_
අට මහා නරකය
1. සඤ්ජීව
මෙහි උපන් නිරි සතුන් යමපලුන් විසින් දිලිසෙන නොයෙක් ආයුධවලින් කඩකඩ කොට කපනු ලබන නමුත් යලි යලිත් එහිම උපදින හෙයින් සඤ්ජීව නම් වේ.
2. කාල සූත්ර
මෙහි උපන් නිරි ස තුන් යමපලුන් විසින් මහ හඬ නංවමින් බියකරු දිsසෙන අවි රැගෙන ගිනිදැල් විහිදන යකඩ පොළව මත හෙලා දැලිනූල් (කාල සූත්ර) ගසා දිලිසෙන වෑ පොරෝවලින් හතරැස් අටපට්ටම් ආදී වශයෙන් කපනු ලබන හෙයින මේ නම ලබයි.
3. සංඝාත
මෙහි උපන් නිරිසතුන් නව යොදුන් ගණකම ඇති යකඩ පොළොවේ ඉඟටිය දක්වා ගිලී නිසලව සිටී. මෙවිට පෙරදිගින් ගිනිදැල් විහිදුවන යකඩ පර්වතයක් භයානක ශබ්ද සහිතව අහසින් අවුත් අර නිරිසතුන් කඩ කඩ කරමින් බරහිර පැත්තේ නවතී.
කර්මානුරූපව නැවතත් එම නිරිසතුන් පෙර සේම සිටි කල බටහිර දිශාවෙන් යකඩ පර්වතයක් ගිනි දැල් විහිදුවමින් අවුත් පෙර සේම නිරිසතුන් සුණු විසුණු කරමින් පෙර දිගට යයි. මෙසේම උතුරු දිශාවෙන්ද දකුණු දෙසින්ද පර්වත පැමිණ විරුද්ධ දෙසට ගොස් නවතී. ඇතැම් වරෙක දෙදිශාවෙන් පැමිණෙන පර්වත දෙකකට නිරිසතා මැදිවී විනාශවෙයි. මෙසේ යකඩ පර්වතවලින් මිරිකෙන හෙයින් මේ නිරය සංඝාත නම් වේ.
4. රෞරව
මෙහි උපන් නිරිසතුන්ගේ සිරුරෙහි නව දොරින් පිවිසී, සියලු ශරීරය තම්බන ක්ෂාර ධූමයෙන් එම නිරිසතුන් පැසි පැසී දුක්විඳිති.
5. මහා රෞරවය
රතු ලේ වැනි ගිනිදැලින් පිලිස්සෙමින් පීඩා විඳින නිරිසතුන් ඇති නරකය.
6. තාප
මෙහි උපන් නිරිසතුන් යම පල්ලන් විසින් ගිනිගෙන දිලිසෙන යකඩ පොළව මත දිලිසෙන යකඩ දැල්වලින් සවි කරන ලදුව නිශ්චලව තැවෙමින් දුක්විඳිති.
7. ප්රතාප
තාප නරකයේ කියන ලද දුක් තවත් අධික වූ නිරයයි. යමපල්ලෝ බියකරු අවිගෙ නිරිසතුන් ගිනිගෙන දිලිසෙන කඳුවලට නංවති. එවිට ක්ෂාර වාත (කාරම් දුමෙන්) හමාවිත් ඔවුන් පහලට පෙරලයි. හිස පහළට පා උඩට වැටෙන එම නිරිසතුන් දිලිසෙන යකඩ පොළොවින් මතුවූ ගිනිගත් යහුල්හි ඇණී ඇමිණී පීඩා විඳිති.
8. අවීචිය
ගිනිදැල්වලින්ද නිරිසතුන්ගෙන්ද, දුක්වලින්ද කිසිත් අතරක් නැති නිරයයි. වීචි යනු අතරක් නැත්තේ අවීචි යයි.