_
_
පින සහ කුසලය ගැන ථෙරවාදයෙන් විග්‍රහයක්
අනාදිමත් කාලයක් පුරා සපුරන ලද පාරමී සහිත වූ දස බලධාරී වූ, සර්‍වඥ වූ, මහා කාරුණික වූ අප මහා සම්බුදු පියාණන් වහන්සේ විසින් ශ්‍රද්ධා ධනයෙන් ආඪ්‍ය වූ සඨ නො වූ, මායා නො වූ, සෘජු ජාතික වූ, ප්‍රඥාභරණයෙන් ශෝභමාන වූ සාධු ජනයන්ගේ හිත සුව පිණිස දේශනා කරන ලද සව¢ාර්ථ සාධක වූ, විමුක්ති රසයෙන් අනූන වූ, නෛර්යාණික ශ්‍රී සද්ධර්ම සාගරය ඇතැමකුට ගැඹුර වැඩි නිසා දෝ, ඇතැමකුට තමන්ගේ නැණ දුබල කරන පෙර කළ පාපයෙහි විපාකය බලවත් වූ නිසා දෝ, ඇතැම් තැනෙක ගළපාගත නොහී අවුලෙන් අවුලට පත් ව, තම අවුලෙන් නො නැවතී අන්‍යයන් ද නො මඟට යොමු කිරීම හා භව්‍ය ජනයන්ගේ නිවනට පවා බාධා වන පමණට ඔඩු දිවීම, සංවේගයට කාරණය.
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කල පවා ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුර දරා ගත නොහැකි, ශ්‍රද්ධා ප්‍රඥා ගුණයෙන් මද පිරිස සිටි බව, මජ්ඣිම නිකායෙහි බහුවේදනීය සූත්‍රයෙහි සඳහන් වන උදායි තෙරුන් හා පඤ්චංගික ථපති අතර සංවාදයෙන් පැහැදිලි වෙයි.
මම අවුල් සහගත තත්ත්ව අතර ‘පින’ සහ ‘කුසලය’ පිළිබඳ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කිරීම ද දක්නට ලැබිණ. ‘පින’ සහ ‘කුසලය’ අර්ථ වශයෙන් දෙකක් ය යන්න එක් මතයකි. ‘පින’ යනු, කුසලයෙහි ලෞකික කොටස බව, තව මතයකි. ‘පින’ සහ ‘කුසලය’ අර්ථ වශයෙන් සමාන බව ථෙරවාදය ඇසුරෙන් පැහැදිලි කර, පින් හෝ කුසල් හෝ රැස්කර නිර්වාණාධිගමනය කළ හැකි බව අවබෝධ කර, නිවනට බාධාවක් වන නිර්මල ශ්‍රී සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කිරීම, මෙහි මුඛ්‍ය පරමාර්ථය යි.
මහා කාරුණික වූ අප මහා සම්බුදුපියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා ගෞරව ඇති කෙනකුට පින් කර නිවන ලද හැකි බව එතරම් වෙහෙසවීමකින් තොරව අවබෝධ වන බව, අපගේ අදහස යි. මහා සුගතයන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන ලද ධජග්ග සූත්‍රයෙහි, සංඝ ගුණ අතර, දක්වා ඇති ‘අනුත්තරං පුඤ්ඤ්ඛෙත්තං ලෝකස්ස’ (සංඝ රත්නය ලෝකයාට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය ය) යන්නත්, සංඝ රත්නය උදෙසා පූජා කිරීමෙන් නිවන සාක්ෂාත් කළ හැකි බව අර්ථවත් කළ සේක. පින් කිරීමෙන් නිවන ලද නොහැකි නම්, සංඝ රත්නය උදෙසා කළ පූජා භවගාමී භාවයට පත්ව නිෂ්ඵල වනු ඇත. නමුත් එවැන්නක්, ථෙරවාදයෙහි කොතැනකවත් සඳහන් කර නැත.
යම්කිසි කුසලයක් හෝ පිනක් කිරීමෙන් පසුව ‘ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු’ (මේ පින කෙලෙස් නැති කිරීම පිණිස වේවා) යන ප්‍රාර්ථනාව ථෙරවාදයට අනකූ®ල බව, ‘ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු’ (මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා) යනුවෙන් සංයුත්ත නිකායයෙහි නිදානවග්ග ටීකාවෙහි පටිපදා සූත්‍ර වර්ණනාවෙහි සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. එම සූත්‍ර අටුවාවෙහි ‘කුසලය’ යනුවෙන් සඳහන් කර තිබීමෙන්, මේ පද දෙක ම සමාන යෙදුම් ඇති බව වැටහෙයි.
ලොවට පහනක් වූ මහා සුගතයන් වහන්සේගේ නොබෝ කලකින් සිදුවීමට නියමිත වියෝව දරාගත නොහැකි වූ ආනන්ද මහ තෙරුන්ගේ සිත් තැවුල සංසිඳවීමට දේශනා කරන ලද කරුණා සිසිලෙන් පරිපූර්ණ වූ දීඝ නිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සංග්‍රහ වන ශ්‍රී බුද්ධ වචනයෙන් ප්‍රමාණයක් මෙහි ලා මතක් කළ යුතු ය. ‘කත පුඤ්ඤෝසි ත්වං ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හෝහිසි අනාසවෝ’ (ආනන්දය, තොප පින් කරන ලද්දෙහි, පධන් වීර්යය වඩනු, වහ වහා රහත් වන්නෙහි ය) නිවන ලැබීමට අපහසු වූ ආනන්ද මහ තෙරුන් මෙම ශ්‍රී මුඛ දේශනාව සිහි කිරීමෙන් කල් නො යවා ම අර්හත්වයට පත් වී, සියලු කෙළෙස් බරින් නිදහස් ව නිවී සැනසුණ සේක. මහා කාරුණිකයන් වහන්සේගේ වචනය ආශ්චර්ය ය, දෙව් මිනිසුන් කෙරෙහි අසහාය ශාස්තභාවය ද ආශ්චර්ය ය. ආනන්ද මහ තෙරුන්ට දේශනා කරන ලද කරුණාබර වදන්, ආනන්ද මහ තෙරුන්ගේ පමණක් නොව මෙම ශාසනය පවතින තෙක් සියලු දෙව් මිනිසුන්ගේ සියලු ගිනි නිවීමටත් වැඩි තරම් වෙයි. ශ්‍රී බුද්ධ වචනය වර්තමානයෙහි පවා සැදැහැතියන්ගේ මෝහ ගිනි නිවනු ඇත. අර්හත් සම්මා සම්බුදුන් දහසක් ඉපදුණ ද, දැඩි මතධාරීන් නම් සසර ගමන අත් නොහරිනු ඇත. එය සංසාර දෝෂය යි. නුවණැත්තෝ එපිළිබඳ මැදහත් සිත් ඇත්තෝ වෙත්වා!
දීඝ නිකායෙහි චක්කවත්ති සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වන්නේ ය. ‘කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪති’ (කුසල් දහම් සමාදන් වීමෙන් භික්ෂුණී, මෙවැනි පින් වැඩෙයි) සතර සතිපට්ඨානය වැඩීමෙන් අර්හත් ඵලය දක්වා පුණ්‍යඵල ලැබෙන බව ද, අග්‍ර වූ පුණ්‍ය ඵලය මාර බලය මැඬපවත්වන ආසවක්ඛය ඤාණය බවද චක්කවත්ති සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කුසලය, ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර බව, එම සූත්‍ර අටුවාවෙහි ‘තත්ථ දුවිධං කුසලං, වට්ටගාමී ච විවට්ටගාමීච ‘, යන පාඨයෙන් ද, සතර සතිපට්ඨානය වැඩීමෙන් සියලු ලෞකික සහ ලෝකෝත්තර පුණ්‍ය ඵල ලැබෙන බවද එවමිදං පුඤ්ඤන්ති, එවං ඉදං ලොකුත්තර පුඤ්ඤම්පි යාව ආසවක්ඛයා පවඩ්ඪතී යන පාඨයෙන් ද මැනවින් පැහැදිලි වෙයි.
ද්විපදෝත්තම වූ, අසදෘශ ප්‍රතිවේධ චක්‍රයෙන් ද අතුල්‍ය වූ, දේශනා චක්‍රයෙන් ද ප්‍රතිමණ්ඩිත වූ, මෝහ නමැති තිමිර පටල විධ්වංසනය කරන්නා වූ දසබලධාරීන් වහන්සේ ඇතුළු අග්‍ර ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක සහ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේ ධරමාන කාලයෙහි පවා ඇතැමකුට ‘පුණ්‍ය’ යට අනියත බියක් තිබූ නිසා දෝ ‘ මා භික්ඛවේ, පුඤ්ඤාණං භායිත්ථ’ (භික්ෂූනි, පිනට බිය නොවව්) යනුවෙන් සියලු සත්නට අමා මහ නිවන සාදාලන, භවය නොව නිවන ම වර්ණනා කරන්නා වූ සුගතයන් වහන්සේ විසින් අංගුත්තර සත්තක නිපාතයෙහි අඛ්‍යකතවග්ගයෙහි මා පුඤ්ඤාභායි (මෙත්ත) සූත්‍රයෙහි භික්ෂූනට පවා පින නිර්දේශ කිරීමෙන් පැහැදිලි වෙයි.
බොහෝ දෙව් මිනිසුනට මංගල කරුණු පිළිබඳ ඇති වූ ප්‍රශ්නයෙහිදී අමා මහ නිවන සාක්ෂාත් කිරීම පසුවට තබා, කල්‍යාණ මිත්‍ර සේවනය ද දෙවනුවට තබා තමහට හිතසුව කැමැත්තාහට ‘අසේවනා ච බාලානං’ යනුවෙන් පාප මිත්‍ර සේවනය මා පළමුව දුරු කළ යුතු ය යන්න අවධාරණය කරන සේක්, අනුපිළිවෙළින් මංගල කරුණු නිර්දේශ කරන්නා වූ තිලෝගුරු බුදුපියාණන් විසින් ‘පුබ්බේ ච කත පුඤ්ඤතා’ යනුවෙන් ප්‍රකාශිත මංගල කරුණ ථෙර සමය නොඉක්මවා ථෙරවාදයට අනුකූලව විස්තර කරන්නා වූ අතිශය ගෞරවාර්හ බුද්ධඝෝෂ මහ තෙරපාණන්, එම මංගල සූත්‍ර අටුවාවෙහි ‘පුබ්බේ කත පුඤ්ඤතා නාම, අතීතජාතියං බුද්ධ පච්චේක බුද්ධ ඛීණාසවේ ආරබ්භ උපචිත කුසලතා’ (පෙර කළ පින් ඇති බව යනු අතීත ජාතීන්හි බුදු පසේබුදු රහතන් වහන්සේ අරමුණු කරමින් රැස් කරගන්නා ලද කුසල්) ලෙස සඳහන් කරන සේක. ‘පින’ සහ ‘කුසලය’ එක ම අර්ථය දෙන, අවස්ථානුකූලව යොදන ලද සමානාර්ථ ඇති පද දෙකක් බව මෙයින් ද සනාථ වෙයි.
දීඝ නිකායෙහි ලක්ෂණ සූත්‍ර ටීකාවෙහි ‘මහාභිනීභාරතෝ පට්ඨාය හි මහාපුරිසෝ යං කිඤ්චි පුඤ්ඤං කරෝති සබ්බං තං සම්මා සම්බෝධිසමධිගමායේව පරිණාමේති’ (මහා අභිනීහාරයෙහි, ප්‍රථම නියත විවරණයෙහි පටන්, මහ පුරුෂයාණන් වහන්සේ යම්කිසි පුණ්‍ය කර්මයක් කරත් ද ඒ සියල්ලම සම්මා සම්බුද්ධත්වය පිණිස ම යොමු කරත්) යනුවෙන් ද අපදාන අට්ඨකථාවෙහි සීහාසනිය වග්ගයෙහි සීහාසනදායකතෙර අපදානයෙහි ‘මයා නිබ්බානාධිගමාය ඒකං පුඤ්ඤං කාතුං වට්ටති’ (ම විසින් නිර්වාණය අධිගමනය පිණිස එක පිනක් කළ යුතු ය) යනුවෙන් ද සඳහන් වීමෙන්, පෙර මහ බෝසතාණන් වහන්සේ ද, චූල බෝසතාණන් වහන්සේ ද පින් රැස්කළ බව දැනගත යුතු ය.
මෙවැනි උදාහරණ විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකයෙහි ඇති මුත්, සාධු ජනයන්ගේ හිත සුව පිණිස මෙපමණකුත් සෑහේ යැයි අපගේ හැඟීම ය. එනමුදු මෙකරුණ වැඩිදුර අධ්‍යයනයට උත්සුක වන සැදැහැතියනට අනුග්‍රහය පිණිස, පහත එන ප්‍රමාණය ද සඳහන් කරම්හ.
උදාන අට්ඨකථාවසානයෙහි බදරතිත්ථ විහාර වාසී ආචරිය ධම්මපාල තෙරුන් සහ අනෙකුත් බොහෝ අට්ඨකථාචාරීන් වහන්සේ විසින් කරන ලද ප්‍රාර්ථනා අනුව; අතිශය ගෞරවාර්භ බුද්ධඝෝෂ මහ තෙරපාණන්ගේ කාලයට පසු ව පවා - අටුවා ටීකාචාරීන් වහන්සේ ධර්ම දානය කිරීමෙන් පින් රැස් කළ බව ද, එම පින් නිවනට යොමු කළ බව ද සනාථ වෙයි.
අභිධර්ම පිටකයෙහි ඇති ‘චිත්ත’ යන පරමාර්ථය, 89 ක් වූ ‘විඤ්ඤාණ’ වශයෙන් විස්තර වෙයි. මෙහි ‘චිත්ත’ සහ ‘විඤ්ඤාණ’ යන පද සමාන අරුත් ඇති බව පැහැදිලි ය. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී සත්ත්වයනට ‘පින්’ කර ගැනීමට ද ‘කුසල්’ කර ගැනීමට ද අභිධර්මයෙහි ඇත්තේ කුසල් සිත් පමණකි.
සූත්‍ර පිටකයෙහි, භාවනා කර නිවන ලබා ගැනීමට ඇත්තේ ද ‘පින්’ පමණකි. ‘තීණිමානි, භික්ඛවේ, පුඤ්ඤකිරියවත්ථුනි, කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු සීලමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු (භික්ෂූනි, පුණ්‍යක්‍රියා වස්තූන් තුනකි. කවර තුනක් ද? දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය, සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව ය) යනුවෙන් දීඝ නිකායෙහි සඞ්ගීති සූත්‍රයෙහි ද, අංගුත්තර අට්ඨක නිපාතයෙහි දනවග්ගයෙහි පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයෙහි ද, භාවනා කිරීම පවා පුණ්‍ය ක්‍රියාවක් බව විස්තර වෙයි.
මහානිද්දේසපාළි අටුවාවෙහි සුද්ධට්ඨකසුත්තනිද්දේස වණ්ණනාවෙහි එතැන යෙදෙන ‘පුඤ්ඤං’ යන පදයට ‘තෙධාතුකං කුසලාභිසඞ්ඛාරන්ති, කාමධාතු රූපධාතු අරූපධාතුසු පටිසන්ධිදායක කෝසල්ලසම්භූතං පච්චයාභිසඞඛාරං’ (තෛ‍්‍රධාතුක කුසලාභිසංඛාර යනු කාම, රූප, අරූප ලෝකයන්හි ප්‍රතිසන්ධිය ගෙන දෙන කෞශල්‍ය සහිත ප්‍රත්‍යය අභිසංඛාරය) යන අටුවා පාඨය ඇතැමෙකුට මුලාවට පමණ වී ඇති බව, ඔවුනගේ ප්‍රකාශ වලින් ප්‍රසිද්ධව ඇත.
සූත්‍ර පිටකයෙහි බොහෝ තැන් පුද්ගලාධිෂ්ඨාන දේශනා බැවින් (ඒ ඒ පුද්ගලයාට ගෝචර වන පරිදි දේශනා කරන ලද ධර්මයන්හි) ඒ ඒ තැන්හි යෙදෙන පද පිළිබඳ සියලු අර්ථ එහිම බහාලීම, සුදුසු නොවනු ඇත. මෙතැන ද සියලු කුසල් හෝ සියලු පින් යන්න නොයෙදෙයි. පදයකට යෙදෙන සියලු අරුත් එකම තැනෙක සංග්‍රහ වන්නේ, අභිධර්මය පිටකයෙහි ය. සූත්‍ර පිටකයෙහි නොවෙයි. මෙම ගාථාවෙයි ‘පුණ්‍ය” පදයට භවගාමී පුණ්‍යය පමණක් යෙදෙයි.
උදාහරණයක් ලෙස විමානවත්ථුපාලියෙහි ඡත්තමාණවක ගාථාහි සංගෘහිත ගාථා ඛණ්ඩයක් වන “ධම්මමසඞ්ඛත මප්පටිකූලං” හි “ධම්ම” යන පදයට නව ලෝකෝත්තර ධර්මය හා පරියාප්තිය වශයෙන් දස ප්‍රභේදයක් වූ සියලු ධර්මය නො යෙදෙන බවත්, එතැන්හි දී නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් පරමාර්ථ ධර්ම වූ අසංඛත නිවන පමණක් යෙදෙන බවත්, එම අටුවාවෙහි සඳහන් වෙයි.
අතිශය ගෞරවාර්හ උපසේනාචාර්ය හිමිපාණන් විසින් ලිඛිත මහානිද්දේසපාළි අටුවා පාඨය ඇතැමකුට වැරැදි අදහස් ගෙන දුන්න ද, ථෙරවාදයට - අනුකූලව ථෙරවාදය දීපනය කරමින් - ලෝකයට හිත පිණිස තම අටුවා නිම කරමින් චූලනිද්දේසපාළි අටුවා අග තබන ලද ප්‍රාර්ථනාවෙහි පින සඳහා ‘කුසල’ සහ ‘පුඤ්ඤ’ යන දෙපදය භාවිත කිරීමෙන්ම අටුවාචාරීන් වහන්සේට ද මෙම ගැටලුව නොතිබූ බව, ධර්ම ගෞරව සහිතව පිළිගත යුතු ය.
අංගුත්තර තික නිපාතයෙහි චූළ වග්ගයෙහි සීලවන්ත සූත්‍ර අටුවාවෙහි “පුඤ්ඤං පනෙත්ථ ලොකිය ලොකුත් තර මිස්සකං” (පුණ්‍යය යනු, ලෞකික ලෝකෝත්තර මිශ්‍ර ) යනුවෙන් සඳහන් වන පාඨය පිළිබඳ එහි ටීකාවෙහි තවදුරටත් දැක්වෙන විස්තරයෙහි “භාවනාමයස්සපි පුඤ්ඤස්ස සඞ්ගණ්හනතො ලොකුත්තරස්සපි සම්භවො දට්ඨබ්බො” (භාවනාමය වශයෙන් පුණ්‍ය ය සංග්‍රහ වන විට, ලෝකෝත්තර සම්භවය දැකිය යුතු ය.) යනුවෙන් විස්තර වෙයි. අංගුත්තර තික නිපාතයෙහි ම බා වග්ගයෙහි ඛත සූත්‍ර අටුවාවෙහි ‘බහුඤ්ච පුඤ්ඤං පසවතීති ඵත්ථ ලොකිය ලොකුත්තරමිස්සක පුඤ්ඤං කථිතං’ (බොහෝ පින් ප්‍රසව කෙරේ යනුවෙන් එහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රක පුණ්‍යය පිළිබඳ කතා කරන ලදී )යනුවෙන් සඳහන් වේ. මෙය ද පුණ්‍ය ය ලෞකික වශයෙන් ද ලෝකෝත්තර වශයෙන් ද අවස්ථානුකූල ව යෙදෙන බව වටහා ගැනීමට උපකාරක ය.
“සබ්බං පනෙතං ලොකුත්තර භාවනා පුඤ්ඤචසප්පවත්තං මග්ගානුරූප ඵලප්පවත්තියා චත්තාරො අරිය පුග්ගලෙ අභිනිප්ඵාදෙති. එවං ලොකුත්තර කුසලං, වෙදිතබ්බං.” (එහි සියල්ල, ලෝකෝත්තර භාවනාවේ පුණ්‍ය වශයෙන් පැවැති මාර්ගානුරූප ව පැවැති ඵල වශයෙන් සතර ආර්ය පුද්ගලයෝ උපදිත්. එලෙස ලෝකෝත්තර කුසලය දැන ගත යුතු ය.) යනුවෙන් අභිධම්මාවතාරයෙහි චිත්ත නිද්දෙසයෙහි සඳහන් වීමෙන්, “පුණ්‍ය” පදය ද “කුසල” පදය ද අවස්ථානුකූලව ලෞකික සහ ලොකෝත්තර වශයෙන් භාවිතා කරන ලද බව සනාථ වෙයි.
අභිධම්මාවතාර පුරාණටීකාවෙහි ජට්ඨ ම පරිච්ඡේදයෙහි ආරම්මණ විභාග වර්ණනාවෙහි “සෙක්ඛානං ඤාණසම්පයුත්ත මහා කුසලස්ස, වොට්ඨබ්බනස්ස, පඤ්චමස්ස රූපකුසලස්ස ච තිවිධං ලොකුත්තරපුඤ්ඤං ආරම්මණං හොති. ඛීණාසවස්ස වොට්ඨබ්බනස්ස, ඤාණසම්පයුත්ත මහාකිරියස්ස, පඤ්චමස්ස රූපකිරියස්ස ච අරහත්තපුඤ්ඤං ආරම්මණං හොති.” (ශෛක්ෂයන්ගේ ඥානසම්ප්‍රයුක්ත මහා කුසලයට ද ව්‍යවස්ථාපනයට ද පස්වැනි රූප කුසලයට ද ත්‍රිවිධ වූ ලෝකෝත්තර පුණ්‍යය අරමුණු වේ. ක්ෂීණාස්‍රවයාගේ ව්‍යවස්ථාපනයට ද ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියාවටද පස්වැනි රූප ක්‍රියාවට ද අර්හත් පුණ්‍යය අරමුණු වේ.) යනුවෙන් සඳහන් කර තිබීම ධර්ම ගෞරව ඇති සත්පුරුෂයනට තම දෘෂ්ටිය මනාව සෘජු කරගැනීමට පමණ බව, අපගේ හැගීම ය.
දීඝ නිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සංගෘහිත ය. “සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස, අතීතසත්ථකං පාවචනං, නත්ථි නො සත්ථා’ති. න ඛෝ පනෙතං, ආනන්ද, එවං දට්ඨබ්බං. යො වො ආනන්ද, මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සො වො මමච්චයෙන සත්ථා” (ආනන්දය, නුඹට මෙසේ සිතක් ඇති විය හැකි ය. පෙළ දහම දේශනා කරන ලද අපගේ ශාස්තෘහු නැත’ යැයි. ආනන්දය, එය එසේ නොදැක්ක යුතු ය. ආනන්දය, තොපට යම් ධර්මයක්, විනයක් ම විසින් දේශනා කරන ලද ද පනවන ලද ද, එම ධර්මය මගේ ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි.)
මෙම ශ්‍රී මුඛ දේශනාව අනුව ත්‍රිපිටක ධර්මය පිළිගන්නා සැදැහැති බෞද්ධයාට, තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ධර්ම රත්නය තුළ වර්තමානයෙහි ද වැඩ සිටින සේක. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා හට සැම කල්හි බුද්ධ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්ම රත්නයේ පිහිට ලැබෙනු ඇත. සංඝ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්මය නො පිළිගන්නා, සැම කල්හිම අනාථ ය .
ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨයෙහි නිධිකණ්ඩ සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වෙයි. “කයිරාථ ධීරා පුඤ්ඤානි, යො නිධි අනුගාමිකෝ” (යම් නිධානයක් තමන් පසු පස එන්නේ ද, නුවණත්තෝ එම පින් කරත්) “පටිසම්භිදා විමෝක්ඛා ච යා ච සාවක පාරමී, පච්චේකබෝධි බුද්ධභූමී, සබ්බමෙතෙන ලබ්භති, ඒවං මහත්ථිකා ඒසා යදිදං පුඤ්ඤසම්පදා, තස්මා ධීරා පසංසන්ති, පණ්ඩිතා කතපුඤ්ඤතා” (සිව් පිළිසිඹියාවන් ද විමෝක්ෂයන් ද, යම්තාක් ශ්‍රාවක පාරමිතාවන් ද, පසේ බුද්ධත්වය ද, සම්මා සම්බුද්ධත්වය ද මේ සියල්ල ම ලබා දෙයි. යම් පුණ්‍ය සම්පදාවක් ඇත් ද එය මේසා මහා අර්ථදායක ය, රැස් කර ගන්නා ලද පින් ඇති පිණ්ඩිතයෝ, නුණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලැබෙත්.) සැදැහැතියෝ අවදි වෙත්වා! අංගුත්තර පඤ්චක නිපාතයෙහි අනුග්ගහිත සූත්‍රයෙහි නිර්දේශිත පරිදි භාවනානුයෝගීහු කලින් කල තම මුල් පිරිසුදු කර ගැනීමෙන්, සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමෙන් උත්තම වූ විදර්ශනා ඥාන සාක්ෂාත් කර ගනිත්වා!