නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
මෝහය හෙවත් අවිදු අඳුර
යහපත් අවවාද නොපිළිගන්නා බව, යහපත් අයගෙන් උපදෙස් ඉල්ලා නොසිටීම, තමන් සැමවිටම නිවැරදි යෑයි සිතීම, යහපත් ඔවදන් විමසීමට නොහැකි අකමැති අත්තනෝමතික බව, හිතුවක්කාර බව, භවයන්හි සැරිසැරීමට ඇති නොනිමි භව ආශාව (දෙව් මිනිස් සැප පිළිබඳ) එනයින් කුසල් මෙන්ම වැඩිපුර අකුසල්ද තමන් වටා ඒකරාශිවන බව නොදැනීම. අන් භවයන් කිසිවක් නැත මෙම භවය පමණයි. යනුවෙන් සිතමින් එහිදී සියලු පංචස්කන්ධ සැප ලබාගැනුමට ඇති නොතිර ආශාව (විභව තණ්හාව) කෙතරම් ශරීරයට සැප ලබා දුන්නත් එකී සුවය සෑම මොහොතක් පාසාම අතීතයට ඇදී යැමෙන් ඇතිවන දුක අසතුට දුක්ඛ සත්‍යය බව නොවැටහීම සහ වැටහුණද ඒ නොසලකා නැවත නැවත සතුට සෙවීම සියලු සත්ත්වයන්ගේ මනුෂ්‍යයන්ද ඇතුළුව ඉපදීම පැවැත්ම, මියයැම කුසගින්න, නිද්‍රdව, මෛථුනය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම දුක බව නොවැටහීම, අෂ්ඨලෝක ධර්මය පිළිබඳව ඇතිවන කම්පාව තමන් සෙක්කුවක් වටේ නිරතුරුව කැරකැවෙමින් සිටින බවද කිසියම් දුරක් හෝ ගමන් නොකර ඇති බවද නොවැටහීම
නාමය වෙනත් රූපයක් සොයා වර්තමාන රූපය අතහැරයාම හෙවත් මියයැම මෙනෙහි නොවීම, එම දමායන රූප කදම්බයේ ඇති කුණුවී යන දිව පිනවීමට ඇති බලවත් ආශාව ඒ සඳහා සත්ත්ව ඝාතනයේ යෙදීම, යෙදවීම අනුබලද දීම, සිත කය හා වචනයෙන් අනුමතද කිරීම, කම්පිතව මියයෑවූ මෘත ශරීර දානය වශයෙන් පිළිගැන්වීම, දානය වශයෙන් ලබාගැනීම දුක්ඛ දෝමනස්සයක් පිනක් බවට පරිවර්තනය කරමින් එහි අනුසස් කීම, පිං යෑයි දෙයක් අනුමෝදන් කිරීම ඒ සඳහා පසුව වෙනස්කර පරස්පරව ලියා ඇති විනය පිටකය ත්‍රිපිටකය වශයෙන් හඳුන්වා ගැනීම සහ නිදහසට කොතෙකුත් කරුණු ගෙනහැර දැක්වීම ඇස පිනවීම, කුණුවී යන අපගේ පංචස්කන්ධය වැනි අන් ශරීර දෙස බලා ලොල්බව ඇතිකර ගැනීම, මිහිරි ශබ්ද ඇසීමට ප්‍රියවීම මිහිරි අඝ්රානයට ප්‍රියවීම සියල්ල පරක්තෙරක් නොමැති සංසාර චක්‍රයෙහි සියලු දෙනම සියලුම කාලයන්හි ඇලෙමින් ගැටෙමින් මැරෙමින් ඉපදෙමින් යළි ඉපදෙමින් මැරෙමින් නිරන්තරයෙන්ම සිටිය බව පසක් නොවීම සහ එතෙකුදු වූවත් තම සිත කිසිදා තෘප්තිමත් නොවී නැවත නැවත ගිලෙන බව අවබෝධ නොවීම, තව කෙනෙකුගේ (මිනිස් හෝ සත්ත්ව) දුක්ඛ දෝමනස්ස තම චිත්තප්‍රීතියට හරවා ගැනීම අන් සත්ත්වයන්ගේ වේදනාව දුක සම්බුද්ධ දේශන පරිදි තමන්ට අනුරූපව සිතා නොගැනීම භවාංගතල තිස්එකෙන් කුසල් කරගැනීමට ඇති එකම භවතලය මේ මිනිස් භවය බව නොදැනීම, ප්‍රතිපත්ති පූජා සහ දානක්‍රම පූර්ණවශයෙන් අත්හැර දමමින් ආමිෂ පූජා සහ පසුකාලීනව ස්වකීය පුද්ගලික යහපත වෙනුවෙන් සකස්කරගත් එලොවට මෙලොවට කිසිදු යහපතක් නොමැති බුදුරජාණන් වහන්සේ තරයේම ප්‍රතික්ෂේප කරන ලද පූජාක්‍රම සඳහා යහමින් මිල මුදල් වැය කරමින් පසුපස යැම.
සමථ, විදර්ශනා, භාවනා ගැන යාථානුරූපී අවබෝධයකින් තොරවීම, "අ" යනු "ආ" යනු ඉගෙන නොගෙන විශාල විභාග සමත්වීමට සිහින දැකීම හෙවත් නිවන්මගට නීවරණ වන බුqදුරජුන් ප්‍රතික්ෂේප කළ කර්ණ රසායන මධුර ගීතිකා තාලයට ගයමින් වයමින් ස්වකීය ධනය වැයකරමින් භාවනා කඩ පසුපස හඹායැම තම කුස තුළ මරන ලද සත්ත්ව මාංශ තබාගෙන සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා යනුවෙන් මෛත්‍රී භාවනාවේ යෙදීම.
කොසොල් රජතුමන්ගේ සිහින දහසයේ සතරවන සිහිනය පරිදි කමටහන් කිසිත් නොදන්නා අඳබාල සිල්වත් නොවන ස්ත්‍රීන් පවා උස් අසුන්වල වාඩිගෙන තමන්ට වඩා වයසින් පවා වැඩි පිරිමින් තම දෙපාමුල වාඩි කරවාගෙන තමන්ද දිවිහිමියෙන් නොදන්නා ප්‍රගුණ නොකළ කමටහන් යෑයි දෙයක් පවසමින් දහම නොදත් සැදැහැවත් ජනයා නොමඟ යෑවීම සහ නොමඟ යැම.
අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයක ඉපිද මනුෂ්‍ය භවයක්ද ලැබ සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සුදුසු පතිරූපදේශයක ඉපිද ඇස්කන් නාසය, දිව ශරීරය සහ සිත යන සියල්ල සම්පූර්ණව ලබා තිබියදීත් සදාකාලික අන්ධයන් මෙන් මියයන මොහොත දක්වා අඳුරේ අතපතගාන බව නොදැනම අඳුරෙන් අඳුරටම යැමට වලිකන, සදා අන්ධයන් මෙන් නැවත නැවත නොනිමි භව සංසාරයේ ගමන් කිරීමක් බව ඉතා වාසනාවන්ත මෙකී මනුෂ්‍ය භවයේදීවත් නොදැනීම, ඉහත සියලු දෑ මෝහන්ධකාරය හෙවත් අවිදු අඳුරට මුලාවීම නොවේ නම් අන්කුමක්ද? සුදනනි සුදන සාධුනි ෘෘ
ඉහත සියලු දෑ සියල්ල මෝහය හෙවත් අවිදු අඳුර බව ඇත්ත ඇති සැටියෙන් දැන්වත් හඳුනාගන්නා තැනැත්තා ප්‍රඥාවන්තයෙකි. මම යන්න ආත්මාර්ථි මායාවකි.
සාහිත්‍යසූරී ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
ප්‍රධාන සභාපති - ශ්‍රී ලංකා අහිංසාවාදී භික්ෂු මහ සභාව