විදර්ශනා භාවනාව හා එහි ප්‍රයෝජන
බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි හරය වන්නේ දුකින් නිදහස්වීමෙ නුවණ උපදවා ගැනීමයි. සෑම වස්තුවකම පැවැත්මක් මෙන්ම නැතිවීමක් තිබෙනවා. අප ආශා කරන දෙයක් නැතිවන විට අපට දුකක් හට ගන්නවා. සෑම දෙයම අපේ කැමැත්තේ අනුව නොව ස්වභාවධර්ම නීති මත ක්‍රියාකරන බව නුවණින් බලන විට පේනවා. මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපට ඉදිරිපත් වන අරමුණු නුවණින් යුක්තව බැලීම විදර්ශනා භාවනාව වශයෙන් හඳුන්වනවා. සමථ භාවනාවේ මෙන්ම මෙහි සිත එකම අරමුණක පවත්වා ගැනීමක් අවශ්‍ය කරන්නේ නැත.
මෙහිදී කරනුයේ ඊට හාත්පතිස්ම වෙනත් කාර්යයකි. එක් පදනමක් වශයෙන් සිතේ තැන්පත් වීම අවශ්‍ය කරනවා. මෙයට ප්‍රඥා භාවනාව කියලා කියනවා. මෙම භාවනා ක්‍රම පුදුමාකාර බව ඔබට පෙනේවි. මෙය භාවනාවක්දැයි සිතන තරමට එය අමුතුම ආකාරයක් ගනී. භාවනා යන වචනය ඇසෙන විටම සිත එක් අරමුණක තබා ගැනීම යනුවෙන් සිටීමයි. බොහෝ දෙනාට පුරුදුව තිබෙන්නේ. ඊට හේතුව නම් අපට වැඩි වශයෙන් අසන්නට ලැබී ඇත්තෙත් එම සමථ භාවනා ක්‍රම දැක්වෙන ඉගැන්වීම් වලටය.
සතර ඉරියව්ව පිළිබඳ නුවණින් දැන ගනිමින් සිටීම මෙහි එක් භාවනාවකි. එය ඉරියාපථ භාවනාව යනුවෙන් හඳුන්වනවා. අප හිඳගෙන සිටින විට හිඳගෙන සිටිනවා යැයි නුවණින් දැනගන්නා, සිටගෙන සිටින විට සිටගෙන සිටිනවා යනුවෙන්ද, සක්මන් කරන විට සක්මන් කරනවා යනුවෙන් ද , නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවා යනුවෙන්ද දැන ගැනීම මෙම භාවනා ක්‍රමයයි.
මෙය සරළ ක්‍රමයක් ලෙස පෙනුනද එහිම සිත පවත්වමින් නිතර සිටීමෙන් පුදුම විදියේ දියුණුවක් ඇතිවෙනවා. නොදන්නා අයට මෙය වැඩකට ඇති දෙයක් දැයි සිතෙන්නට පුළුවන. තවත් ක්‍රමයක් මෙසේයි. දෛනික ක්‍රියාවන් අවබෝධයෙන් හා නුවණින් යුක්තව කිරීම, මූණ සේදීම, කෑම, බීම, නෑම, ඇඳුම් ඇදීම ආදී ඕනෑම කටයුත්තක් කරන විට එය සිහියෙන් යුක්තව කිරීමයි. මෙම ක්‍රමය සති සම්පඡඤ්ඤය යනුවෙන් හැඳින්වෙනවා. උදාහරණයක් වශයෙන් මේසය මත ඇති තේ කෝප්පය බීමට අවශ්‍ය යැයි සිතමු.
අත දිගහරිනවා, කෝප්පය අල්ලනවා, කෝප්පය ඔසවනවා, මුව ළඟට ගෙනෙනවා, කෝප්පය ඇල කරනවා, බොනවා, බොනවා, කෝප්පය තබනවා, අතගන්නවා වශයෙනි. එමෙන්ම සිතේ පහළ වන ධර්ම (ගති) ගැන අවධානයෙන් යුක්තව විසීම තවමත් ක්‍රමයකි. අපට ආශාවක් ඇතිවන විට “ආශාවක් ඇතිවුනා” යැයි දැන ගන්නවා. කෝපයක් ඇති වූ විටක කෝපයක් ඇති වුණා යැයි දැනගන්නවා. අලසකමක් ඇති වූ විටක අලසකමක් ඇතිවුනා යැයි දැනගන්නවා. නොසන්සුන්කමක් ඇති වූ විට නොසන්සුන්කමක් ඇතිවුණා යැයි දැනගන්නවා.
මෙසේ භාවනා කරගෙන යෑමෙන් මේ පිළිබඳව හෝ සැකයක් ඇති වූ විටක මා සිත තුළ සැකයක් පහළවුණා යැයි දැනගන්නවා. ආශාවන් නැති විට ආශාවක් නැතැයි දැනගන්නවා. කෝපයක් නැති විටත් ඒ බව දැන ගන්නවා. අනිත් කරණු තුන ගැනත් එසේමයි. දවසේ රාජකාරි කරමින් තමාගේ සිතේ පවතින මෙම ගති පිළිබඳ සෝදිසියෙන් සිටීම පුරුදු වූවෙකුට එතරම් අපහසු නැහැ. මෙයද විදර්ශනා භාවනාවකි. දැන් ඔබට පෙනේවි විදර්ශනා භාවනාවේ දී සිත එක අරමුණකම පැවැත්වීමක් නොකෙරෙන බව.
මෙහිදී කෙරෙනුයේ සිතෙහි හෝ ගතෙහි පවතින වර්තමාන අවස්ථාව තේරුම් ගැනීම බව ඔබට හැඟේවි. හිඳගෙන භාවනා කරන්නේ මෙසේයි. නාසයේ අග හෝ උදරයේ චලනය වෙත සිත යොමු කරන්න. එසේ සිටින විට කල්පනාවක් ආ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් දෙතුන් වතාවක් සිතා නැවත හුස්ම බැලීම වෙත යන්න. කකුලේ වේදනාවක් එනු පෙනුනොත් “වේදනයි වේදනයි” ම යනුවෙන් එය ඉවත් වී යනතුªරු මෙනෙහි කරන්න. ඉවත් කිරීමේ අදහස සිතට නොගත යුතුයි.
වේදනාව නිසා අපහසු තත්ත්වයක් දැනුනොත් “අපහසුයි අපහසුයි” ම යනුවෙන් සිතා හෙමින් සීරුවේ ඉරියව් වෙනස් කරන්න. වෙනස් කරනවා වෙනස් කරනවා ම යනුවෙන් සිතමින් ඉරියව් වෙනස් කළයුතු බවත් මතක තබාගන්න. දැන් නැවත හුස්ම ගැනීමට සිත යොදන්න. නිදිමතක්, කමිමැලිකමක්, සතුටක් හෝ ඕනෑම අරමුණක් ආවිට ඒ දෙස අවධානය යොමු කොට නිදිමතක් නම් “නිදිමතයි නිදිමතයි” ම යනුවෙන් ද, සතුටක් නම් “සතුටක් සතුටක්” ම යනුවෙන් ද සිතිය යුතුයි. හදිසි ශබ්දයක් ඇසුණොත් “ශබ්දයක් ශබ්දයක්”ම යනුවෙන් සිතන්න. ඒ ඒ අරමුණු අවසන් වූවායින් පසු හුස්ම වෙත සිත යොදන්න. මෙය පුරුදු වුවහොත් ඉතාමත් රසවත් භාවනාවක් බව ඔබට පෙනේවි.
මෙහිදී අපට වර්තමානය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලැබේ. මනස නිරවුල් වේ. කරදරයකදී කලබලවීමක් හෝ සතුටේ දී උද්දාම වීමක් මේ නිසා ඇති නොවේ. සමබර මනසක් ඇතිවේ. ශාරීරික හෝ මානසික වේදනා යටපත් කළ හැකි වේ. මනස ප්‍රබෝධවීම නිසා සාමාජීය හා පෞද්ගලික ජීවිතය සැපදායක වේ. ශාරීරික නිරෝගිතාවයට ද හේතු වේ. නුවණ ද වැඩේ.
එබැවින් ප්‍රබෝධමත් ජීවිතයත් ගත කිරීමට ලැදි හැමදෙනාම මේ විදර්ශනා භාවනා ක්‍රමය භක්තියෙන් ඉගෙන ඒ අනුව කටයුතු කරත්වා. සියලු දෙනාට ධර්මාබෝධය ම වේවා.