ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචරියාව
සම්බුදුරජාණන් වහන්සේ කොතරම් පරහිතකාමී ගුණයෙන් යුක්ත වූවේ ද යන්න උන් වහන්සේගේ දෛනික චර්යා සටහන විමසා බැලීමෙන් වුව අපූරුවට පැහැදිලි කරගත හැකි ය. එහිදී ලෝකාර්ථ චර්යාව පදනම් කර ගෙන ක්‍රියාත්මක වූ දෛනික කාල සටහන කොටස් 5 කින් සමන්විත විය. ඒ මෙසේ ය.
I පෙරබත් කිසII පසුබත් කිසIII පෙරයම් කිසIV මැදියම් කිසV පැසුළුයම් කිස
i පෙරබත් කිස
මෙහිදී සිදු කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ අළුයම පිබිද මුව සෝදා පැයක් පමණ නිරෝධ සමාපත්තියට සමවැදීමයි. දෙවන පැයේදී මහකරුණා සමාපත්තියට සම වැදී සද්ධර්මයාගේ පහස ලබා සුවපත් වීමට භාග්‍යවන්තයින් සිටින්නේ දැයි විමසා බලති. එහිදී සුදුස්සෙක් දුටුව හොත් ඔහු හෝ ඇය වෙත වහා වැඩම කරති. ධර්මෞෂධය පානය කරන්නට ලබා දෙති. එකී ලෝකාර්ථචාරී ගමනේදී භාවිත චාරිකා ක්‍රම තුනක් හඳුනාගත හැකිය. එනම්,Iතුරිත චාරිකා - පියෙවි පාගමනින් වැඩම කරවීමII අතුරිත චාරිකා - සෘද්ධියෙන් වැඩම කරවීමIIIතුරිතාතුර චාරිකා - පියෙවි ගමන හා සෘද්ධි ගමන යන දෙකම මගින් වැඩම කරවීම.ඒ අයුරින් පිහිට වීමට කෙනෙකු නොදුටුවහොත් නැවත නිරෝධ සමාපත්තියට ම සම වැද පෙරළා අවධි වී පිණ්ඩපාතය සඳහා වඩිති. කිසියම් පිටත දානාරධනාවක් වූ කල භික්ෂු මහා සංඝයා සමග ඒ නිවස වෙත කොතෙක් දුර පාගමනින් වුවත් වැඩම කරවති. අනතුරුව අනුමෙවෙනි දම් දෙසා ගඳ කිළියට ම වැඩම කරති. මේ අනුව පෙර බත් කිස සපුරා ම වාගේ ලෝකාර්ථ චර්යාවට ම කැප කළ ආකාරය අපට පෙනේ.
II පසු බත් කිස
පෙර බත්කිස නිමා කොට වෙහෙරට වැඩි බුදුන් වහන්සේ ධර්මාසනයේ වැඩ හිඳිමින් භික්ෂූන්ට ධර්මාවවාද කියාදීමට යුහුසුළු වෙති. කමටහන් පවා ලබා දෙන්නේ ද මේ කාලයේ දීය. මෙහිදී කමටහන් ලත් ඇතැමෙක් බුද්ධාවවාද ලබා වෙහෙරෙන් සෙනසුන් කරා වැඩම කරවති. තවකෙනෙක් ඇතැම් විට වෙහෙරට වඩිති. ඉන් අනතුරුව ගඳ කිළියට වඩින බුදුන් බුදුන් වහන්සේ මොහොතක් සැතපීමෙන් මහකරුණා සමාපත්තියට සමවදිති. එහිදී විවිධාකාර ශ්‍රාවකයින්ගේ චිත්ත මනෝ ආකල්පයන් හා ගුණයන් ගැඹුරින් ම දකිමින් යෝග්‍ය වූ ධර්මාවවාද දීමට මග පාදා ගනිති. සවස් භාගය වන විට සිව්වනප් පිරිස ම කැඳවා දහම් දෙසති. එසේම ප්‍රශ්න දහම් ගැටලු සාකච්ඡා කරති.කොපමණ විශාල පිරිසක් පැමිණ සිටියත් බුදුන් වහන්සේ දහම් දෙසන විට එය තමන්ට ම කළ දේශනාවක් ලෙස හැමට ම තේරුම් යෑමට කරුණු යෙදෙයි. මේ අනුව විවිධාකාර සාකච්ඡා, යමාමහ ප්‍රාතිහාර්ය, ස්නානය, මදක් විවේක සුවයෙන් වැඩ හිඳීම ආදි දෑ ද මෙම පසුබත් කිස කාල පරාසය තුළදී සිදු වනු පෙනේ. එසේම ලෝකාර්ථ චර්යාව සඳහා පසු බත් කිස කාලය ද සම්පූර්ණයෙන් ම කැප කර ඇති ආකාරය මේ අනුව වටහා ගත හැකි ය.
IIIපෙරයම් කිස
සවස 6 යේ සිට රාත්‍රි 10 දක්වා කාලය මේ සඳහා වෙන් කොට ඇත. මෙහිදී ධර්ම දේශනා පැවැත්වීම ධර්මය ගැටලු විසඳීම කමටහන් ආවර්ජනා කරවීමට සැලැස්වීම කමටහන් ලබාදීම ලැබූ අධිගමයන් පිළිබඳ විමසා බැලීම ආදී වැදගත් කටයුතු රාශියක් සිදු වන්නේ ද මේ පෙරයම් කිස කාලය තුළදී ය. එසේ හෙයින් පෙරයම් කිස ද බුද්ධ ජීවිතයේ පරහට වැඩ පිණිස ම වෙන් වී ඇති ආකාරයක් පැහැදිලිව ම වටහා ගත හැකි ය.
IV මැදියම් කිස
මෙම කාල සීමාවට අයත් වන්නේ රාත්‍රි 10 යේ සිට රාත්‍රි 2 දක්වා කාල සීමාවයි. බුදුරදුන්ගේ ලෝකාර්ථ චර්යාව මිනිසුන් සඳහා පමණක් ම නොව දෙව් බඹුන් කරා ද විහිදිණ. මෙනිසා මේ කාලයේදී බොහෝ සෙයින් දෙව් බඹ පිරිස පැමිණ බුදු රදුන් සමග ධර්ම සාකච්ඡා පැවැත්වීම හා සතුටු සාමීචි කථා මෙන්ම තම තමන්ගේ විවිධ ගැටලු විසඳාගත් ආකාරය ත්‍රිපිටක සාහිත්‍ය තුළින් හඳුනාගත හැකිය.
V පැසුළුයම් කිස
අලුයම් 2 සිට පාන්දර 6 දක්වා කාලය මෙම පැසුළුයම් කිසට අයත් වේ. මෙම කාල සීමාව ද ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් බෙදා වෙන් කරගෙන බුදු හිමියන් විසින් භාවිත කොට ඇත. එනම්;Iකාලය - සක්මන සඳහාII කාලය - සිංහ සෙය්‍යාවෙන් සැතපීම සඳහාIIIකාලය – නිරෝධ සමාපත්තියට සම වැදීම සඳහා වශයෙනි.මේ අනුව බුදුන්වහන්සේ ගේ මේ දිනචරියාව පිළිබඳ විමසා බැලීමෙන් ද මනාව පැහැදිලි වන්නේ තම ආත්ම සුඛ විහරණය සඳහා යොදා ගෙන ඇත්තේ මුළු දවසින් පැය දෙකක් වැනි ඉතාම සුළු කාලයක් බවයි. දවසේ පැය දෙකක් හැරෙන්නට අනෙක් පැය විසි දෙකම කැප වන්නේ ලෝකයාට පිහිට වීමට නැතිනම් ලෝකාර්ථ චර්යාව සඳහා ය. තවද අවුරුද්දේ වැසි සාර මස හැරුණු විට ඉතිරි මාස අටෙහි ම දඹදිව ගම් නියම් ගම් සැරිසරා බුදුන් වහන්සේ විවිධ දුග් ගැහැට බාධක නොතකා වැඩම කරවන්නේ ද මේ ලෝකයාගේ සුබ සිද්ධිය හා අර්ථ සිද්ධිය අපේක්ෂාවෙන් ම ය.
පුවත්පත් ලිපි ඇසුරිණි