒ වගේම දැන් මෙතන අර තෘෂ්ණාව ක්ෂය වෙන්න උපකාර වෙනව කලකිරීම. මේකෙ යථාස්වභාවය තමයි, මේ. උපාදානය නැතිවෙන කොට, මෙතන තිබෙන්නෙ කය හා සම්බන්ධ යම්කිසි සංස්කාරයක් – කාය සංස්කාරයක් - පමණයි. ‘මමෙක්’ කරන දෙයක් නොවෙයි. එතකොට ඔය විදියට දර්ශනය අතිනුත් ගැඹුරකට යනව. දැන් ඔය තත්ත්වය ඇති ඒ යෝගාවචරය ඒ තුළින් - ඒ දර්ශනය තුළින් – බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
අතිදීර්ඝ කාලයක් සංසාර පුරුදු හැටියට ඇතිකරගෙන තිබෙන ආශ්‍රව නැම්මක් තියෙනවා. ආශ්‍රව - ඒ අර යමක් පල්වෙන අවස්ථාවෙ, ඒ පල්වීම නිසා ඇතිවෙන ගතියටත් ‘ආසව‘ කියල කියනව. ඒ වගේම මේ අතිදීර්ඝ කාලයක් ඒකාකාරයෙන් කටයුතු කිරීම නිසා, සංසාරයේ පුරුදු කළ, අල්ලා ගැනීමේ පුරුද්ද - ඒකමයි මේ හැම එකේම තියෙන්නෙ. මේක කාමඋපාදාන උනත් දිට්ඨි උනත්, සීලබ්බත උනත්, අත්තවාද උනත්, මේ කොයි එකෙත් තියෙන්නෙ අල්ලා ගැනීමේ පුරුදු රාශියක්. අන්න ඒ අල්ලා ගැනීමේ පුරුදුවලින් මිදීමයි එතකොට, මේ කාමාසව, භවාසව, අවිජ්ජාසව කියන මේ ආශ්‍රව නැතිකිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ.
මේ ආශ්‍රවයන් ක්ෂය කළ පුද්ගලයයි “ඛීණාසව“ - ක්ෂීණාශ්‍රවයන් වහන්සේය කියන්නෙ. එතකොට රහතන් වහන්සේලා ඒ තත්ත්වයට පත්වෙන්නෙ අර උපාදානය අතහැරලා. ‘අනිපාදා චිත්තස්ස විමොකෙක්‍ඛා’ කියලා සමහර වෙලාවට කියනව. උපාදානයෙන් තොරව සිත මුදාගැනීම. අන්න අර මැද තියෙන අල්ලා ගැනීම - උපාදානය අතහැරියාම, අර කොන් දෙකටත් තැනක් නැතිවෙනවා. ඒකයි ඉතින් අවබෝධය තුළින්මයි ඒක වෙන්නෙ. දෙකොන සහ මැද වටහාගැනීම. අරමුණ මිරිඟුවක් බව වටහාගැනීම - අරමුණ හැටියට මෙතෙක් ගත්තු දේ.
එතකොට මෙන්න මේ කියන මුළාව තියෙන්නෙ සඤා්ඤාව තුළයි. ඒ සඤ්ඤාව නිසා තමයි ගැට වැටෙන්නෙ. සඤ්ඤාවෙන් මිදුන තැනැත්තාට ගැට නෑ. ඒක තමයි ඒ සූත්තනිපාතෙ මාගන්දිය සූත්‍රයෙ තියෙන්නෙ.
‘සඤ්ඤා විරත්තස්ස න සන්නි ගන්ථා
සඤ්ඤා විමුත්තස්ස න සන්ති මොහා’
‘සඤ්ඤාවෙහි නොඇලුනු තැනැත්තාට ගැට නැත. පඤ්ඤාවෙන් මිදුන තැනැත්තාට මෝහයෝ නැත’ කියලා ඔය විදියට කියෙනවා. මෙන්න මේ සඤ්ඤාවෙන් මිදීමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ. මොකද , සඤ්ඤා විරාගය ඇතිවෙන තාක් අර ගැටවැටෙනව. ගැටවැටීම නවතින්නෙ නෑ. සඤ්ඤාව පිළිබඳ කලකිරීමක් ඇතිවෙන්න ඕන. ඒ සඤ්ඤාව පිළිබඳ කලකිරීමටත් උපකාර වෙනව අන්න අර - ඒ ඇත්ත වශයෙන් කලකිරීම නොවෙයි. සඤ්ඤාවට අසු නොවී මෙනෙහි කිරීම තමයි - අර කලින් සඳහන් කළ, දැකීම් මාත්‍රය, ඇසීම් මාත්‍රය, දැනීම් මාත්‍රය, ඔය ආදියෙන් නතරවීම, ඒක අර කූඤ්ඤ දැඩිව නොගැනීමක්. “අතන රූපයක් මෙතන මම”, “අතන සද්දයක් මෙතන මම” යෝගාවචරය - එහෙම ගන්නෙ නැතුව, මේක මේ දැකීමක්, දැකීමක්. ඒ විදියට ඒ මෙනෙහි කිරීම.
ඒ වගේම, දැන් මේ සඤ්ඤාව කරා ගෙන යන්නෙ කෙනෙක්, ඊටත් වඩා මෑතින් තිබෙන ඉතාම සියුම් ධර්මයක් - ස්පර්ශය, ඵස්සය, ඊළඟට ඒ ස්පර්ශය ඇතිවීම පිළිබඳ ධර්මතාවත් ඉතාමත්ම සියුම් කාරණයක්. ස්පර්ශය කියල කියන්නෙ දෙකක් ගැටීම. එතනම තිබෙනව දෙකක් කියන අදහස. දෙකක ගැටීමයි ස්පර්ශය කියල කියන්නේ. දළ වශයෙන් තේරුම් ගත්තහම - සමහර විට බුදුපියාණන් වහන්සේම ධර්මයෙන් උපමාව දක්වල තියෙනවා ලී කැබලි දෙකක් එකට ගැටෙන්න වගෙයි ස්පර්ශය - පහසුවෙන්ම තේරුම් ගන්නව නම් ස්පර්ශය කියන එක. එතකොට ගැටෙන්න, ගැටෙන දෙකක් තිබෙනව. ගැටෙන දෙකක් සහ ඒ දෙකේ ගැටීම, ඔන්න ඔතෙන්දී, දැන් මේ ඉන්ද්‍රීය ඥානය පිළිබඳ එක්තරා වැදගත් සූත්‍ර කොටසක් එනව මධුපිණ්ඩික සූත්‍රයෙ, මජ්ඣිම නිකායෙ.
‘චක්‍ඛුචඤ්ච පටිච්ච රූපෙව උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති එසෙසා එස්ස පච්චයා වේදනා’ ආදී වශයෙන් ඔය විදියට දිගට වාක්‍යයක් සඳහන් වෙනව. මෙතන මේ මුල්ම ටික තමයි ඇත්තවශයෙන්ම ගැඹුරු හැටියට සැළකිය යුත්තෙ. ‘චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති’ චක්‍ඛුවිඤ්ඤාණං’ ‘පටිච්ච’ කියන වචනෙ තියෙනව. ‘උප්පජ්ජති’ කියන වචනෙ තියනව. ඇසත් රූපයනුත් - ‘නිසා’ කියන වචනයට ‘පටිච්ච’ කියල ගන්න පුළුවන්. ‘චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං’. ඇසත් රූපයනුත් නිසා චක්‍ඛු විඤ්ඤාණය හටගන්නව. ඒ කියන්නෙ, විඤ්ඤාණය කියන එක, නිකම්ම, වෙනමම, තියෙන දෙයක් නොවෙයි. ඒක හැමතිස්සෙම ‘පටිච්ච’ –යම්කිසි කාරණා දෙකක් නිසා ඇතිවෙන දෙයක්. ඇස - ආධ්‍යාත්මික ආයතනය,රූප - බාහිර ආයතනය - ආයතන වශයෙන් සැළකුවහම – ඒ දෙක එකතු වෙලයි ඒ දෙක එකතු වුනහමයි - මේ චක්‍ඛු විඤ්ඤාණය කියන එකක් ඇති වෙන්නෙ. මෙන්න මෙතනම තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නෙ.
මේ කියන්නෙ විඤ්ඤාණ මායාවෙ ඇතුල් පැත්ත දැකීම කියන එකයි. ඇතුල් පැත්ත දැකිය යුතුව තිබෙනව. විඤ්ඤාණය මායාවක් නම් ඒ මායාකාරී විඤ්ඤාණය ඇතිවෙන්නෙ කොහොමද ? ඇස පිළිබඳ විඤ්ඤාණය, කණ පිළිබඳ විඤ්ඤාණය ආදි වශයෙන් ඒ විඤ්ඤාණ හයක් තිබෙනවා. අවසාන වශයෙන් මනසක් හා ධර්මයන් ගැටෙන තැන,
ඒ මනෝ විඤ්ඤාණය - මනසත් ධර්මයනුත් එකතුවෙලා. නමුත් මෙතන කියවෙන්නෙ, මේ එක එක අරගෙන බැලුවහම, ඇසත් රූපයනුත් නිසා ඇස පිළිබඳ විඤ්ඤාණය හටගන්නව. “නිසා’ මයි හටගන්නෙ, දෙකක් එකතුවුනහමයි මේ විඤ්ඤාණය හටගන්නෙ. මේ විඤ්ඤාණය කියන එක වෙන විදියකට ගත්තොත් අපට හිතන්න පුළුවන් - වෙන්කර දැනගැනීමයි විඤ්ඤාණය කියල කියන්නෙ.
යම්කිසි අවස්ථාවක “මේ ඇසයි, මේ රූපයයි” කියලා වෙන්කර ගත්ත නම්, අන්න ඒ අවස්ථාවෙ තමයි විඤ්ඤාණය. මේ දෙක එකතුවෙනව. එකතුවුනාම අර මුලාව ඇතිවුන. ඊළඟට තියෙන්නෙ මොකක්ද, මේක දැන්, ඇසත්, රූපයත්, ඇසත් රූපයත් නිසා හටගත්තු චක්ඛු විඤ්ඤාණයත් කියල මේ තුනම තිබෙනව. තුන හැටියට ගන්නව. ‘තිණ්ණං සංගති ඵසෙසා’ මේක තුනක් හැටියට ගැනීමමයි ඵස්සය. එතන මහ ගැඹුරු අදහසක් තිබෙනවා. ඇසත් රූපයත් නිසයි ඇස පිළිබඳ විඤ්ඤාණය හටගත්තෙ.
හටගත්තට පස්සෙ අමතක කරනව - අමතක කරගන්නවා වගේ වැඩක් සිද්ධ වෙනව - මේ චක්‍ඛු විඤ්ඤාණය මේ දෙක නිසා හටගත්තු එකක්. මේක නිසා – හටගත්තු එකක් කියන එක අමතක වෙල, ඒක තුනක් හැටියට ගණිනව. ඇසයි, රූපයයි ඇස පිළිබඳ විඤ්ඤාණයයි.
මේ තුනම - තුනක් හැටියට අරගෙන ඒක දිගට ගෙනයාමම තමයි ‘ඵස්ස’ කියන අවස්ථාව - තිණ්ණං සංගති ඵසෙසා’, ‘සංගති’ කියල කියන්නෙ ‘එක්ව යෑම’, මේ තුනෙහි එක්ව යෑම. ඇසත් රූපයත්, ඇස පිළිබඳ විඤ්ඤාණයත් මේක තුනක් හැටියට අරගැනීම තුළින්මයි ‘ඵස්ස’ කියන අවස්ථාවක් එන්නෙ. ඇත්ත වශයෙන් චක්‍ඛු විඤ්ඤාණය හටගත්තෙත් අර දෙක එකතුවීමෙන්.
එහෙම නැතුව නිකං විඤ්ඤාණයක් කියල දෙයක් නෑ. නමුත් ඒ චක්‍ඛුවිඤ්ඤාණය ඉපදීමෙයි කියන්නෙ, ඇස වෙන්කරගත්ත, රූපය වෙන් කරගත්ත, ඔන්න දෙකොන. එතන කියන්නෙ, අර දෙකොනක් හදාගත්ත. කුඤ්ඤ දෙකක්ගහගත්ත කියල ගත්තත් වරදක් නැහැ. මේ ආධ්‍යාත්මික ආයතනයයි අර බාහිර ආයතනයයි.
දැන් අර මුල් මෙනෙහි කිරීම් ආදියෙ දෝසයක් හැටියට දැක්වූවෙත් ඒකයි’ මෙතන යෝගාවචරය අතන රූපය, මෙතන යෝගාවචරය අතන සද්දය. ඒ විදියටයි ඒ ආරම්භයෙදි කෙරෙන්නෙ. ඒක අර ලෝකයාගේ මුලාව. ටික ටිකයි මේකෙන් මිදෙන්න සිද්ධවෙන්නෙ, නමුත් මෙතන තියන ගැඹුරුම කාරණය මොකක්ද ? අවසානයෙදි තේරෙනව, දැන් අර කලින් කිව්ව වගේ මිරිඟුවක් මේක. මේක මිරිඟුවක් නම්, මුවෙකුට මිරිඟුව පේන කොට ඒක මිරිඟුවක් බව මුවා දන්නෙ නෑ.
පිපාසයෙන් ඉන්න මුවාට මොකක් වුනත් පේන්නෙ වතුර වගේ – ඒ පිපාසය නිසාම. ඊළඟට, දර්ශනයත් පැහැදිලි නෑ - කලන්ත වෙල ඉන්න මුවාට. එතකොට අර පේන එක ඈත - මොකක් හරි ඒ කාලගුණික දේශගුණික තත්ත්වයක් නිසා අර පොපියන ගතියක් පොළොවෙන් උඩට – ඒ වතුර එහෙම ගනන්න වගේ යම්කිසි පෙනුමක් තිබෙනව ඈතට - ඒකට මුවා රැවටෙනව වතුරෙයි කියල. ඒකට මුවා පාවිච්චිකරන වචනය ‘වතුර’. අර ලෝකයා පෙනෙන දේට ‘ස්ත්‍රිය’ ‘පුරුෂයා’ ආදී වශයෙන් ඒ එක එක නම් දුන්නවගේ, ඒ අර පෙනෙන දේට - ඒ මිරිඟුවට - නමක් දෙනව . ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේක රූපයක් හැටියට ගත්තොත්, මේක දැඩිව ‘රූපයක්’ – ‘ අතන රූපයක් මෙතන මම, ‘අතන සද්දයක් මෙතන මම’ - එහෙම ගත්තොත්.
එතකොට, මෙතන මේ ඇත්තවශයෙන් තියෙන්නෙ දැකීම් මාත්‍රයක්, යම්කිසි. ඒක කෙරෙන්නෙ අර කොන් දෙකට තැනක් දීමෙන්. කොන්දෙක - මේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි. ඒ දෙකට තැනක් දීම නිසාම - ඒ දෙක නිසාම, වෙන් කරල ගැන්ම, මිනීම නිසාම - ඊළඟට ඒ දෙක හැපෙනව කියන ප්‍රඥප්තියකුත් එනව. දෙකක් හැටියට ගත්තට පස්සෙ ඒ දෙක හැපෙනව කියන ප්‍රඥප්තියකුත් මතුවෙනව. ඔන්න ස්පර්ශය. ඒක තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් පස්සෙ තමයි, ඒක ප්‍රත්‍යය කරගෙන තමයි, ඊළඟට වේදනා, සඤ්ඤා ආදි ඔක්කොම - අනිකුත් සියල්ලම, තර්ක විතර්ක ආදිය දක්වාම ගෙනයන්නෙ.
ඒකයි එතකොට මෝහය , එහෙම නැත්නම් ඒ මුලාව, අවිද්‍යාව, මෙන්න මේ තත්ත්වය දැකීමට උපකාර වන දර්ශනය මොකක්ද ? අර විඤ්ඤාණයේ පටිච්ඡ සමුප්පන්න බව - විඤ්ඤාණය හට ගැනීම දැනගැනීම, ඒකත් සියුම් මනසිකාරය තුළින් කළ යුත්තක්.
සඤ්ඤා දැලට හසුනොවන තරම් ශීඝ්‍රව මෙනෙහි කිරීමෙන්, - දැනීම් මාත්‍රයෙන් නතරවීමෙන් - තමයි ඒ විඤ්ඤාණයෙ ඇතුල්පැත්ත දැකිය හැකි වන්නෙ. ඇසත් රූපයත් නිසාම චක්‍ඛු විඤ්ඤාණය හටගන්න බවත්, ඊළඟට ඇසත් රූපයත් කියන ඒ දෙකොන, දොකොනක් හැටියට අල්ලාගැනීමෙන්ම, චක්‍ඛු විඤ්ඤාණය නමැති මැද ඇතිවන බවත් දැනගැනීම, දැන් මෙතන, දෙකොනක් සහ මැදක් පිළිබඳ කථාන්තරය ඉතාම ලස්සනට දක්වල තියෙනව අංගුත්තර නිකායෙ ඡක්ක නිපාතයෙ පාරායණ සූත්‍රයෙ.
යො උභනේත විදිත්වාන
මජෙක්‍ධ මන්තා න ලිප්පති
තං බ්‍රෑම් මහාපූරිසොති
සොධ සිබ්බනිමච්චගා
ඇත්ත වශයෙන්ම එතන දැක්වෙන්නෙ අර සුත්ත නිපාතයේ පාරායණ වග්ගයේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ ගාථාව. මෙතන මේ අටුවාවක් සඳහා ඒ පරායණ සූත්‍රයේදී දක්වල තිබෙන. මේ ගාථාවෙ අර්ථය මොකද කියල. ඒක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරල තිබෙනව, ගැඹුරෙන්, මේ ගාථාව එතකොට බුඬ වචනයක් හැටියට සුත්තනිපාතයෙයි මුලින්ම සඳහන් වෙන්නේ. උද්ධෘත වශයෙන් අංගුත්තර නිකායෙ සඳහන් වෙනවා.
එතනින් තමයි කෙනකුට අවබෝධයක් ලබන්න පුළුවන් මේ කෙටි ගාථාවේ කොයි තරම් ගැඹුරක් තිබෙනවද කියල. සංඝයා වහන්සේලා කීප නමක් ඒක පිළිබඳව සාකච්ඡා කළා. ධර්ම සාකච්ඡාවක් හැටියට.
මේ ගාථාවෙ අදහස, ‘යො උභනේත විදිත්වාන ‘යමෙක් කොන් දෙක තේරුම් අරගෙන’, මජෙඣ මන්තා න ලිප්පති’ - ‘ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද’ - යමෙක් කොන් දෙක තේරුම් අරගෙන, ප්‍රඥාව පිහිට කරගෙන මැද නොඇලෙයි ද ‘ - තං බ්‍රෑම් මහාපුරිසොති’ - ඒ තැනැත්තාට මම මහා පුරුෂයා යයි කියමි – ‘සො ඉධ සිබ්බනිං අච්චගා’ - ඒ තැනැත්තා මේ ලෝකයේ සිබ්බනී නම් වූ මැහුම්කාරියගෙන් මිදෙයි. ‘මැහුම්කාරිය’ කියන වචනය යොදනව තණ්හාවට.
තණ්හාව මැහුම්කාරියක් හැටියට. මැහුමක් ගෙතුමක් කරන තැනැත්තියක් හැටියටයි. ගැට වැටෙන අදහසයි මෙතන තිබෙන්නෙ. ඒ තණ්හාවෙන් තමයි මේ ගැට ගහන්නෙ. මේකට උපකාරවෙන අර කොන් දෙක සහ මැදයි මෙතන කියැවෙන්නෙ. කොන් දෙකක් සහ මැද.
ඒක නොයෙකුත් ආකාරයෙන් තේරුම් කරල තිබෙනව. එකක් තමයි , ආධ්‍යාත්මික ආයතන හය එක අන්තයක් බාහිර ආයතන හය දෙවෙනි අන්තය, මැද විඤ්ඤාණය. ඒ ඒ ආයතන පිළිබඳ විඤ්ඤාණය එතන අදහස් කෙරෙන්නෙ. එතකොට මෙතන මේ විඤ්ඤාණය කියන මේ මැදට ඉඩක් සැලසෙන්නෙ අර දෙක කොන් දෙකක් හැටියට ගැනීමෙන්. ඒ කිව්වෙ කුඤ්ඤ දෙකක් ගහගැනීමෙන්.ඒක නිසාම ගැටවලට - අර තණ්හා මැහුම් කාරියගෙ ගැටවලට - අහුවෙල හිටියෙ. ඒ මොකද ? මේ විඤ්ඤාණය ප්‍රත්‍යයක් ඇති කල්හිම පැනනඟින බව නොදැකීමෙන්, චක්‍ඛු විඤ්ඤාණය නිතරම ප්‍රත්‍යයක් අරගෙනම ඇතිවෙනව නම් ඒක ආතමත්වයෙන් ‘මමෙයි’ කියල ගන්න බෑ. එතකොට ඒක ප්‍රතීත්‍ය සමුත්පන්නයි. පටිච්ච සමුප්පාදය දැකීම එතනයි. මේ ආයතනුප්පාදය දැකීම තුළ තියෙන්නේ පටිච්ච සමුප්පාදය දැකීමයි.
සළායතනය මාධ්‍යයෙන්ම, සළායතනය පිහිටකරගෙනම - යෝගාවචරය පටිච්ච සම්ප්පාදය දකිනව. ‘චක්‍ඛුඤ්ඤ පටිච්ච රූපෙච උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං’ කිව්වෙ ඒකයි. ‘ඇසත් රූපයනුත් නිසයි ඇස පිළිබඳ විඤ්ඤාණය හටගන්නෙ.
ඒක නොදකින තාක්, ඇසින් ඒ විඤ්ඤාණය වෙන්කරගෙන, ඇස වෙන්කරගෙන, රූපය වෙන්කරගෙන, තුනක් හදාගන්නව.. ඒ ‘තුනක්’ කියන ඒ මුලාව යනතාක් – ‘තිණ්ණං සංගති’ - ඔන්න ඒ තුනක් එකට ගැනීමෙන්ම ‘එස්ස’ කියන අවස්ථාවට තැනක් ලැබෙනව, ස්පර්ශයක් - ස්පර්ශී තත්ත්වයක්. ඒක ස්පර්ශයක් හැටියට සළකනවා. එතකොට ඒකම තමයි ස්පර්ශය අවබෝධ කරගැනීම කියල කියන්න පුළුවන්. විඤ්ඤාණය අවබෝධ කරගැනීමමයි. එහෙම නැත්නම් සඤ්ඤාව, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමයි.
කොයි ආකාරයකින් කිව්වත්, අර මුවාට ඒ පෙනෙන මිරිඟුව - ඒ සඤ්ඤාව - ‘ මිරිඟුවක්’. නමුත් අර මුවා දුවන්නේ මුවාගෙ දිවීම තුළ තිබෙනව මායාවක්. මායාකාරී ස්වභාවයක්. මායාවක් ඒකයි මුවා දුවන්නෙ. ඒ වගේ, මේ ආයතනයන්ගේ මේ තිබෙන මුලාව යම්කිසි අවස්ථාවක යමෙකුට තේරුන නම්, යමෙකුට වැටහුණා නම්, අන්න ඒ අවස්ථාවෙයි අර ක්ෂිණාශ්‍රව තත්වය, ආශ්‍රව - දීර්ඝ සංසාරයේ පුරුදුකරගෙන ආපු අර එල්බගන්න ගතිය, අල්ලගන්න ගතිය, ඒක ලිිහිල යනව.
අන්න ඒ අදහස තමයි ඉතින් අර ‘සඤ්ඤා විරත්තස්ස න සන්ති ගත්ථා’ - සඤ්ඤාවන් පිළිබඳ නොඇල්මක් මෙතන තිබෙනව.. ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා ‘ ප්‍රඥාවෙන් මිදීම. ප්‍රඥාවෙන් ඒ තත්ත්වය දුටුවෙ. පඤ්ඤා ආලෝකයෙනුයි විඤ්ඤාණය අවබෝධ කරන්නෙ.
විඤ්ඤාණයේ යථා ස්වභාවය ‘පඤ්ඤා භාවෙතබ්බා, විඤ්ඤාණං පරිඤෙඤය්‍යං’ කියල තිබෙනව. විඤ්ඤාණය තේරුම් ගත යුතු දෙයක්. පඤ්ඤාව වැඩිය යුතු දෙයක්. ප්‍රඥාව වැඩීමෙන්මයි විඤ්ඤාණයෙ යථා ස්වභාවය දකින්නෙ. හරියට අර යම් කිසි විජ්ජාකාරයකුගෙ විජ්ජාවක හෝ නැත්නම් නාට්‍යයක ඇති ඇතුල්පැත්ත, යම්කිසි මුළාවක ඇති ඇතුල්පැත්ත, දැකීම වගේ දෙයක් තමයි ප්‍රඥාව කියල කියන්නෙ.
ප්‍රඥාව දියුණුවීමෙන්, ක්‍රම ක්‍රමයෙන්, මේක විනිවිද දැකීමක් - ඇත්ත වශයෙන් කෙරෙන්නෙ. ඒක තමයි ‘නිබේබධිකා පඤ්ඤා’ කියල කියන්නෙ. මුළු මහත් ශාසනික ප්‍රයත්නය ප්‍රඥාව දියුණු කරගැනීම සඳහායි අවසානය ප්‍රඥාවයි. ප්‍රඥාවෙන්මයි අර විඤ්ඤාණයෙ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වන්නෙ. ඒ ප්‍රඥාව තුළින් විඥානයෙ ඇතුළත තිබෙන මෝහය අවබෝධ කරගන්නව. ඒ යථාස්වභාවය ප්‍රඥාවෙන් දුටුව නම්, ඒ තැනැත්තාගේ මෝහය නැතිවෙනව. මෝහාන්ධකාරය නැතිවුනා. අවිද්‍යාන්ධකාරය, මෝහාන්ධකාරය, නැතිවෙන්නෙ ප්‍රඥාප්‍රභාවයෙන්.
’චතසෙසා ඉමා භික්ඛවෙ පභා” කියල බුදුපියාණන් වහන්සේ ප්‍රභා හතරක් දක්වල තියෙනව. චන්දප්පහා’ සුරියප්පභා’ අග්ගිප්පභා’ - අවසාන වශයෙන් දක්වන්නෙ ‘පඤ්ඤප්පභා’ ප්‍රඥාප්‍රභාව. අන්න ඒ වගෙ මේ ප්‍රඥාප්‍රභාවෙන් තමයි අර කෙනෙකුගෙ මෝහාන්ධකාරය ඉවත්වෙන්නෙ. ඒ ප්‍රඥාප්‍රභාවෙන් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ සිත ප්‍රභාස්වර වෙනව. ඒ සිත ප්‍රභාස්වරයි. ක්ෂීණාශ්‍රවයන්වහන්සේගේ සිත ප්‍රභාස්වරයි. එම නිසා ජෝතිමත්, අන්න ඒ ජෝතිමත් කියන වචනය - ඛීණාස්වා ජුතීමන්තා’ අර මත්වෙන ආශ්‍රවයන්, අර අල්ලාගැනීමේ පුරුදු – ඒවා ඉවත්වෙලා කාමාසව, භවාසව, අවිජ්ජාසව ඉවත්වෙල, ඊළඟට විඤ්ඤාණයෙ යථාස්වභාවය, දැකීමෙන් ඒ ප්‍රඥා ප්‍රභාව නිසා, සිත ජොතිමත් - ජුතීමන්තා’.
එයින් අපට පේනව, එතකොට පටිච්ච සමුප්පාදය දැකීමම ඒ පටිච්ච සමුප්පාදයෙන් මිදීමක් බව. පටිච්ච සමුප්පාදයෙ සමුදය නිරෝධය කියල දෙකක් තියෙන්නෙ. ඒ සමුදය දුටුව නම් එතනම නිරෝධයත් ප්‍රත්‍යක්ෂයි. මේව හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි හැම දෙයක්ම. ‘යං කිඤ්චි සමුදයධම්ම සබ්බං තං නිරෝධධම්මං” යමක් ඇතිවෙනව නම් ඒකනැති වෙන ස්වභාවය ඇති දෙයක්. ඒ ටික නොපෙනෙන්නෙ අර උපාදානය නිසා. මේ ළිඳ හිස් කිරීම නොවෙයි සාමාන්‍ය ලෝකයා කරන්නේ. මේකෙන් වතුර අරගෙන යමක් කරගැනීමටයි බලාපොරොත්තු වෙන්නෙ - ප්‍රයෝජනයක් ගැනීමටයි.
නමුත් මේ ප්‍රයෝජනය කොච්චර ගත්තත් කෙළවරක් නෑ. ඉතින් යම්කිසි අවස්ථාවක ළිඳ හිස්කිරීමට - ශූන්‍යත්වය දැකීමට - යෝගාවචරය යොමුවෙනව නම්, අන්න එතකොට මේකෙ දෙයක් නෑ, ළිඳ හිස්වුනාද කියල බලනව මිසක්. වතුර ගන්නව හෙළනව, ගන්නව හෙළනව, හුස්මත් එහෙමයි - ගන්නව හෙළනව, ගන්නව හෙළනව, අල්ල ගැනීමක් නෑ. ඔන්න ඔය විදියට ඒ තත්ත්වයට ගිය පුද්ගලයා පිළිබඳව යොදන වචන තමයි ‘තෙ ලොක පරිනිබ්බුතා’ ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ලෝකයේ පිරිනිවියාහුය. එතන පිරිනිවියාහුය කියල කියන්නෙ අතීතයේ පිරිනිවිල ඉවරයි එහෙම නැත්නම් උන්වහන්සේලා අනුපාදිසෙස පරිනිබ්බාන ධාතුවෙන් නිවන් දුටුවා කියල අවසාන - චරිම - චිත්තයෙන් ඒ රහතන්වහන්සේලා නැතිවුන අවස්ථාව නොවෙයි මෙතන දැක්වෙන්නෙ. ‘තෙ ලොකෙ පරිනිබ්බුතා’ - උන්වහන්සේලා ලෝකයේ පිරිනිවියාහුය. ජීවත්වෙන්නෙත් නිවිල.
උන් වහන්සේලා ලෝභ දෝස මෝහ කියන ගිනි නිවාගෙනයි ජීවත්වෙන්නෙ. අර උපාදානය කියන එක ඉන්ධන ද්‍රව්‍ය - දර - ආදියටත් යෙදෙන වචනයක්, ධර්මයේ. අල්ලාගැනීම කියන එක පමණක් නොවෙයි. එතකොට සිතින් අල්ලා ගැනීමක් නැතිනිසා, ඒ අල්ලාගැනීම නිසා ඇතිවන භවගින්න - එකොළොස් ආකාර මේ භව ගින්න - එතෙන්දි සන්සිඳුන: භවනිරොධො නිබ්බානං, භව නිරොධො නිබ්බානං’ කියල සමහරවිට දක්වල තියෙනව, භවනිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමයි. මෙතෙන්දි සිතේ ප්‍රත්‍යක්ෂය දක්වන්නේ. ඒ භවනිරෝධ ප්‍රත්‍යක්ෂයෙන් ඒ පූර්ණ නිවීම රහතන් වහන්සේලා අත්දකිනව, ප්‍රත්‍යක්ෂ කරගන්නව, භුක්ති විඳිනව, මේ ලෝකෙ.
දැන් එතකොට, මේ ගාථාව තුළින් අපට මේ භාවනාවට අදාළ කාරණා රාශියක් – විදර්ශනාවට උපකාර වන කාරණා රාශියක් මතුකරගන්න පුළුවන්, මේ වචනය කීපය නමුත්.
’යෙසං සමේබාධි අංගෙසු
සම්මා චිත්තං සුභාවිතං
ආදාන පටිනිස්සගේග
අනුපාදාය යෙ රතා
ඛීණාස්වා ජුතීමන්තා
තෙ ලොකෙ පරිනිබ්බුතා’
කටුකුරුන්දේ ඤාණානන්ද හිමි