නමෝ බුද්ධාය
  • පෙර වදනක්
  • සූත්‍ර දේශනා
  • භාවනා
  • දේශණා ( dawnload )
  • අවිහිංසා සංකප්ප
  • ජීවිතය ජයගන්න
  • විවිධ මාතෘකා
  • විමර්ශන
  • video
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය හඳුනා ගනිමු
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." ( සච්ච සංයුක්තය- කෝටිගාම වග්ගය) බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය.ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවආය්‍යර්‍ සත්‍යය සතරකි චතුරාර්‍ය සත්‍යය වන්නේ;
  • දුක
  • දුකට හේතුව
  • දුක නැති කිරීම
  • දුක නැති කිරීමේ මාර්ගය
            බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුව​තකාය. ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.සත්‍යය" 'පැවැත්ම' අර්ථවත් 'සත්' ධාතුවෙන් 'සත්‍යය' සංකල්පය ජනිත වී ඇත. යමක් ඇත්ත වශයෙන් ම පවතීද එය සත්‍යය නම් ‍වේ.මේ වනාහී සත්‍යය පිළිබඳ පදංගත වූ අර්ථය වේ. ඉහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි සත්‍යයක ල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්ෂණ 3ක් වේ. එනම්,
  1. තථ-ඒකාන්ත සත්‍යය
  2. අවි තථ-කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයයි. එය කිසි කලෙකත් බොරු නොවේ
  3. අනඤ්ඤථ-අන් පරිද්දකින් නොසිටින සත්‍යය
                       චතුරාර්‍ය්‍ය සත්‍යය සත්‍යයයි පවසනු ලබන්නේ ඒවායේ ඇති ඉහත ලක්ෂණ හේතුවෙනි 'ඉමානි චත්තාරි අරිය සච්චානීති භික්ඛවෙ මයා ධම්මෝ දේසිතෝ.......සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි "(මහණෙනි මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයෝය යනු මා විසින්දෙසන ලද............ මහණුන් විසින් බමුණන් විසින් නුවනැතුන් විසින්............. බැහැර කරන්නට නොහැකි ධර්මයයි.)(අංගුත්තර නිකාය 1, 314 පිටු)ආර්‍ය්‍ය සත්‍යයඅරිය හෙවත් ආර්‍ය්‍ය යන්නෙන් 'උසස් ' ,'උතුම්', 'ශ්‍රේෂ්ඨ' යන අර්ථය ලබා දෙයි.
  • බුදු, පසේ බුදු, රහත් යන අය විසින් අවබෝධ කළ හෙයින් මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
  • එම ධර්මය අවබෝධ කිරීමෙන්ම පෘතග්ජනභාවය ඉක්මවා සියලු කෙළෙසුන් නසා ආර්‍ය්‍ය භාවයට පත් කෙරෙන බැවින්ද මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
  • බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා ආර්‍ය්‍යන් ලෙස හැඳින්වේ.උන්වහන්සේලා එම ශ්‍රේෂ්ඨ තත්වයට පත්වීමේදී ඉවහල් වූ පිළිවෙත (අරිය සච්ච) ආර්‍ය්‍ය සත්‍යය ලෙස හැඳින්වේ.
              
               " අරියා ඉමානි පටිවිජ්ඣන්ති ,තස්මා අරිය සච්චානීති වුච්චන්තීති............"(සච්ච විභංග නිද්දේසය) (ආර්‍ය්‍යන් වහන්සේලා එම තත්වයට පත් කළේ යමක්ස එය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.)මෙ‍ම ධර්මය අවබෝධ කර ගැනීමෙන් පෘතග්ජන තත්වය නැති වී ආර්‍ය්‍ය භාවයට පත් වේ. "ඉමේසං ඛෝ භික්ඛවෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසංබුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වුච්චතීති."(සච්ච විභංග නිද්දේසය)ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආය්‍යර්‍ යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්‍ය්‍ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරකින් වත් අසත‍්‍ය වීමක් නැත. ඒවා එසේම ය. කවර ආකාරකින් වත් වෙනස් නො වන සත්‍ය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආය්‍යර්‍ යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ දැක ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජනභාවය ඉක්මවා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.චතුරාර්‍ය්‍ය සත්‍යයේ ලක්ෂණමෙ‍ම ධර්ම‍යෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළු ධර්මයන් මෙහි අන්තර්ගත වීමයි. "සච්ච විනිම්මුත්තෝහි භාගවතෝ දේසනා නත්ථා"' යන නෙත්තිප්පකරණ අටුවාවේ එන විග්‍රහයෙන් එය සඳහන් කෙරේ."ඒව මේව ඛෝ ආවුසෝ, යේ කේචි කුසලා ධම්මා සබ්බේ තෙ චතුසු අරිය සච්චේසු සංගහං ගච්චන්තී" යන මහාහත්ථි පදෝපම සූත්‍ර පාඨයද එය පැහැදිලි කරයි. එනම් ලොව වෙසෙන සියළු සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනට වඩා කුඩා වනු ඇත.එය ඉක්මවා යන කිසිඳු පාද සටහනක් දැකිය නොහැකිය.එමෙන් බුද්ධ දේශිත යම් කුසල ධර්මයක් වෙයිද ඒ සියල්ල චතුරාය්‍යර්‍ සත්‍යයෙහි අන්තර්ගත වනු ඇත. ලොව පවත්නා ධර්මයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ 04 කි.එනම්,
  1. පවත්ති- ඇති වීම
  2. පවත්තක-ඇති වීමට ඉවහල් වූ හේතු
  3. නිවත්ති- නැති වීම
  4. නිවත්තක-නැති වීමට ඉවහල් වූ හේතු
චතුරාය්‍යර්‍ සත්‍යයද මෙම න්‍යායට අනුව ගොඩ නැගී තිබේ.
  1. පවත්ති-දු:ඛාර්‍ය්‍ය සත්‍යය
  2. පවත්තක-දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය
  3. නිවත්ති- දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය
  4. නිවත්තක-දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය
කෘත්‍ය සතරක්චතුරාය්‍යර්‍ සත්‍යය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් කළ යුතු කාර්‍ය්‍යයන් සතරක් වේ.01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්‍රහාණය කළ යුතුය.(පහාතබ්බං)03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්‍ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය."සච්චං සත්තෝ පටිසන්ධි-පච්චයාකාර මේවච අද්දසා චතුරා ධම්මා- දේසේතුංච සුදුක්කරා"යනුවෙන් බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්‍ගයෙන් අවබෝධ කිරීමට දුෂ්කර වූ ධර්‍ම කරුණු පෙන්වා දෙමින් චතුරාය්‍යර්‍ සත්‍යය ,සත්වයාගේ ස්වභාවය, පුනර්භවය, හේතුඵලවාදය යන කරුණු හඳුන්වා දෙයි. මේවා අවබෝධ කර ගැනීම අපහසු වන අතර ඒවා සරළව විග්‍රහ කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්‍ය්‍යක් බවත් පවසයි.
Powered by Create your own unique website with customizable templates.