නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
ලෝක විනාශයට සැරසෙන ලෝකය
මායාවරුන්ගේ පෞරාණික කැලැන්ඩරය මගින් පෙන්වා දෙන පරිදි මේ වසරේ දෙසැම්බර් 21 වැනිදා සිදුවීමට නියමිත යෑයි කියන ලෝක විනාශයට මුහුණ දීම සඳහා ඇස්ටරොයිඩ්වලින් හානි සිදු නොවන පොළොව යට බංකර් සාදමින් ද, ලෝක විනාශයට පෙර දින සිය දූ දරුවන් සහ සුරතල් සතුන් සමඟ සිය දිවි හානිකර ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් ද ඇතැම් රටවල ජනයා ඉතා කාර්යබහුල වී සිටින බව පසුගිය දින කිහිපය තුළ වාර්තා විය.
වසර 5125 ක් පැරැණි මායා කැලැන්ඩරය දෙසැම්බර් 21 වැනිදායින් නිමාවට පත් වේ. ඒ ගැන වැඩිදුර කරුණු කීම සඳහා එම ශිෂ්ඨාචාරය තවදුරටත් මිහිමත නැත. එහෙත් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද පරිදි ලෝක විනාශය සිදුවන දිනය ගැන මායාවරුන් ක්‍රමානුකූලව කියා ඇත. ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයන් ද මේ වසර අගදී පෘථිවියට අවදානමක් ඇති බව කියයි. එසේම විද්‍යාඥයන් ද විශාල උල්කාපාතයක් වැදීම නිසා හෝ කලු කුහරයක් මගින් ගිල දැමීම නිසා පෘථිවියට හෝ සෞරග්රහමණ්ඩලයට අනතුරක් වීමේ අවදානමක් ඇති බව උපකල්පනය කළහ.
පසුගිය වසරේ මැයි 21 වැනිදා ලෝකය විනාශ වී ඡේසුස් වහන්සේ නැවත එන බව ඇමරිකාවේ ජනප්‍රිය දේවගැතිවරයකු වන හැරල්ඩ් කැම්පිං කියා තිබිණි. ඔහුගේ අනාවැකිය ඇසූ ඇමරිකානුවෝ ලක්ෂ ගණන් ඔහු පසුපස පෙළ ගැසුන නමුත් මැයි 21 වැනිදා ඡේසුස් වහන්සේ යළි පැමිණියේ නැත. එවිට ඔහු කියා සිටියේ ඔක්තෝබර් 21 වැනිදා ලෝකය විනාශ වන බවය. එය ද නොවූ විට ඔහුගේ අනුගාමිකයන් බලවත් සේ කෝප වූ අතර ඔහු අතුරුදන් විය.
මැක්සිකානු කැලැන්ඩරය ඉතා පැරැණිය. යුරෝපීය ජාතීන් මධ්‍යම ඇමරිකාවට පැමිණීමට පෙර එම ප්‍රදේශය පුරා භාවිත කරන ලද්දේ මැක්සිකානු මායාවරුන්ගේ දින දර්ශනය ය. යුක්තාන් සහ ගෝතමාලා ප්‍රදේශවල මායා සංස්කෘතිය හා දින දර්ශනය පැතිර තිබිණි.
මායා සංස්කෘතිය ක්‍රි. පූ. 900 න් පටන් ගෙන ක්‍රි. පූ. 250 වන විට අවසන් විය. ලෝහයෙන් කළ සියුම් යන්ත්‍ර සූත්‍ර ඔවුන් සතුව තිබූ බවට සාක්ෂි නැති නමුත් තාරකා ශාස්ත්‍රය පිළිබඳව ඔවුන්ට උසස් දැනුමක් වූ බව හෙළි වී ඇත. ඔවුහු ගණිතය ද ජ්‍යාමිතිය ද ඉතා හොඳින් දැන සිටියේ ය.
ලෝක විනාශය ගැන මිනිසුන් කොතරම් බියට පත්ව ඇද්ද යත් ඇමරිකාවේ ජාතික ගුවන් හා ගගන ඒජන්සිය වන නාසා ආයතනය තම වෙබ් අඩවි හරහා විවිධ ප්‍රකාශ කරමින් ලෝක විනාශය දෙසැම්බර් 21 වැනිදා සිදු වීමට කිසිදු ඉඩක් නැති බව සඳහන් කර ඇත. ඒ අතර ලෝකය විනාශ වීමේ විවිධ ක්‍රම ගැන තම වෙබ් අඩවිවල සඳහන් වූ මූලධර්ම සහ න්‍යායයන් ඉවත් කර ඇත.
නාසා ආයතනය වෙතින් ලෝක විනාශය ගැන අදහස් විමසන පිරිස මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. පසුගිය දිනවල මෙබඳු ප්‍රශ්න 5000 ක් පමණ නාසා ආයතනය වෙත ලැබී තිබිණි. සමහරු නාසා ආයතනයෙන් විමසා සිටියේ ලෝක විනාශයට පෙර තමන් තම දූ දරුවන් සහ සුරතල් සතුන් සමඟ සිය දිවි නසා ගත යුතු ද යන්නයි.
ලෝක විනාශය සිදුවන බව කියෑවෙන මායා දින දර්ශනයේ ගල් පිටපතක් 1960 දී දකුණු මැක්සිකෝවේ ටෝටුගුවෙරෝ ප්‍රදේශයේදී පුරාවිද්‍යාඥයන්ට හමුවිය. වසර 2012.12.21 වැනි දින මායාවරුන්ගේ දෙවියන් වහන්සේ අහසින් මතු වී මහ පොළොවට සම්ප්‍රාප්ත වන්නේය.
අනතුරුව සති කිහිපයකට පෙර ලෝක විනාශය පිළිබිඹු කරන තවත් දින දර්ශනයක් ද පුරාවිද්‍යාඥයන්ට හමුවිය. එය වසර 1300 ක් පැරැණිය.
නාසා ආයතනයේ විද්වතුන් කියන්නේ පෘථêවිය වසර බිලියන 4 ක් තිස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ පැවැති ආරක්ෂිත ස්වරූපයෙන් තවදුරටත් පවතින බවය.
නාසා ආයතනයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ විද්වතකු වන ඩේවිඩ් මොරිසන් කියන පරිදි ලෝක විනාශය ගැන තොරතුරු විමසමින් ඔහු වෙත ඊමේල් එවන පිරිස දිනෙන් දින ඉහළ ගොස් ඇත. ඩෙන්මාර්ක් ජාතික ගැබිනි කාන්තාවක් ඔහු වෙත ඊමේල් මගින් පවසා ඇත්තේ තම වැඩිමහලු දරුවාත් මරා තමා ද දිවි නසා ගැනීමට තරම් ආවේගයක් ලෝක විනාශ පුවත නිසා ඇය තුළ හට ගත් බව ය.
"මගේ වයස 13 යි. මම ඇමරිකන් ළමයෙක්. මම අඬන්න බයයි. ලෝක විනාශයට පෙර සිය දිවි නසා නොගන්නට නම් ඒ සඳහා හේතු අවශ්‍යයි......" තවෙකෙක් ඔහු වෙත පණිවුඩයක් එවා තිබිණි.
තවත් දැරියක් මෙසේ ලියා ඇත. "මගේ මිතුරා මගේ කුඩා බලු පැටවායි. ලෝක විනාශයෙන් එයාට දුක් විඳින්නට දෙන්නට බෑ. ඒ නිසා ඊට කලින් එයාව මැරිය යුතු ද කියා මට දන්වන්න."
සමහර ධනවත් ඇමරිකානුවන් ඩොලර් 30 ක් වටිනා උපදෙස් මාලාවල සිට ඩොලර් 60,000 ක් වටිනා ආරක්ෂක බංකර දක්වා වූ ක්‍රමවේදයන් ගැන සැලකිල්ල යොමු කර ඇත. ලෝක විනාශයට බිය වූ අය වෙනුවෙන් සුඛෝපභෝගී බංකර් තනා දෙන රොබටෝ විසිනිගේ වැනි ව්‍යාපෘතිsයක් දැනටමත් රහසිගත තැන්වල එවැනි ඉදිකිරීම් කර තිබේ. දැනටමත් ඇමරිකාව තුළ බංකර් 5000 ක් සෑදීමට ඔහුට ඇනවුම් ලැබී ඇත. ඊට අමතරව ඔහු යුරෝපයේ ද බංකර් ඉදිකරමින් සිටී. එවැනි ඇනවුමක් භාර දුන් ස්ටීව් ක්රාමර් මෙසේ කියයි. "අපට පිස්සු නැහැ. ළඟ එන්නේ භයානක කාලයක්. මගේ පවුලේ අයට ජීවිත බේරා ගන්නට වුවමනායි. ඒ සඳහා අප සූදානම් විය යුතුයි." සිවුදරු පියකු වනඡේසන් හෝඡ් කියන්නේ ලෝක විනාශයෙන් බේරීම සඳහා වැය කරන හැම සතයක් ම ආයෝජනයක් බවය.
අප මෙතෙක් කතා කළේ ඇමරිකාව ගැනය. පිරනිස් කඳු වැටියේ පිහිටි කඳුකර ගම්මානයක් වූ මුගාරාච් වෙත අපි අවධානය යොමු කරමු. මිනිසුන් 200 ක් සිටි එම ගම්මානයට මේ වන විට 20000 ක් පමණ අලුතින් පැමිණ ඇත. ප්‍රංශ රජය කියන්නේ ඔවුන් සාමුහික සිය දිවි නසා ගැනීමකට සූදානම් වන බවයි. එහෙත් එහි පැමිණි අය කියන්නේ මුගාරාච් කන්ද මත ඇති චුම්භක ක්ෂේත්රයන් නිසා තමන් ලෝක විනාශයෙන් බේරීමට ඉඩ ඇති බවය. මේ කඳු මුදුනේ පහළ කොටසේ පසට වඩා උඩ කොටසේ පස් තට්ටු පැරැණි බව ඔවුහු කියයි.
එහෙත් භූගෝල විද්‍යා ඥයන් කිය න්නේ මෙයට වසර මිලියන ගණන කට පෙර මෙම කන්ද බිහි වීමෙන් පසු එහි උඩ කොටස පුපුරා අහසට විසි වී උඩ යට මාරු වී ආපසු තිබූ තැනටම වැටුණු බවය. කන්දෙහි පාෂාණමය වෙනසට හේතුව එය බව ඔවුහු කියති.
දිවයින ලිපියකිනි