නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
2012, ලෝක විනාශයක්ද?
මුළු ලෝකයම බියෙන් සළිත කල 2012 ලෝක විනාශය පිළිබඳ අනාවැකිය අසත්‍යයක් බවත් මායාවරුන් 2012 දී ලොව ආරම්භවන නව පරිච්ඡේදයක් පිළිබඳ පවසා ඇති බවත් ජර්මන් විද්‍යාඥයකු වන ස්වේන් ග්‍රොනමෙයර් පවසයි. ඔහු ඇතුළු පර්යේෂක කණ්ඩායම පවසන්නේ මෙය හුදෙක් සංකේතාත්මක දිනයක් පමණක් බවයි. මායාවරුන්ගේ දේවස්ථානයක තිබී හමුවූ ශිලා ලේඛණයක ලෝක විනාශය පිළිබඳ අනාවැකියක සටහන් වී ඇතැයිද එය 2012 දෙසැම්බර් මස 21 වැනි දින සිදුවන බවද අනාගත වාක්‍යය කරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳ ලොව පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබිණි.
ග්‍රොනමෙයර් පවසන්නේ අනාගත වාක්‍යය කරුවන් විසින් මාය දින දර්ශනය වැරදි ලෙස වටහාගෙන ඇති බවයි. මෙහිදී සැබවින්ම සිදුවන්නේ ලෝකයේ නව පර්ච්ඡේදයක ආරම්භය බව ඔහුගේ අදහසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ ශිලා ලිපියේ කොටසක් කැඩී ගොස් ඇති අතර එම ස්ථානයේ අවසානයට සටහන් කර ඇති කොටස කියවිය නොහැකි බවයි. එමෙන්ම කියවිය හැකි කොටසේ ලෝක විනාශයක් සිදුවන දිනයක් හෝ එවැනි විනාශයක් ගැන හෝ කිසිඳු සඳහනක් නොවන බවද ඔහු පවසයි.
හෙතෙම තවදුරටත් මෙසේ පවසයි...
''මායවරුන් ගේ මෙවලම මම තේරුම්ගත් ආකාරයට 2012 දෙසැම්බර් මාසයේ නව යුගයක සංක්‍රමණයක් එහි දක්වා තිබෙනවා. මෙය ලොකයේ අවසානය යැයි සිතිය යුතු කාරණයක් නොවෙයි. මේ ශිලා ලේඛණයේ පැහැදිළි කරන්නේ ගුප්ත මායා දෙවියෙකු වූ බොලොන් යොක්ටෝගේ නැවත පැමිණීමයැයි මම තේරුම් ගත්තා. 13 වැනි සියවසේ අග භාගයේදී බක්ටූන්ස් ලෙස හඳුන්වනු ලැබූ මේ දෙවියන් 2012 දෙසැම්බර් මස 21 හෝ ඊට ආසන්න දිනයක නැවත පැමිණෙන බව මෙහි සටහන් කර තිබෙනවා.
මෙක්සිකෝවේ මානව විද්‍යාව පිළිබඳ ආයතනය පවසන්නේ පසුගිය සතියේ චෝටුගෙරේ වැඩබිම ආසන්නයේ කොමැල්කොල්කෝ නටඹුන් අතරින් තවත් ශිලා ලිපියක් හමුවූ බවයි. ගලක අඹන ලද එහි මුහුණක් කැටයම් කර තිබූ බවත් එම මුහුණේ 2012 සටහන් කර තිබූ බවත් ඔවුන් පවසා තිබේ. එහෙත් තම ආයතනයේ සුරක්ෂිතව තබා ඇතයි පවසන ඔවුන් එය ප්‍රදර්ශනය කරන්නේ නැත.
දෙවන සෙල් ලිපියේද ලෝක විනාශයක් පිළිබඳව කිසිම සටහනක් නොමැති අතර 2012 ලෝක විනාශය පිළිබඳ අනාගත වාක්‍යය තවමත් නොවිසිදුණු අභිරහසක් බවට පත්ව තිබේ.
උපුටා ගැනිම : ලංකාදීප පුවත්පත