නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
දුක නැති කළ යුත්තේ ඇයි?
බුදුරදුන් පවසා ඇත්තේ, තමන් ධර්මය දේශනා කරන්නේ සත්ත්වයන්ට දුකෙන් මිදීමේ මාර්ගය කියාදීමේ එකම අරමුණෙන් බවයි. උන්වහන්සේගේ ඉගැන්වීම් නිසා අප තුළ විපර්යාසයක් සිදු වී අප දුකෙන් මිදීමට අධිෂ්ඨාන කරගන්නවා නම්, ඉතා වැදගත් වන්නේ අප දුක යනු කුමක්දැයි එහි පුළුල් බව හා ගැඹුරු බව අනුසාරයෙන් ඉතා පැහැදිලිව වටහා ගැනීමයි. දුක පිළිබඳ එම ගැඹුරු හා පුළුල් අවබෝධය පැහැදිලිවම නොලැබුණේ නම්, එය සිඳ බිඳ දැමීමට අප දරන ප්‍රයත්නය අසම්පූර්ණ වනු ඇත. එයට හේතුව වන්නේ, සම්පූර්ණයෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන ඒමට අවශ්‍ය ප්‍රමාණයේ ශක්තියකින් සන්නද්ධ වීමට අපට නොහැකි වීමය.
“දුක නැති කරගත යුත්තේ ඇයි” යනුවෙන් ප්‍රශ්න කරනලද හොත්, නිතැතින්ම දිය හැකි පිළිතුර නම්, පුද්ගල සන්තානයේ අභ්‍යන්තරයෙන්ම පවතින ස්වභාවික පෙළඹීම වන්නේ දුක් පීඩාවෙන් මිදී සිටීම බවය. එසේ වුවත් දුක නැති කරගැනීමේ ප්‍රාර්ථනාවේ යෙදෙන අප විසින් අපගේම දුක් පීඩා ගැන පමණක් නොව, අප චිත්ත වේගයන්ගෙන් මිදුණා වූ හදවතක් හා සැබැවින්ම විමුක්තිය ලද සිතක පවතින නිරවුල් චින්තනයක් ඇති පරිපූර්ණ අහිංසකත්වය ලබාගන්නා තෙක්, අප අන්‍යයන් වෙත පමුණුවන දුක් වේදනා ගැනත් සිතිය යුතු වේ. සංසාර සාගරයේ අප සැරිසරන ගමනේදී අප නොවැළක්විය හැකි පරිදි අන්‍යයන්ගේ දුක්වලට ද එකතු කිරීම් කරන බව අප නිරන්තරව මෙනෙහි කරනවා නම්, අප තුළ අපගේ විමුක්තිය සඳහා වූ මාවතට ප්‍රවිෂ්ට වීමට වඩාත් දැඩි වූ වුවමනාවක් පැන නගිනවා ඇත.
අප, අප අවට සිටින අන්‍යයන්ට පමුණුවන දුක් පීඩා අතර, මුලටම ඇත්තේ අප විසින් කරන හානිකර ක්‍රියාවන්ට අන්‍ය සත්ත්වයන් නිරායාසයෙන් ගොදුරුවීමේ සිද්ධියයි. අපේ තණ්හාව විසින් අනුන්ගේ දේ සොරාගැනීම, අන්‍යයන් දුප්පත් කරවීම, ඔවුන්ගේ දේවල් අහිමි කිරීම, ගෞරවය කිලිටි කිරීම හා පැවැත්මට හානි කිරීම ආදිය සිදු කරනු ලැබේ. අපේ වෛරය විසින් ඝාතනයන් හා විනාශයන් ද තුවාල කිරීම් ද සිදු කරන අතර, අන්‍යයන් භීතියට පත් කිරීම ද සිදු කරනු ලැබේ. අනුන්ගේ දේට ඇඟිලි ගැසීමේ අඥානවත් මඩ වතුර අපේ අසල්වැසියාගේ සාමකාමී භූමිය ආක්‍රමණය කරන සැඩ පහරක් වෙයි. අපේ වැරදි විනිශ්චයන් ඔහුව නොමග යවා ඔහු වෙත ෂනාශය ළඟා කරන්නේ වෙයි.
දෙවැනිව, වඩාත් හානිකර වූ අපේ ක්ලේශ හෙවත් කිලිටිකම් අන්‍යයන්ට දුක්පීඩා ගෙනදීමේ සිද්ධි ගැන ද සඳහන් කළ යුතුව ඇත. අපගේ දුෂ්ට වූ හෝ අපවිත්‍ර වූ ක්‍රියාවන් අන්‍යයන් තුළ හානිකර ප්‍රතික්‍රියා ජනිත කරමින්, ඔවුන් තම ක්ලේශයන්හි තවත් වෙළා පටලවා ලනු ඇත. අපේ තෘෂ්ණාව අනුන් තුළ ඇති තරඟකාරී තෘෂ්ණාව වැඩි දියුණු කරවයි. අප ඇති කරගත් රාගය හේතුවෙන් අප විසින් අන්‍යයන් තුළ රාගය අවුස්සන නොලද්දේ නම්, අන්‍යයන් තුළ අකර්මණ්‍යව පැවැති කාමරාගය උත්සන්න නොවෙයි.
අපේම ක්‍රෝධය හා වෛරය ඊට ප්‍රතික්‍රියා ලෙස එදිරිවාදිකම් අවුස්සා ලමින්, නිමක් නැති පලිගැනීමේ චක්‍රයකට මුලපුරයි. අපේ අගති නිගමන බෝවෙන සුලුය. අප සිතින් මවාගත් දේ, අන් අය ඒවා විශ්වාස කිරීමට පටන් ගත් කල, ඒවාට තවත් වැඩි බරක් හා බලපෑම් ශක්තියක් ලබාදෙනු ඇත. අපේ වැරදි විනිශ්චයන්, බොරු වටිනාකම් හා සාවද්‍ය දෘෂ්ටීන්, ඇතැම් විට සැහැල්ලු ප්‍රකාශන ලෙසින් පිට වුවත්, අන්‍යයන් විසින් අහුලා ගනු ලදුව, විකෘති වූ ව්‍යාජ අදහසින් පිරුණු විශාල මතවාද බවට විස්තාරණය කරන ලදුව, මිනිසුන්ගේ සිත්වලට කිව නොහැකි තරම් හානියක් සිදු කරනු ඇත. මේ සෑම අවස්ථාවකම වගකීමේ සෑහෙන කොටසක් අප වෙත පැවරී තිබේ. අප කියන දේ හා ලියන දේ ගැන අප කොයි තරම් සැලකිලිමත් විය යුත්තේදැයි මින් පැහැදිලි වනු ඇත.
අප අන්‍යයන්ට දුක්පීඩා පමුණූවන තුන්වන විදියට පදනම වන්නේ අපේ චිත්තවේගයන්හි සීමිත හා වෙනස් වන සුලු ස්වභාවයය. අප කිසිවකු කෙරේ තිබූ පේ‍්‍රමය ස්වභාවයෙන්ම නැසී යන්නට පුළුවන් වුවත්, අප පේ‍්‍රමය පුද කළ අනෙක් අය තුළ එය තවදුරටත් පවතින්නට ඉඩ තිබේ. අපේ නොසලකා හැරීම නිසා, ඒ අය දුකට පත්වනු ඇත. මෙහි අනෙක් පැත්ත ද සිදුවිය හැකිය. අනෙකා තුළ අප කෙරේ වූ පේ‍්‍රමය මියැදී ගොස් ඇති නමුත්, අප තුළ තවමත් ජීවමානව තිබෙන පේ‍්‍රමය විසින් ඒ අයට නිරතුරුව හිරිහැර කරමින්, ඒ අයගේ නිදහසට බාධා කරමින්, ඒ අයට පාඩුවේ ඉන්නට නොදී ඒ අයගේ හදවතට පීඩා කරමින්, ඒ අයට දුක් දෙන්නේ ඒ අයට අප වෙත පිහිටක් වීමට බැරි තත්ත්වයක් තුළය. මනුෂ්‍ය සම්බන්ධතාවන්හි මේවා නිතර සිදුවිය හැකි දේ වන අතර, ඒවා බොහෝ විට ශෝකාන්තයකින් අවසානවේ.
මේවා විශේෂයෙන් හදපාරවන සුළු වන්නේ, එබඳු තැනක සදාචාරාත්මකව වරදක් පැවරිය නොහැකි ස්වභාවයක් පවතින බැවිනි. එතැන ඇත්තේ අනිත්‍යතාවෙහි නිර්දය හා අකම්ප්‍ය නීතිය විසින් සිය වේදනා දෙන මුද්‍රාව ජීවිතයේ මෙම රංග අවස්ථාව මත සනිටුහන් කිරීම පමණි. එසේ වුවත්, මෙහිදී ද සදාචාරාත්මක මූලධර්මයක් දැක්ක හැකිය. එසේ වන්නේ අප “වරද පැවරීම” යන්නට දෙන නිර්වචනය අනුවය. නිවැරදි ලෙස වටහා ගතහොත් මේ අවස්ථාව වනාහි රාගය, ඇලීම හෝ තෘෂ්ණාව විසින් තම අභිමතය ඉටු නොවීම නිසා, අන්‍යයන් වේදනාවට පත් කිරීමකි. මේ පැත්තෙන් බලන විට, චතුරාර්ය සත්‍ය අතර දෙවැන්න වන “තෘෂ්ණාව දුකට මුල් වේ” යන්න කෙතරම් සත්‍යයක් දැයි පෙනෙනු ඇත.
එසේ බැලූබැල්මට විරුද්ධ භාෂණයක් සේ පෙනෙන “පි‍්‍රය වූ දෙයින් දුක පැන නගී”, යන්නෙහි සත්‍යතාව ද පැහැදිලි වන්නේය. ජීවිතයේ දුක්ඛයන් අතුරෙන් අප මෙහි ගෙන හැර දැක්වූ මේ කුඩා නිදර්ශන ගැන ගැඹුරෙන් මෙනෙහි කරන විට අපට නියතවම වැටහෙනු ඇත්තේ: “භව පැවැත්මෙහි සකලවිධ ස්වරූපයන්ගෙන් ඈත් වීමටත්, ඒවා කෙරේ ඇති බැඳීම ඉවත්කර ගැනීමටත් ඒවා කෙරෙහි නොඇලී සිටීමටත් සැබැවින්ම මෙයම ප්‍රමාණවත්ය” යන්නය.
අපේම දුර්වලකම් විසින් අන්‍යයන් දුක් පීඩා දිය සුළියට ඇද දමන විවිධ ආකාර පිළිබඳව ලැයිස්තුව අප තවම අවසන් කර නැත. එහෙත් සිව්වැනි කරුණක් පමණක් සඳහන් කොට සාකච්ඡාව අවසන් කිරීම ප්‍රමාණවත් යැයි හැඟේ. අපේ චිත්තවේග හා මෝඩකම් නිසා, ඒවා අන් පුද්ගලයන් ඍජුව සම්බන්ධ කර නොගත් නමුත් ඒ අය නිරීක්‍ෂකයන් ලෙස සම්බන්ධ වූ කල එම අයටත් සමාජයටත් මහත් අනර්ථයක් සිදු වන්නට ඉඩ තිබේ.
අපේ ක්‍රියා නිසා මනුෂ්‍යත්වය කෙරෙහි ඔහු කලකිරවමින් උතුම් පරමාදර්ශ කෙරේ ඔහු තුළ ඇති විශ්වාසය බිඳ දමමින් ලෝකයේ යහපත සඳහා ඔහු විසින් සැපයිය හැකි දායකත්වය නැති කර දමන්නට කරුණු යෙදෙනු ඇත. අපේ දුබලතාවන් හේතුවෙන් එම පුද්ගලයා උතුම් දේ කෙරේ කලකිරී පෞද්ගලික නොරිස්සීම්වල ප්‍රතිඵල ලෙස නරුමයෙකු, ලෝකයාට වෛර කරන්නෙකු බවට පත් වනු ඇත. අපේම දුබලතාවන් නිසා යහපත් භාවයේ බලවේගයන් අප තුළ දුබල වනවා පමණක් නොව අන්‍යයන් තුළ ද ඒවා දුබල කරවීම සිදුවනු ඇත.
බුදුදහමෙහි උගැන්වෙන “දුක්ඛ” සංකල්පය ගැන බොහෝ දෙනා මෙසේ කියනු අප අසා තිබේ. “සතුට හා සෞන්දර්යය, පී‍්‍රතිය හා සුඛ වින්දනය ලබා ගැනීම පිණිස එක්තරා ප්‍රමාණයක දුකක් විඳිය යුතු බව අප දන්නවා. ඒ වුණාට ආඩපාලි නොකියා එම වින්දනය ලැබීම සඳහා ඕනෑම කැපකිරීමක්, ඒ කියන්නේ මරණය වුණත්, කැපකරන්නට අපි සූදානම්, ඒකෙ අගයක් තියෙනවා. ඒ නිසා අපේ වින්දනයට අමුතු ජවයක් ලැබෙනවා” එසේ කියන අය ඉදිරියේ, අපට අප ඉහතින් සඳහන් කළ කරුණු තබන්නට පුළුවන. ඒ කරුණු අනුව, අපට ඔවුන්ගෙන් මෙසේ ඇසිය හැකිය. “ඔබ ඔය කියන කැපකිරීම ඔබම පමණක් විඳින දුකක් නොව, තවත් අයත් එක්ක විඳින දුකක් බව ඔබ දන්නවාද?
ඔබේ පී‍්‍රති වින්දනයන් පිණිස අනෙක් අයට කැප කිරීම් කරන්නට බල කරන එක හරියි කියා ඔබ සිතනවාද? ඔබ විඳින පී‍්‍රතිය ගැන ඒ පැත්තෙනුත් බැලුවොත් ඔබේ ක්‍රියාව නිසා “අමුතු ජවයක්” ලැබෙනවාය කියා ඔබට තවමත් සිතෙනවාද?” එසේ ප්‍රශ්න කළවිට අපේ මිත්‍රයා (ඔහු අවංක හා උතුම් අදහස් ඇති කෙනෙකු නම්, ඒ කියන්නේ මේ කරුණු ගැන සාකච්ඡා කිරීමෙන් පලක් ඇත්තේ එහෙම අය සමඟ පමණයි) ටිකක් සිතාමතා මෙසේ කියනු ඇත. “මට ඒ කාරණේ ගැන හිතුණේ නැහැ. ඇත්ත තමා මම මගේ දුබලතා නිසා අනෙක් අයට කැප කිරීම් කරන්නටය කිය යුතු නැහැ. මම එදිනෙදා ජීවිතයේදී එහෙම කරන එක අසාධාරණ පහත් දෙයක් කියා සිතනවා නම්, ජීවිතේ වඩා වැදගත් උසස් ප්‍රශ්නවලදීත් එසේම විය යුතුයි නේද?” අපට එසේ අසන්නට ලැබුණොත්, අපට පෙනෙනු ඇත්තේ ඒ අන්දමින් අප ඔහුගේ සිතේ හා හෘදය සාක්ෂියේ පැළ කළ එම බීජය ක්‍රමයෙන් වර්ධනය වී පල දරනු ඇති බවයි.