අහිංසා කොයිද ?
සත්ත්ව හිංසනය පිටුදකිමු.සියලු සතුනට කරැණාව දක්වමු
කිරි අම්මා බේරාගමු“සබ්බේ නසන්ති දණ්ඩස්ස
සබ්බේ භයන්තී මච්චුණෝ
අත්තානං උපමා කත්වා
නහන්යෙය නඝාතයේ”
සියල්ලෝම දඬුවමට බිය වෙති. සියල්ලෝම මරණයට බිය වෙති. අනුන්ගේ බිය, සැක, සංකා, වේදනා තමන්ව උපමා කොට ගෙන ප්‍රාණ ඝාත අකුසලයෙන් වැළකිය යුතු ය. එනම් නොසැලිය යුතුය. නොමැරිය යුතු ය. එමෙන්ම නොමැරවිය යුතුය යනුවෙන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලේ සියලුම සත්ත්වයාට කිසිඳු හිරිහැරයකින් තොරව මිහිපිට ජීවත්වීමේ අයිතියක් ඇති බව පෙන්වීමට ය. එහෙත් ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සියල්ලන්ටම ජීවත්වීමේ ඇති අයිතිය අද මිනිසාට අමතක වී ඇති සෙයකි. ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීම උසස් මනසක් ඇති බහුතර මිනිසුන්ට අමතකවී ඇති සේය. මේ බව මැනැවින් දක්නට ලැබෙනුයේ මස් මාංශ කෑමට සමහරුන්ගේ ඇති අධික ගිජුබව දකින විටය. යම් අයෙක් සත්ත්ව මාංශ අනුභව කරන්නේ ද එවැන්නවුන් සතුන් මැරීමට අනුබල දෙන්නෝ වෙති.
ආහාරය සඳහාම සතුන් මැරීමත්, සතුන් ඇති කිරීමත් ප්‍රාණ ඝාතයට ප්‍රබල අනුබල දීමකි. මස් මාංශ මිලට ගන්නේ ආහාරයට වුවත් එය ද සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. මස් කන්නට ගිජුවන්නෝ දැන හෝ නොදැන කර ගන්නේ මහත් පාපයකි. මන්ද සතුන් ඇති කරන්නෝත් මරා විකුණන්නේත් පාරිභෝගිකයන් ඒවා අනුභව කරන හෙයිනි. එබැවින් මස් අනුභව කරන්නා සෘජුවම මෙම පාපකර්මයට දායක වෙයි. ඒ අතරින් ගව මස් කෑම තමාගේ මව මරා විකිණීම හා කෑම තරම් නොවේද? මුළු රට ජාතියටම මී කිරි, දී කිරි, වෙඬරු, ගිතෙල්, මෝරු වැනි පස්ගෝරස ලබාදෙමින් ජාතියේ පෝෂණයට මහත් වූ සහයක් ලබාදෙන ගවයා තරම් තවත් සතෙක් සිටීද? මව්කිරි බීවාට පසු අපි වැඩෙනුයේ එළදෙනගේ තනපුඩුවෙන් දොවාගන්නා කිරි බීමෙන් බව අද බොහෝ දෙනෙකුට අමතකවී තිබීම සැබැවින්ම ජාතියේ අවාසනාවකි.
මිනිස් හෝ සත්ත්ව මවකට ලේ කිරි වෙන්නේ දරුවාට ඇති අසීමිත ආදරය සෙනෙහස නිසයි. මෙම ක්‍රියාවලිය විස්මයජනක වූවකි. එසේම යම් මනුෂ්‍යයෙක් හෝ සත්ත්වයෙක් මරණයට පත් කිරීමට යෑමේදී එම සත්ත්වයා කැමැත්තෙන් මරණයට ඉදිරිපත් වන්නේ නැත. මරණ බය සහ ජීවත්වීමේ ආසාව නිසා මිනිසාගේ සේම තිරිසනාගේ ද කායික හා මානසික වෙනස්වීම් ඇති වෙයි. ආදරය, සෙනෙහස ඇතිවීම ලේ කිරි වන්නේ යම් සේ ද බලහත්කාරයෙන් මරන්නට යෑමේදී සිත තුළ ක්‍රෝධය, ද්වේශය, වෛරය හටගැනීමත් සාමාන්‍ය වූවකි. මෙසේ මර අෙඳීනාවෙන් මිය යන සතුන්ගේ මස් මාංශ ආහාරයට ගැනීමෙන් උසස් මනසකින් හෙබි මිනිසා ද මානසිකව පිරිහීමකට ලක් වෙයි.
මානසිකව පිරිහෙන මිනිසා සාරධර්මයන්ගෙන් ද ඈත් වෙයි. සාරධර්මයන්ගෙන් ඈත් වන මිනිසා අපරාධකරුවෙක් බවට පත්වීම වැළැක්විය නොහැක. අපරාධකරුවා නිතරම උත්සහ ගන්නේ හිංසනය සමාජගත කිරීමටයි. සත්ත්ව මළකුණු ආහාරයට ගෙන කුස අමු සොහොනක් කර ගන්නා මිනිසුන්ගේ මනස නිතරම යකාගේ කම්මල මෙන් නොසන්සුන් ය. නොසන්සුන් වූ මනස අපරාධ වර්ධනයට හේතුවකි.
මිනිස් සිතෙහි උපදින රාග, ද්වේශ, මෝහ යන අකුසල් මූලයන් වර්ධනය කිරීමට ප්‍රබල දායකත්වයක් සත්ත්ව මාංශ අනුභවය හරහා සිදුවේ. “මක් නිසාද සත්ත්ව මාංශ අනුභව කරන සිතෙහි කරුණාව හීන වෙයි. මස් මාංශ අනුභව කරන සිතෙහි අනුකම්පාව ඇත්තේ ඈතිනි. ආහාර අතර විෂම ආහාරය වන්නේ මස්, මාංශ, තෙල් අධික ආහාර සහ පැණි රස ආහාරයි. එයින් ද මස් මාංශ භාවිතය ප්‍රධාන තැනක් ගනී.අපගේ අසල්වැසි ඉන්දියාවේ “ගෝ මාතා”, “ගෝපිතා” යනුවෙන් ගවයා සලකන්නට පුරුදුවී තිබේ. ඉන්දියාව වැනි බහුවිධ ආගම් අදහන රටක “ගවයා” සලකන්නේ පූජනීය වස්තුවක් විදියට. ඒ රටේ ගවයා මැරීම තහනම්. දඬුවම් ලැබිය හැකි වරදක්. තණකොල ආහාරයට ගෙන මුළු ජාතියටම පස්ගෝ රස ලබාදෙන මේ උතුම් සම්පත අපි ආරක්ෂා කර ගත යුතුයි. ගවයා මරන්නට කිසිවිටෙකත් අනුබල නොදිය යුතුය. එය ආදර්ශයට ගනිමින් ගව ඝාතනයට සපුරා එරෙහි වී ගවයන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නට ඉදිරිපත් විය යුතු කාලය දැන් එළඹ ඇත. ආරම්භයේදී වෙසක් මාසයේ හෝ ගව ඝාතනය තහනම් කිරීමට හැකි නම් එය මහත්ඵල මහා ආනිසංස ලැබෙන උතුම් පිංකමක්. කැලණිය පුදබිමේ ගව මස් විකිණීම සපුරා තහනම් කර ඇති බවට ආරංචියි. එය ඉතාම හොඳ සුබ නිමිත්තක්. මෙය ආදර්ශයට ගනිමින් රට පුරා ප්‍රසිද්ධ පුදබිම්වලත් මේ කටයුත්ත අරඹන්නේ නම් ඉතාම සද් ක්‍රියාවක්. මෑතකදී මර්වින් සිල්වා ඇමැතිතුමා මුන්නේශ්වර කෝවිලේ බිලි පූජාවකට බිල්ලට දෙන්න සිටි එළුවෝ පන්සියයකට අභයදානය ලබාදීම පුණ්‍ය කටයුත්තක් නොවේද?
නොවැම්බර් පස්වැනිදාට සිදු කරන මෙම පුණ්‍ය මහෝත්සවයේදි මරණයට කැපවූ ගවයන් සියයක් මුදාගෙන කරන මෙම පුණ්‍ය කටයුත්තට මර්වින් සිල්වා අමාත්‍යවරයා ද ඔහුගේ මූල්‍යමය දායකත්වයෙන් ගවයන් පස්දෙනෙක් නිදහස් කරන්නටත් නියමිතයි.
කෙලින් යන මනුස්සයා මත් පැන් බිවූ විට යන්නේ හරහට ය. එයින් හැඟවෙන්නේ මිනිස් සිරුරේ කායිකව මෙන්ම මානසික වශයෙන්ද කිසියම් බලපෑමක් කිරීමේ හැකියාවක් මත්පැන්වලට ඇති බවයි. මස් මාංශ අනුභව කරන පුද්ගලයාගේ තත්ත්වයද එයාකාරමය. මාංශ අනුභවය කායික, මානසික රෝග ගණනාවකට අත වැනීමකි. මාංශ ආහාර ගැනීමෙන් ඇඩ්රිනලීන් හා නොඇඩ්‍රිනලීන් වැනි ස්නායු උත්තේජකයන් නිකුත් කිරීම වැඩි කරයි.
එමෙන්ම සතුන් මැරීමේදී ඇති වන සාහසිකත්වය හා කෲරත්වය නිසාම එකී මස් අනුභව කරන්නෝ ඉබේම ඊට දායක වෙති. එනිසාම මස් අනුභව කරන්නාගේ සිත තුළ සාහසිකත්වය සහ කෲරත්වය වර්ධනය වන්නේ ඔහුට හෝ ඇයට නොදැනීම ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වැනි ධර්මතාවයන් මස් කන පුද්ගලයන්ගෙන් පලායයි. “තරහව“, “ඊර්ෂ්‍යාව“, “ක්‍රෝධය”, “පළිගැනීම” වැනි පාපතර හැඟීම් පුද්ගල සිතෙහි උපදී. මරණයේ වේදනාව, බිය හා තැතිගැන්ම නිසා හට ගන්නා මානසික විකෘතිභාවය මස් බුදින පුද්ගලයාට ද බලපානු නියතය. මස් කෑමේ අනිටු ඵලය වන්නේ මනස විකෘතිව යම් යම් අපරාධ හා කෲරකම් කරන්නට පෙළඹීම ය.
රහස් පරීක්ෂණයන්ට අනුව අපරාධ කරන්නට පෙළඹෙන පුද්ගලයන්ගෙන් 80%ක් පමණම මස් මාංශ අනුභවයට හුරුව සිටි අය බව තහවුරු වී තිබේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ සතුන්ට වධ හිංසා මෙන්ම සත්ත්ව මාංශ අනුභව කරන පුද්ගලයාගෙ සිත් අපරාධයන්ට පෙළඹීමේ ඉඩකඩ වැඩි බවයි. මත්පැන් බොන, මස් කන පුද්ගලයන්ගේ හදවත දුෂ්ට වනු ඇත. හදවත දුෂ්ට වන තරමට සමාජයට වන හානිය ද විශාලය.
අම්මාගේ කිරි අප බොන්නේ වසරක් දෙකක් පමණි. අම්මාගේ කිරි බිව් පසු අප කිරි බිව් දෙවැනි අම්මා වන්නේ එළදෙනයි. එබැවින් ඇය ද “කිරි අම්මා” වශයෙන් සැලකීම යුතු නොවේද? මිනිසුන් වූ අපව පෝෂණය කිරීමට ලේ කිරි කර දෙන කිරි අම්මා අමු අමුවේ ඝාතනය කිරීමට අප කෙසේ ඉඩදෙමුද? මරණයේ දොරටුව අභියස බියෙන් වෙව්ලන හඬා වැටෙන අසරණ අහිංසක ගවයන් කොතෙක් නම් මස් බුදින්නන් වෙනුවෙන්ම ඝාතනයට කැපවී සිටීද?
එබැවින් සානුකම්පිතව සලකා බලා මේ සතුන්ගේ ජීවිත ගලවා ගැනීම මිනිසුන් වූ අපගේ පරම යුතුකම නොවේද? ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මේ උතුම් පුණ්‍යකර්මයට දායක වන්න. ගව මස් අනුභව නොකරන්නට ඔබ සිත ධාරණය කර ගන්නේ නම් ඊට වඩා කළ හැකි පිංකමක් නැත. හැමෝම තනි තනිව එසේ සිතන්නේ නම් මේ රටේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නවතින දිනය එතරම් ඈතක නැත.
එනිසා මොහොතක් හිතන්න. බුද්ධිමත්ව හිතන්න. රස තෘෂ්ණාවේ ආදීනව මෙනෙහි කරන්න. තමන් ශරීරයට ගන්නා ආහාරය කෲරත්වයට, පාපයකට, සාහිසකත්වයට පොළඹවන දෙයක් නොකර ගන්න. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ කාලය තුළ ගව සම්පත ආරක්ෂා කර ගනු වස් මාගේ මූලිකත්වයෙන් කෙරෙන ගව ඝාතනය තහනම් කරන දස ලක්ෂයේ අත්සන් සහිත යෝධ පෙත්සමට සහයෝගය දක්වන්න. කුඩා කළ සිටම පංචශීල ප්‍රතිපත්තිය රකිමින් සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කරමින් යහපත් පුරවැසියෙකු වී මේ රටට සමාජයට බරක් නොවන ලෙස ජීවත් වීමේ අදිටන ඇති කර ගන්න. මක්නිසාද “පව්” කළ තැනැත්තා නිරයටත් “පිං” කළ තැනැත්තා සුගතියටත් යන බැවිනි.
සබ්බේ භයන්තී මච්චුණෝ
අත්තානං උපමා කත්වා
නහන්යෙය නඝාතයේ”
මිනිස් හෝ සත්ත්ව මවකට ලේ කිරි වෙන්නේ දරුවාට ඇති අසීමිත ආදරය සෙනෙහස නිසයි. මෙම ක්‍රියාවලිය විස්මයජනක වූවකි. එසේම යම් මනුෂ්‍යයෙක් හෝ සත්ත්වයෙක් මරණයට පත් කිරීමට යෑමේදී එම සත්ත්වයා කැමැත්තෙන් මරණයට ඉදිරිපත් වන්නේ නැත. මරණ බය සහ ජීවත්වීමේ ආසාව නිසා මිනිසාගේ සේම තිරිසනාගේ ද කායික හා මානසික වෙනස්වීම් ඇති වෙයි. ආදරය, සෙනෙහස ඇතිවීම ලේ කිරි වන්නේ යම් සේ ද බලහත්කාරයෙන් මරන්නට යෑමේදී සිත තුළ ක්‍රෝධය, ද්වේශය, වෛරය හටගැනීමත් සාමාන්‍ය වූවකි. මෙසේ මර අෙඳීනාවෙන් මිය යන සතුන්ගේ මස් මාංශ ආහාරයට ගැනීමෙන් උසස් මනසකින් හෙබි මිනිසා ද මානසිකව පිරිහීමකට ලක් වෙයි.
මානසිකව පිරිහෙන මිනිසා සාරධර්මයන්ගෙන් ද ඈත් වෙයි. සාරධර්මයන්ගෙන් ඈත් වන මිනිසා අපරාධකරුවෙක් බවට පත්වීම වැළැක්විය නොහැක. අපරාධකරුවා නිතරම උත්සහ ගන්නේ හිංසනය සමාජගත කිරීමටයි. සත්ත්ව මළකුණු ආහාරයට ගෙන කුස අමු සොහොනක් කර ගන්නා මිනිසුන්ගේ මනස නිතරම යකාගේ කම්මල මෙන් නොසන්සුන් ය. නොසන්සුන් වූ මනස අපරාධ වර්ධනයට හේතුවකි.
මිනිස් සිතෙහි උපදින රාග, ද්වේශ, මෝහ යන අකුසල් මූලයන් වර්ධනය කිරීමට ප්‍රබල දායකත්වයක් සත්ත්ව මාංශ අනුභවය හරහා සිදුවේ. “මක් නිසාද සත්ත්ව මාංශ අනුභව කරන සිතෙහි කරුණාව හීන වෙයි. මස් මාංශ අනුභව කරන සිතෙහි අනුකම්පාව ඇත්තේ ඈතිනි. ආහාර අතර විෂම ආහාරය වන්නේ මස්, මාංශ, තෙල් අධික ආහාර සහ පැණි රස ආහාරයි. එයින් ද මස් මාංශ භාවිතය ප්‍රධාන තැනක් ගනී.